IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඒරාශ්ඨක අපල තිබියදී විවාහය නුසුදුසුද ?

වර්තමානයේ ධනු ලග්න හිමියන්ට ලග්න ඒරාශ්ඨක අපලයක් වෘෂභ ලග්න හිමියන්ට අෂ්ඨම ඒරාශ්ඨක අපලයක් ඇත. ඒත් විවාහවීමට සුදුසු වයසේ සිටියදී විවාහය නුසුදුසු බවට ඇතැමුන් කරන නිර්දේශයන් ප්‍රතික්ෂේප කරමි. මේ නිසා ඇතැම් විට හොඳ විවාහයක් කරගැනීමේ අවස්ථාවන්ද මගහැරී යනු ඇත. 
 
කේන්ද්‍රයේ ජන්ම සඳු සිටින රාශියට 12, 1 - 2 ස්ථානවල සෙනසුරු ගෝචරවීමෙන් ජන්ම ඒරාශ්ඨක අපලය යෙදේ. උපතින් සඳු ධනු රාශියේ නම් ලග්නය ධනුවීමෙන් ඒරාශ්ඨක අපල දෙකක් යෙදේ. මේ සඳහා ජ්‍යතිෂ්‍ය වේදියෙකුගෙන් විමසා දැනගත යුතු වන අතර එය විවාහය සඳහා බලපෑමක් නොකරන්නේ ඒ සඳහා වූ පිළිවෙත් යාතුකර්ම කිරීමෙන් අපල අවම කරගත හැකි නිසාය.  


එහෙත් විවාහ යෝජිත දෙදෙනාටම ඒරාශ්ඨක අපල ඇතිනම් බලවත් යාතු කර්මයක් කළ යුතුව ඇත. බොහෝ සම්බන්ධතා මගින් ඇසුරු කරන යුවලවල්ගේ කේන්ද්‍ර තුළ දෙදෙනාටම ඒරාශ්ඨක අපල යෙදී ඇති අවස්ථා ඇත.   


මෙහිදී විය හැකි අපල ආදීනව තේරුම් කරදී කළ යුතු වත් පිළිවෙත් සඳහා උපදෙස් දීම වැදගත්ය. සෙනසුරු ඒරාශ්ඨක අපලවලදී ජීවිත අවදානම් ඇති අවස්ථාද ඇත. මෙහිදී රන්පතක සකස් කරන ලද ශනි මාර්තුංජය පැළඳීම ආරක්ෂාවට හොඳයි. මේ පිළිබඳව මගේ ලිපියක් අප්‍රේල් මාසයේ ලංකාදීපයේ පළවී තිබිණ.  


බලගතු ආරක්ෂක යන්ත්‍රයක් වූ මෙම යන්ත්‍රය නම, නැකත, ලග්නයට සකස් කළ යුතු නිසා වෙන වෙනම පිළිවෙත් කළ යුතුව ඇත. දැනට කෙරෙන රතන යන්ත්‍රය මෙන් එක්වර යන්ත්‍ර සියයක් පමණ තබා පිරිත් කිරීම වැනි ක්‍රමවේදයක් කළ නොහැක. යන්ත්‍ර දෙකක් නම් වෙන වෙනම පිළිවෙත් කර ආරෝපනය කළ යුතුය. මේ නිසා තරමක අධික මිලක් දැරීමට සිදුවේ.  


දෙදෙනාටම ඒරාශ්ඨක අපල ඇති විවාහපේක්ෂක යුවලගෙන් එක් අයකුටවත් කේන්ද්‍ර පරීක්ෂා කර ශනි මාර්තුංජය පැළඳීම ඉදිරි පැවැත්මට ශුභ දායකවේ.  


බොහෝ හදිසි අනතුරු විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරණය වේ. ඒත් මේවා වළක්වා ගැනීමට බොහෝ ඉඩකඩ ඇති බව පෙනේ. නොසැලකිල්ල, ඉවසීම නැතිකම අප්‍රවේසම නිසා බොහෝ අනතුරු සිදුවේ. එසේම තමාට අපල කාලයක් යයි සිතා කටයුතු කිරීමට ද වැදගත්වේ.  

 

 


ජ්‍යොතිෂ්‍යවේදී  
එ්.ඩබ්. සරත් ආනන්ද  
පැලෑන උතුර,   
වැලිගම. 



අදහස් (0)

ඒරාශ්ඨක අපල තිබියදී විවාහය නුසුදුසුද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 36 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 832 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site