IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


චර්චිල්ගේ පෙම් සබඳතාවක් පිළිබඳ රහසිගත වීඩියෝවක් හමුවෙයි

කැරකෙන ලෝකෙ

 

 

ශ්‍රීමත් වින්ස්ටන් ලෙනාඩ් ස්පෙන්සර් චර්චිල් බ්‍රිතාන්‍යයේ සිටි අගමැතිවරයෙකි. 1940 සිට 1945 දක්වාත්, 1951 සිට 1855 දක්වාත් අගමැති ධුරය හෙබවූ ඔහු දෙවැනි ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍යය ජයග‍්‍රහණය දක්වා මෙහෙයවීය. ශ්‍රීමත් චර්චිල් දේශපාලනඥයකු පමණක් නොව නොබෙල් ත්‍යාගය හිමිකරගත් ලේඛකයෙකි. 
  
වින්ස්ටන් චර්චිල්ගේ බිරිය වූයේ ක්ලෙමන්ටයින් ස්පෙන්සර් චර්චිල්ය. තම බිරියට රහසින් චර්චිල් වෙනත් කාන්තාවක සමඟ සබඳතාවක් පවත්වන ලදැයි 1930 ගණන්වල රාවයක් පැතිර ගිය ද එය සනාථ කළ හැකි සාක්ෂියක් සොයාගත නොහැකි විය.   


දසක ගණනකට පසු චර්චිල්ගේ ආදර සම්බන්ධය කරළියට පැමිණ තිබේ. ඒ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වූ සර් ජෝන් කොල්විල්ගේ පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවක් තුළිනි.   


සර් ජෝන් කොල්විල් මියගියේ 1987 දීය. මිය යාමට වසර දෙකකට පමණ ඉහත කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ලේඛනාරක්ෂකයකු සමඟ ඔහු මෙම සිදුවීම හෙළිදරව් කර තිබේ. චර්චිල්ගේ පෙම්වතිය වූයේ ඩොරිස් කාසල්රෝස් නම් කාන්තාවකි. ඔවුන්ගේ පෙම් සබඳතාව 1933 සිට 1937 අතර කාලයේ පැවැති අතර මැක්සීන් එලියට් නම් නිළියක සතුව දකුණු ප‍්‍රංශයේ තිබූ මාලිගයකදී දෙදෙනා නිතර හමු වී තිබේ.

ඇය මතකයේ රඳවා ගැනීම සඳහා චිත‍්‍ර ශිල්පියකු ලවා ඩොරිස්ගේ උඩුකය චිත‍්‍ර දෙකක් ද චර්චිල් විසින් නිර්මාණය කර එම මාලිගයේ තැන්පත් කරන ලදැයි පැවැසේ.   


1934 දී චර්චිල් විසින් ඩොරිස්ට ලියන ලද ලිපියක් එක්ස්ටර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රිචඩ් ටෝයේ විසින් සොයා ගෙන තිබිණි. එහි චර්චිල් ඩොරිස්ට මෙලෙස ලියා තිබේ.   


“මැක්සීන්ගේ නිවෙසේදී අප දෙදෙනා කෙතරම් සතුටු වී ද? මට ඔබ හමුවීම කෙතරම් සුන්දර ද? ඔබ මට මහඟු ආශිර්වාදයක් මෙන්ම මහද පොකුණට වැටුණු හිරු රැස් දහරකි.” 

 
වින්ස්ටන් චර්චිල් කිසි විටෙක කාමුක පුද්ගලයකු නොවූ බැව් ජෝන් කොල්විල් සඳහන් කරයි. “ඔහුගේ 60 වසරක් පමණ පැරණි විවාහ ජීවිතයට මෙම සුළු සිදුවීමෙන් බාධාවක් සිදු වූයේ නැහැ.

ඔහු දකුණු ප‍්‍රංශයේ ගත කළ කාලයේ චර්චිල් ආර්යාව ඔහු හා සිටියේ නැහැ. මෙම සම්බන්ධය ගොඩනැඟෙන්නට ඇත්තේ ඒ කාලයේ දී විය යුතුයි.”   


ඩොරිස් කාසල්රෝස් ඉතා ධනවත් තාන්තාවකි. මේෆෙයාර්හි ඇය සතුව විශාල නිවෙසක් තිබූ අතර ගමන් බිමන් ගියේ මිල අධික රොල්ස්රොයිස් රථයකිනි. ඇයට දැසිදස්සන් විශාල පිරිසක් සිටියාය. ඇය තම පාවහන් මිලට ගත්තේ ප‍්‍රංශයෙන් හෝ ඉතාලියෙනි. ඒවා කෙතරම් මිල අධික වුව ද දෙතුන් වතාවකට වඩා පරිහරණය නොකළාය. ඇය පෙම්වතුන් කිහිප දෙනකු ඇසුරු කළ කාන්තාවක බව පැවැසේ.   


පෙම් සබඳතාව බිඳ වැටීමෙන් පසු ඔවුන් දෙපළ 1942 දී ඇමෙරිකාවේදී යළි හමු වූහ. එහිදී ඇය තම උඩුකය සිතුවම්වල හිමිකාරීත්වය තමාට ලබා දෙන ලෙසටත්, ඒවා රැගෙන යාමට බ්‍රිතාන්‍යයට පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත් තම පැරණි පෙම්වතාගෙන් ඉල්ලා සිටියාය. එම සිතුවම් වැරදි පුද්ගලයකු අත පත් වුවහොත් ඇමෙරිකා එක්සත් ජනපදය හා මහා බ්‍රිතාන්‍යය අතර සබඳතාවට බලපෑමක් ඇතිවිය හැකි යැයි එවිට චර්චිල් ඇයට අනතුරු අඟවා තිබේ.   


මෙම සම්බන්ධය ඉව වැටුණු චර්චිල්ගේ පුත‍්‍රයකු වූ රැන්ඩොල්ෆ් චර්චිල් වරින් වර ඇයට ඇනුම්පද එල්ල කළ බව ද පැවැසේ. කෙසේ වුව ද 1942 ඇමෙරිකාවේදී චර්චිල් හමුවී දෙමසකට පසු ඩෝචෙස්ටර් හෝටලයේදී ඖෂධ අධිමාත‍්‍රාවෙන් ගැනීමෙන් ඩොරිස් මරණයට පත් වූවාය.   


මෙම වීඩියෝ පටයේ දැක්වෙන කරුණු සත්‍ය බවට ඩොරිස් කාසල්රෝස්ගේ මිනිබිරියක හා නිරූපිකාවක වන කැරොලයින් ඩිලීවිං විසින් ද සනාථ කර තිබේ. “මේ වීඩියෝ පටයෙන් පැවැසෙන කරුණු සත්‍යයක්. චර්චිල් ඇය බලන්නට පැමිණෙන දිනවලට මාලිගයේ සේවකයන්ට දිනෙක නිවාඩුවක් දුන්නා යැයි ඩොරිස් මගේ මව සමඟ කියා තිබුණා.” යැයි අැය පවසයි.   


මෙම වීඩියෝ පටය හෙළිදරව් කරගෙන ඇත්තේ ඇබරෙස්විත් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වන වොරන් ඩොක්ටර් විසිනි. “මෙම වීඩියෝ පටය වසර ගණනක් පුරා රහසිගතව තිබුණා. එය කාලබෝම්බයක් බවට පත් වූයේ චර්චිල්ගේ රහසිගත සම්බන්ධය කරළියට පැමිණීමත් සමඟයි.” යනුවෙන් සඳහන් කරයි. මෙම වීඩියෝව චැනල් 4 නාළිකාව ඔස්සේ මාර්තු 4 දින රාත්‍රී 8ට විකාශය වීමට නියමිතය.   

 

 

 

 

 


ඩේලිමේල් ඇසුරිනි.   
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා   



අදහස් (0)

චර්චිල්ගේ පෙම් සබඳතාවක් පිළිබඳ රහසිගත වීඩියෝවක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31286 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13480 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10992 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 100 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 929 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site