IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


“ඉරගිනි මද්දහන රටේ සෑම කාන්තාවක්ම නැරඹිය යුතු කතාවක් ”

ඇයගේ තරුණකම බිලිගත් පසුත් තම දිවිය කඳුළකට සීමා නොකර දිරියෙන් ජීවිතය ජයගත්  අනෝරා වැස්සටත් ඉහළින් පියා සැලූ රාජාලි රැජිනක් බඳු කඳුළු මායිම් නොකළ ගැහැනියගේ දිරිය කතාව  "ඉරගිනි මද්දහන" මේ දිනවල රූපවාහිනි තිරයේ ඉහළ ප්‍රෙක්ෂක ප්‍රතිචාර මද්දේ ප්‍රෙක්ෂක ආලින්දයට ගෙනැවිත් ඇත.  තරංගා දිසානායකගේ කඳුළු කුණාටුව නව කතාව ඇසුරින්  ප්‍රවීණ  නිර්මාණවේදි ලලිත් රෝහිත එදිරිසිංහගේ අධ්‍යක්ෂණයෙන්  කරන  නවතම ටෙලි නාට්‍ය වන ඉරගිනි මද්දහන පිළිබඳ ලලිත් රෝහිතයන් සමඟ කතාබහකට ඉඩකඩ වෙන් වූයේ මෙලෙසිනි.

  • ඉර ගිනි මද්දහන ඔබේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය ද?

ඉරගිනි මද්දහන කියන්නේ මගේ තුන්වෙනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය. පාටපිහාටු  මගේ පළමු ටෙලි නාට්‍ය තවත් ටෙලි නාට්‍යයක් කළා. ඒක තවම විකාශය වුණේ නැහැ. ඊට අමතරව මම චිත්‍රපටි දෙකක් මේ වන විට අධ්‍යක්ෂණය කරලා තියෙනවා ඉන් තට්ටු දෙකේ ඉස්කෝලේ ලෝකය පුරා ප්‍රේක්ෂකයන් අතරට ගිය නිර්මාණයක්. විවර්ණා අලුත් චිත්‍රපටයි ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා.  

  • ඉර ගිනි මද්දහන නිර්මාණය වෙන්නේ  කොහොම ද?

රාජ්‍ය සම්මාන දිනපු ලේඛිකාවකු වනතරංගා දිසානායකගේ හැම පොතක්ම මම කියවලා තියෙනවා. ඒත් ඇගේ පොත්වලින් මගේ හිතට වැඩිපුරම දැනුණු පොත තමයි කඳුළු කුණාටුව කියන නව කතා පොත.  මීට වසර 11-12   කට විතර ඉහතදි කඳුළු කුණාටුව කියවලා ඉවර වුණු මොහොතෙම හිතුවේ මම කවදාහරි මේක ටෙලිනාට්‍යයක් කරනවා කියලා. ඒ හිතපු විදිහටම කළා. නමුත් ටෙලි නාට්‍යය විකාශය කර ගන්න රූපවාහිනි නාළිකාවක් සොයාගන්න ලොකු කට්ටක් කන්න වුණා. දැන් ගොඩක් තියෙන්නේ අවර ගණයේ නිර්මාණවලට තැන දීලා ගුණාත්මක නාට්‍ය නිර්මාණ පසුපසට යවන ස්වාභාවයක්.  

ඒ ඇති වුණ කලකිරිමත් එක්ක ආයේ ටෙලිනාට්‍ය කරන්නේ නෑ කියන තැනටම වැටුණා. ඔය අතරතුරෙදි තමයි ජාතික රූපවාහිනියෙන් ඉරගිනි මද්දහන වෙනුවෙන් වෙලාවක් වෙන් කරලා දුන්නේ. ටෙලිනාට්‍ය වෙනුවෙන්ම පොත අාශ්‍රිතවම අවස්ථානුකුලව තරංගා මහත්මිය නැවතත් පිටපත් ලිව්වා. මේ නාට්‍යයේ නිෂ්පාදන කටයුතු කළේ  කැලුම් විජේසූරිය. 

  • පොතේ තිබුණ රසයම නාට්‍යයෙන් ගේන්න හිතපු තරම් පහසු වුණාද?

ප්‍රවීණ නිර්මාණවේදී 
ලලිත් රෝහිත එදිරිසිංහ


 

ටෙලි නාට්‍ය දැනට කොටස් 18 ක් පමණ කරලා තියෙනවා. කොටස් 60 පමණ දක්වා යන්න බලාපොරෙත්තු වෙනවා. ඇත්තටම පොතක් ටෙලිනාට්‍යයක් කරන එක තරමක් අභියෝගාත්මකයි. මොකද පාඨකයා පොතක්  කියවද්දි චිත්ත රූප මවාගෙන තමයි කියවන්නේ. පාඨකයෝ හිතින් මවාගෙන ඉන්න රූප සජීව මවන එක හිතන තරම්ම ලේසි නැහැ.  පාඨකයා මවාගන්නා චිත්ත රූපවලට හානියක් නොවන විදිහට තිරය ඉදිරියේ චරිතයක් මැවීම බොහොම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. පොතේ රසට වඩා ඒ චරිතවලට සජීවි රසයක් එකතු කරන්න ගත්ත උත්සාහය සාර්ථකයි කියලා ලැබෙන ප්‍රතිචාරවලින් දැනෙනවා.

  • මෙහි රූගත කිරිම් වෙන්නේ රටේ නිර්මාණ කරන්න තියා ජීවත් වෙන්නත් මහා සටනක් කරපු අරගල කාලේ?

ඔව් රටේ තෙල් හිඟ කාලේ තමයි මේ නිර්මාණයේ රෑගත කිරිම් පටන් ගත්තේ. රූගත කිරිම් කළේ මහව ප්‍රදේශයේ දැදුරු ඔය ජලාශය අාශ්‍රිතව. ඒ පළාතත් ගොඩාක් දුෂ්කර පළාතක්. අපේ පසුතලයටත් නතර වුණ තැන ඉඳලා කිලෝ මීටර් හය හතක් තිබුණා. වාහනවලට ගහන්න තෙල් නෑ. අනේ ඉතින් එහෙමයි කියලා අපේ වැඩේ නතර කරේ නෑ අමාරුවෙන් ඇදන් ගියා. නළුනිළියන්ගේ ඉඳලා කණ්ඩායමේ හැම කෙනාගේම ලොකු සහයෝගයක් ලැබුණා. නළුනිළියන් මේකප් දාගෙන බඩුත් උස්සන් සැතපුම් ගණන් පයින් තමයි ලොකේෂන් වලට ගියේ. සමහර දවස් වලට කොළඹ යන්න තෙල් නැති නිසා දවස් ගණන් නතර වෙලා ඉන්න වුණා ලොකේෂන් වලම. ඕනම දේකට කැපකිරිමක් කරන්න පුළුවන් රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් මට ලැබුණා.

  • ඔබේ පෙර නිර්මාණවලත් පසුතල නිර්මාණ වුණේ  ග්‍රාමියව. ඇයි එවැනිම පසුතල තෝරගන්නේ?

මම වැඩියෙන්ම දන්නේ ඒ පොෙළාව ගැන. මම ඒවගේ දුෂ්කර බිමක පැළවෙච්ච කෙනෙක්. මගේ ජීවිතේට සම්බන්ධ අත්දැකීම් තමයි මේ නිර්මාණ වටා තියෙන්නේ. මම වගේ නවකයෙක් නොදන්නා දේට වඩා දන්නා තැනින්  පටන් ගත්තා සරලයි පහසුයි. ඒ පළාත් වල මිනිස්සුන්ගේ සජීවි අත්දැකීම් සිතුම් පැතුම් මම සජීවිව අත්දැකලා තියෙනවා. ඒ හැඟීම් මමත් විඳලා තියෙනවා. එතකොට මට ඒ හැඟීම් තිරයට ගේන්න පහසුයි.  "ඉරගිනි මද්දහන කතාව දිගහැරනේනේ මේ මහපො​ෙළාවේ පය ගහලා ජීවත් වෙන කාන්තාවක් ගැන. මේක රටේ සෑම කාන්තාවක්ම නැරඹිය යුතු කතාවක් කියලයි මම හිතන්නේ. සමන්තා කියන්නේ අනේක විදි බාධක හමුවේ නොසැලී සෑම අභියෝගයකටම අභියෝගයටත් වඩා ඉහලින් ප්‍රතිචාර දක්වන ගැහැනියක්. ආදරය හමුවේ ඇයත් ජීවිතේ වරද්දගන්නවා. හැබැයි ඇය කඩා වැටුණේ නැහැ. කොයි තරම් ප්‍රශ්න ආවත් මොන පැත්තකින් හරි නැගිටින්න පුළුවන් කියන එක තමයි දිරිය හැහැනියක් විදහට සමන්තා මේ සමාජයට දෙන්නේ.

  • තෝරා ගත් නළු නිළියන් පිළිබඳව ඔබ තෘප්තිමත් ද?

ඉතාම දක්ෂ සහ ඕනෑම දේකට ඔරොත්තු දෙන නළුනිළි පිරිසක් මට ලැබුණා. කිසිම බේදයක් නැතුව හරිම එකමුතුවෙන් වැඩේ කරගෙන යන්න ඔවුන්ගෙන් ලැබෙන සහය විශිෂ්ටයි. තරින්දි ප්‍රනාන්දු, සුබුද්ධි ලක්මාලි, ධනංජය සිරිවර්ධන, චමීර ලියනගේ, අවන්ති අපොන්සු, නයනා රඹුක්කන,ලෝචනා ඉසුරින්දි, සම්පත් කරුණාරත්න,ඇතුළු නළුනිළි පිරිසක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.

  • මෙහි ප්‍රධාන භූමිකාව වන්නේ සමන්තා. පොතේ දැකපු සමන්තාව  තරින්දිගෙන් ගන්න පුළුවන් වුණා කියලා හිතනව ද?

සියයට සියක්ම මගේ තෝරාගැනීම සාර්ථකයි. පොතේ ඉන්න සමන්තාටත් වඩා ශක්තිමත් ගැහැනියක් හැටියට තරින්දිගේ නිරූපණය ඇය දුන්නා. තරින්දිව මේ චරිතයට තෝර ගත්තේත් මම ඇයගේ කුඩා කාලේ පවුල් පසුබිම මම දැනගෙන හිටියා. තරින්දිගේ මවගේ ජීවිත කතාව දැනගෙන හිටියා. ඒ කතා එක්ක මේ සමන්තාගේ ධෛර්යයි තරින්දිගේ අම්මාගේ ධෛර්යවන්ත භාවයන්  එක සමානයි. මේ චරිතේ කිව්වාම තරින්දි බොහොම සතුටින් භාරගත්තා.  

  • ඔබත් කාන්තා පුවත්පතක කතෘ වරයෙක් විදිහට ඒ අත්දැකීම කොහොමද්‍ නිර්මාණ වලට දායක කරගත්තේ?

කාන්තා පුවත් පතක ඉන්න නිසාම කාන්තාවන් මේ සමාජයේ ලක්වන සමාජ අසාධාරණකම් ,ජීවිතේ වරද්දගන්න තැන්, ප්‍රශ්න කාන්තාවන්ගේ සිහින බලාපොරොත්තු ගැන අත්දැකීම් හැගීම් මට පුවත්පත හරහා තේරුම් ගන්න අත්දකින්න අවස්ථාව ලැබිලා තියෙනවා. කාන්තාව කියන්නේ කවුද කියලා මම හරියට ඉගෙන ගත්තේ කාන්තා පුවත්ප​ෙත් රැකියාව නිසා. ඉරගිනි මද්දහනේ සමන්තා කියන චරිතෙත් මට මේ සමාජයේ මුණගැහිලා තියෙනවා. මම ඒ අත්දැකපු දේවල් නිර්මාණවලට ලොකු රුකුලක් විදිහටයි මම දකින්නේ.

  • පෞද්ගලික තොරතුරු ටිකකුත් කියමු?

මගේ බිරිඳ ගුරුවරියක්, මට දියණිවරුන් දෙදෙනෙක් ඉන්නවා.දුවලා දෙන්නම සමනල සිරස වැඩසටහනේ නිවේදන කටයුතු කරනවා. මගේ කලා ගමන යන්න බිරිඳගෙන් හොඳ ලොකු ශක්තියක් ලැබෙනවා.


නදීශා අතුකෝරළ


 



අදහස් (0)

“ඉරගිනි මද්දහන රටේ සෑම කාන්තාවක්ම නැරඹිය යුතු කතාවක් ”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site