IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


හරිත සාගරයේ අසිරිමත් ජීවිත

‘සමුදුරු සුවිසැරිය’ 
ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිණි

භෝජන සංග්‍රහය 


ලෝකයේ සියලු හරිත සාගර එක් කළත්, ඒ සැම පරදවන ජීවයෙන් පිරුණු, ‘හිටිහැටියේ පහළ වන’ හරිත සාගර ද ඇත. මුහුදු තණ පිට්ටනි, කඩොලාන වනාන්තර, කෙල්ප් වනාන්තර මෙන් නොව, මෙම ‘හිටිහැටියේ පහළ වන’ හරිත සාගර දකින්න ලැබෙන්නේ විවෘත සාගරයේය. මේ හරිත සාගරය වචනයේ පරිසමාප්තියෙන්ම කොළ පැහැයෙන් යුක්තය. සාගරය පෙනුමින් කොළ පැහැයෙන් දිස් වන්නේ, කෙල්ප් ඇල්ගී වනාන්තර නිසා හෝ මුහුදු තණ කොළ නිසා හෝ නොවෙයි. කොළ පැහැයෙන් ක්ෂුද්‍රජීවී ප්ලාවාංග හේතුවෙනි. බිලියන ගණනින් මේ අයුරින් මුහුදේ ප්ලාවාංග එක් රොක් වීමත් සමඟ මහා භෝජන සංග්‍රහයක් ද ඇරැඹේ. 

 

හාල්මැස්සෝ 


ඇමෙරිකාවේ පැසිෆික් වෙරළ තීරයට එක්රොක් වන ඩොල්ෆින්ලා, ප්ලාවාංග ඇති තැනට වේගයෙන් පිහිනා එති. ප්ලාවාංග ඇති තැනට පිහිනා එන්නේ ඩොල්ෆින්ලා පමණක් නොවෙයි. සීල් මසුන් ද රංචු පිටින් එතැනට පිහිනයි. ඊට අමතරව, මුහුදු ලිහිණියෝ ද මෙතැනට එක්රොක් වෙති. මොවුන් සැමගේ ගමනාන්තය ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ මොන්ටාරේ බොක්කය. දැන් මෙම මුහුදු සීමාව කොළ පැහැ​ෙයන් දිදුළයි. ඒ, ප්ලාවාංග හේතුවෙනි. බිලියන ගණනක් ප්ලාවාංග ආහාරයට ගැනීමට මිලියන ගණනින් හාල්මැස්සන් මෙතැනට පැමිණෙයි. ඩොල්ෆින්ලා, මුහුදු සිංහයන් පමණක් නොව මුහුදු ලිහිණියන් මෙතැනට පැමිණෙන්නේ මේ හාල්මැස්සන් ගොදුරු කර ගැනීමටය. ඩොල්ෆින්ලා හාල්මැස්සන් වට කරමින් උන් ආහරයට ගනිද්දී, සීල් මසුන් හාල්මැස්සන් රංචුවට පහර දෙන්නේ දිය යටට ගොස් පහළ සිට ඉහළට පැමිණෙමිනි. මුහුදු ළිහිණියන් ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින්, හාල්මැස්සන් එකා දෙන්නා බැගින් ආහාරයට ගැනීම සිදු කරයි. තම තමන්ට හැකි තරමින් කුස පුරවා ගැනීම කාගේත් අරමුණය. ඊට හේතුව තවත් යෝධයන් පිරිසක් ද මෙහි පැමිණෙන බැවිනි. ඔවුන් පැමිණියහොත්, භෝජන සංග්‍රහය ඉක්මණින්ම අවසන් වෙයි. ඒ, යෝධයන් මොල්ලි තල්මසුන්ය. මොල්ලි තල්මසුන් සියයකින් පමණ සමන්විත රංචුවක් හාල්මැස්සන් ආහාරයට ගැනීමට පැමිණ සිටී. ලොව විශාලතම භෝජන සංග්‍රහය ඒ අනුව අවසන් වෙයි. 

 

සාගරය විස වෙලා 


ක්ෂුද්‍රජීවී ප්ලාවාංග, සාගරයටත් සාගරවාසීන්ටත් නැතිවම බැරි දෙයකි. සාගර ජීවීන්ගේ ජීවනාලිය ලෙස ප්ලාවාංග සැළකිය හැකිය. ඒත් අවාසනාවකට, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සාගර දූෂණය දිනෙන් දින ඉහළ යයි. සාගරයට නිරන්තරයෙන් ප්ලාස්ටික් ආදී විස මුසුවෙයි. සාගරය දිනෙන් දින දූෂණයට ලක් වෙද්දී ප්ලාවාංග මියයයි. ඒ සමඟ සාගර ජීවීන්ගේ අභාවය ද සිදුවෙයි. අන්තර් ජාතික ගවේෂණ කණ්ඩායමකට එක් වුණු සාගර ජීව විද්‍යාඥයෝ සහ භූ විද්‍යාඥයෝ පිරිසක්, පසුගිය දිනෙක ලොව ගැඹුරුම ස්ථානය ලෙස සැළකෙන මරියානා අගාදයේ එක් කොටසක් ගවේෂණයක යෙදුණාහ. අඩි 36,000 ක් ගැඹුරේ එක් ස්ථානයක සිදුකළ ගවේෂණයට විද්‍යාඥයෝ, දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක කුඩා කුමුඳු (ප්‍රමාණයෙන් කුඩා ඩ්‍රෝන සබ්මැරීන) කිහිපයක් යොදා ගත්හ. මූදු පතුළ සෙමින් සෙමින් පරීක්ෂාවට ලක් වෙද්දී, අසාමාන්‍ය ජීවීන් ද සමඟ තවත් ඇඟ කිළිපොළා යන දෙයක් විද්‍යාඥයන්ට දකින්න ලැබුණි. ඔවුන් දුටුවේ ප්ලාස්ටික් ෂොපින් බෑගයකි. අප වෙළෙඳසැල්වලට ගොස් බඩු පුරවාගෙන එන ප්ලාස්ටික් ෂොපින් බෑගයකි. ෂොපින් බෑගයට අමතරව, මිනිසා විසින් බැහැර කරන ලද කුණු තොගයක් ද මරියානා අගාධයේ තැම්පත් වී තිබෙනු වැඩිදුර ගවේෂණය කරද්දී, විද්‍යාඥයන්ට දකින්න ලැබුණි. සාගර දූෂණය ඉවහවා ගොස් ඇති බවට මෙය හොඳ නිදසුනකි. මිනිසාගේ ‘කුණු’ සාගරයට තර්ජනයක් වී හමාරය. 

 

 

 

 

 

 


ලුසිත ජයමාන්න 
බ්ලූ ප්ලැනට් 2 ඇසුරිනි



අදහස් (0)

හරිත සාගරයේ අසිරිමත් ජීවිත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1839 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 586 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 674 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site