ප්‍රියසාද් පවුලේ හැමෝම වගේම, ඇයගේ යහළු-යෙහෙළියන් ඇය අමතන්නේ ‘ෂැඩෝ’ යන ආදරණීය නාමයෙනි. ඇයගේ රසික පිරිස වගේම ඇයට ආදරය කරන බොහෝ දෙනා ඇයගේ පෙනුම සම කරන්නේ බොලිවුඩ් තරුවක් වන ‘කරීනා කපුර්’ වගේ යැයි කියාය. ඒ විදිහට හැමෝම ආදරය කරන ෂැඩෝ හෙවත්, ‘ශේෂාද්‍රි’ මේ දිනවල යළිත් ටෙලි නාට්‍ය රංගනයට එක්ව සිටින්නීය. ඒ විස්තර ගැන කෙටියෙන් අපි ඇය එක්ක කතා කරමු.!
වයස අවුරුදු 6 ඉඳලා ඒ නම තමයි මට ඉතින් රෙජිස්ටර් වෙලා තියෙන්නෙ. මාව ළඟින්ම ආශ්‍රය කරන අය තාමත් මට එහෙම කියනවට මම ආසයි. මාව දන්නා නැති අය මට ෂැඩෝ කියලා කතා කරද්දී මට ඒක ටිකක් නුහුරුයි වගේ දැනෙන්නෙ.
ඉස්සර මම නිතරම තාත්තගෙ ඇඟේ දැවටෙමින් හිටියෙ. කොහේ ගියත් තාත්තගෙ අතේ එල්ලිලා හිටියෙ. තාත්තාගෙ ‘ෂැඩෝ’ එක කියලා ගෙදර අය කියන්න පටන් ගත්තා. තාත්තා කතා කරන්න ගත්තෙ ෂැඩෝ කියලයි. ඒ විදිහට මම එදා ඉඳලා ෂැඩෝ වුණා. ගෙදර අය එහෙම කතා කරන්න පටන් ගත්තාම මම ගිහින් ඉස්කෝලේ මගේ යාළුවන්ට කිව්වෙ මගේ පෙට් නේම් එක දැන් ෂැඩෝ, ඉතින් ඔයාලත් අද ඉඳලා මට එහෙම කතා කරන්න කියලයි. අදටත් ඉස්කෝලේ යාළුවෝ කියන්නෙ. ‘ෂැඩෝ’ කියලයි.
දුව හම්බවෙලා දැන් අවුරුදු දෙකක්නෙ. දැන් මට මගේ සිරුර ගැන, ආහාර පාලනය ගැන හිතන්න කාලය හරි. හොඳට වතුර බොනවා. සමබල ආහාර වේලක් ගන්න උත්සාහ ගන්නවා. ඒ ඔක්කොටමත් වඩා මම මගේ පාඩුවෙ, කාගේවත් දේ ගැන හොයන්නෙ නැතුව ඉන්න කෙනෙක්. මානසිකව එතකොට ලොකු නිදහසක් දැනෙන්නෙ. ඒ වගේම ගෙවී ගිය කාලයේදි මට අත්හැරුණු - මග හැරුණු කටයුතු තියෙනවා. ඒත් ඒවා ගැන කලකිරීමක් නැතුව ලැබෙන සහ ලැබුණු දේ ගැන තෘප්තිමත්ව ජීවිතේ ගෙවන කෙනෙක්. ඒ වගේම ‘බබා’ එක්ක ගත කරද්දී ජීවිතයට දැනෙන සැහැල්ලුව අපමණයි. ඒ වගේ දේ එක්ක ඇතුළාන්තය ලස්සන වෙන විට බාහිරව ඒ ලස්සන පෙනෙනවා ඇති.
බොහෝ දෙනෙක් එහෙම කියලා තියෙනව නම් තමයි. කරීනා කියන්නෙ කලාවේ ඉහළ තැනක සිටින, දක්ෂ සුන්දර චරිතයක්. එයාගෙ මම අාසා කරන චරිත රංගනයන් කීපයක්ම තියෙනවා. ඉතින් ඒ සියලු දේ දිහා බලද්දී එහෙම කියද්දි මට සතුටක් දැනෙන්නෙ. රංගන ශිල්පිනියක් ලෙස මට ලැබෙන චරිතවලදි ඒවා හොඳින් කිරීමට මාත් උත්සාහ ගන්න කෙනෙක්.
මම හිතන්නෙ මිනිස්සු විදිහට අපට තිබිය යුතු ඉහළම ගුණාංගයක් නිහතමානිකම. මගේ පවුලෙන් ගත්තොත් මට ඒ නිහතමානී බව ලැබිලා තියෙන්නෙ මව්පියන්ගෙන්. එයාලා බොහොම සරල - සාමාන්‍ය මිනිස්සු. ඒ ගුණාංගය එයාලගෙ දියණියන් වන අපි තුන්දෙනාටත් පිහිටලා තියෙනවා. මිනිස්සු අපට ආදරය කරන්නෙ අපි කලා ක්ෂේත්‍රයේ කරලා තියෙන වැඩවලට. ඉතින් අපිත් මිනිස්සුන්ට ගෞරව කළ යුතුමයි. ඕනෑම කෙනෙකු නිහතමානි විය යුතුයි වගේම තමන්ගෙ දරුවන්ටත් කියා දිය යුතු දෙයක්.
අන්තිමට රඟපෑවෙ 2021 දී ‘චමිල්’ පතිරණගෙ වන්ස් අපෝන ටයිම් (Once Upon a Time) නිර්මාණයේ. ඉන්පසුව තමයි ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්ෂණය කරන මේ ටෙලිනාට්‍යයේ රඟපාන්නෙ. මේ නිර්මාණයෙ නම ‘කවියකි නුඹ’. මම රඟපාන තුන්වැනි ටෙලි නිර්මාණය.
විවාහය එක්ක, සැමියාට තියෙන ආදරය ගෞරවය එක්ක හොඳ විවාහයක් ගත කරන කාන්තාවකගෙ චරිතයක්. ඒත් ඇයට හමුවෙලා තියෙන්නෙ ‘කපටි සැමියෙක්’. ටික කාලයක් යද්දී ඇය අසනීප වෙනවා. ඉතින් එහෙම ඉන්න කොට ජීවිතය එපා වී තිබියදී ඇයට ආදරයක් හමුවෙනවා. ඒ ආදරය එක්ක ආයෙත් ඇයට ලස්සන ජීවිතයක් ලැබෙනවා. ‘රෝද පුටුවේ’ සිට වැඩිපුර කාලයක් රංගනයේ යෙදෙන්න වුණා. ඒකත් මට ලොකු චැලේන්ජ් එකක් වුණා. මෙය විකාශය වෙද්දි ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මම බලාගෙන ඉන්නෙ.
‘විර්යා’ සහ ‘සිහිනයකි ආදරේ’ තිරගත වුණා. තව ෆිල්ම් දෙකක් තිරගතවෙන්න තියෙනවා. ඒ විදිහට රඟපෑ චිත්‍රපට තිරගතවීම ප්‍රමාදවීම රඟපාන අයට ලොකු පාඩුවක්. බොහෝ විට අපි රඟපාන්නෙ ඒ වයසට, ඒ ඒ කාලවලට ගැළපෙන විදිහටනෙ. ඉතින් සෑහෙන කාලයක් ගිහින් ඒවා තිරගත වුණාම, රංගන ශිල්පිනියක ලෙස පුද්ගලිකව ගත්තොත් ලොකු පාඩුවක්. වයස 18 දී විතර රූගත කිරීම් කළ ෆිල්ම් එකක් තවම රිලීස් වෙලා නැහැ. දැන් මගේ වයස 33ක්. ඉතින් දැන් ඒ වගේ ෆිල්ම් එකක රඟපානවා නම් ඒවායේ චරිතයක් මට කරන්න බැහැ. මේ වගේ දේ නිසා අපට – අපේ රංගන පරාසය ගැන දියුණුව ගැන දැනගන්න නොලැබෙන අවස්ථා තියෙනවා.
සඳුන් ගමෙග්
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ෂැඩෝ ආයෙත් ටෙලි රංගනයට - SHESHADRIE Priyasad