විකාශය කෙරෙන අහස් නාට්‍යයේ රවීෂා, විසේකාරී - නාට්‍යයේ - ඉෂාරා සහ අලුතින්ම විකාශය වන ජුරාලියා නාට්‍යයේ - ගරු විහාරා ඉද්දමල්ගොඩ නමින් චරිතයක් රඟපාන, සඳනි ප්‍රනාන්දු මේ දිනවල වැඩි දෙනා අතර කතාබහට ලක්වන ශිල්පිනියකි. ඒ කාර්යබහුලව ගෙවන රංගන ජීවිතයේ විරාමයක් ලද මොහොතක සඳනි ‘‘සඳැල්ල’’ සමග කතාබහට එක්වූ අයුරුයි මේ.
ජුරාලියා නාට්‍යයේ දේශපාලන කාන්තාවක ලෙස රඟපාන්න ලැබුණු චරිතයට මම ආසයි. ඒ වගේ චරිතයක් මීට පෙර කරලා තිබුණෙ නැහැ. ඒ වගේම විසේකාරි නාට්‍යයේ - ඉෂාරාගෙ චරිතයටත් ආසයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන සුන්දර සිසුවියකගෙ චරිතයක්. අහස් එකේ චරිතයත් රඟපාන්නෙත් බොහොම ආසාවෙන්.
නිළියක ලෙස ප්‍රේක්ෂකයින් අතරට මට එන්න පුළුවන් වුණේ හාරකෝටියෙ ‘‘රශ්මිගෙ’’ චරිතයෙන්.
රංගනයට අමතරව ටී.වී. දැන්වීම් නිරූපණය සහ ෆිල්ම්ස් වලට දායක වෙනවා. 1970 ලව් ස්ටෝරි ෆිල්ම් එකේ රඟපෑවා.
රූපවාහිනියෙ අවුරුදු කුමාරිය තරගයට ඉදිරිපත් වෙලා දෙවැනි ස්ථානය ලබාගැනීමත් සමග තමයි රඟපෑමට අවස්ථාව ලැබුණේ. එහෙම නොවෙන්නට, රඟපෑමේ අරමුණක් නම් මට තිබුණෙ නැහැ. මම ඉගෙන ගත්තෙ කොමර්ස් අංශයෙන්. ඒ අංශයෙන් ඉදිරියට යාම හැර වෙන අරමුණක් තිබුණෙ නැහැ. කොමර්ස් කළ නිසා ඒ අංශයෙන් ජොබ් එකක් කිරීමේ අරමුණ තිබුණෙ. නිළියක් වීමට නම් එදා කොහොමටත් අරමුණක් තිබුණෙ නැහැ.
ඇය පිරිසක් පාලනය කරගෙන අණ දෙමින් සිටින තැනැත්තියක්. ඒ වගේම මම මෙතෙක් රඟපෑ චරිත අතරින් වෙනස් චරිතයක්. ඒ නිසා ඒ චරිතයට ආසයි.
ඒ විදිහෙ ස්වභාවයක් ටිකක් විතර මට තියෙනවා. නැතුවාම නෙවෙයි. ඒ නිසාමද කොහෙද ‘‘ජුරාලියා’’ මිනිස්ටර් වෙන්න මට පහසුවක් වුණා.
එයාත් බොහොම කාර්යබහුලයි. අපට නිතර කතා කරන්න ලැබෙන කාලය පවා අඩුයි. මගෙ සෑම වැඩකටම සපෝට් කරනවා. ඒවා නරඹනවා.
අපි දෙන්නගෙ සම්බන්ධය වසර හතරක් විතර වෙනවා. මොන ප්‍රශ්න ආවත් අපි අවබෝධයෙන් කටයුතු කරන්නෙ. ප්‍රශ්න එන්නැත්තෙ නැහැනෙ. ඒවා විසඳාගෙන අපි මේ තරම් දුරක් ආවා. ඉතාම පුද්ගලික ප්‍රශ්න ආවාම අපි දෙන්නා විතරක් ඒවා කතාබහ කරගෙන විසඳා ගත්තා. අපි ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒ ප්‍රශ්න මැද්දෙ එකිනෙකා අත්හරින්නෙ නැතුව, හරි ආදරෙන් තේරුම් අරගෙන සිටියා. විශ්වාසය සහ තේරුම් ගැනීම නිසා අපට මේ තරම් දුරක් එන්න පුළුවන් වුණා.
එක එක වෙලාවට ස්වභාවයන් අනුව දැනෙන විදිහ වෙනස්. තරහක් ඇතිවූ වෙලාවක දුකක් ඇති වූ විට, ආදරය අසුන්දරයි. ආදරණීයව සතුටින් සිටියදී ආදරණීයයි. ඉතින් ඒ විදිහට ඒ මොහොත අනුව ආදරය දැනෙන විදිය වෙනස් වෙනවා.
මම හිතන්නෙ මම හරිම ආදරණීය චරිතයක්. විවෘතව හිතන, විවෘත විදිහට කටයුතු කරන කෙනෙක්. පටු විදිහට හිතන පටු තීරණ ගන්න කෙනෙක් නෙවෙයි. සෑම දෙයක්ම තේරුම් ගෙන කටයුතු කරන්නෙ. ඒ සෑම දෙයක් එක්ක බලද්දි මම ආදරණීය චරිතයක්.
තේරුම් ගැනීම.
මම එයාගෙ වැඩවලට බලහත්කාරයෙන් මැදිහත් වෙන්නෙ නැහැ. උදව්වක් ඉල්ලුවොත් කරනවා. එයාගේ මියුසික් වීඩියෝවලට ගන්න ශිල්පීන් තෝරා ගන්නෙ එයා සහ මියුසික් වීඩියෝව අධ්‍යක්ෂණය කරන කෙනා. ‘‘සඳනි’’ අවශ්‍යයි කිව්වොත් මම ඉන්නවා. නිර්මාණයට ලැබිය යුතු තෝරා ගැනීම කළ යුතුය කියලයි මාත් හිතන්නෙ.
බඳිමු සුදා, සීදේවි, ප්‍රියාවි ඇතුළු කීපයකටම දායක වුණා. ඒවා ඔක්කොම මිලියන ගණනක් නැරඹුම් වාර ඇති වීඩියෝ.
එහෙම තමයි ඉතින්.....
මගෙත් සෑම වැඩකටම සපෝට් කරන නිසා මගේ ජීවිතේ සෑම දෙයක්ම එයා තමයි.
සමහර විට එයා එක්ක ඒ සංචාරයට එකතු වෙනවා. සමහර අවස්ථාවලදී ‘‘ආදරේ මා නමින්’’ ගීතය වෙනුවෙන් යනවා. ඒ ගීතය ගයන්නෙ අපි දෙන්නා.
දඟකරනා සිත සොයනා රස
මුව මී මල් ගොමුවේ
විඳගන්නට ඉඩ දෙනවද මට
දැවටී මා සුරතේ..... ගීතය ඉදිරිපත් කරන්නත් යන අවස්ථා තියෙනවා.
ඒකට හේතුව වෙලාවක් නැතිකම. පියත් එයාගේ වැඩ එක්ක කාර්යබහුලයි. මම මගේ රංගන වැඩ කටයුතු එක්න කාර්යබහුලයි. ඒ නිසා තවම මට ඒ දේ කරන්න බැරි වෙලා තියෙනවා. ඉදිරියේදී ඒ ගැන හිතන්න ඕනෑ.
තවම අපි අපේ වෘත්තිය වැඩ එක්ක කාර්යබහුලයි. ඒ නිසා තවම ඒ ගැන හිතලා නැහැ. තව වයසත් තියෙන නිසා අපේ වැඩ කටයුතු ස්ථාවර වුණාම විවාහය ගනිමු කියලා තමයි හිතාගෙන ඉන්නෙ.
‘‘බඳිමු සුදා’’ට වැඩිය කැමතියි. තවම රිලීස් නොකළ ‘‘සත්තයි මැණිකේ’’ ගීතයටත් මම හරිම ආසයි. ඉදිරියේදී එය අහන්න ලැබේවි. මම මේ ඔක්කෝටම වඩා කැමති ඒ ගීතයට.
චිත්‍ර අඳින්න දක්ෂයි. ඒ වගේම උයන්න හරිම කැමතියි. ඕනෑම වට්ටෝරුවක් රසට හඳලා ගන්න පුළුවනි.
මම හදලා දෙන ඕනෑම කෑමකට පියත් කැමතියි.
සඳුන් ගමගේ
ඇයගේ තරුණකම බිලිගත් පසුත් තම දිවිය කඳුළකට සීමා නොකර දිරියෙන් ජීවිතය ජයගත් අනෝරා වැස්සටත් ඉහළින් පියා සැලූ රාජාලි රැජිනක් බඳු කඳුළු මායිම් නොකළ ගැහැන
’’එකගෙයි කෑම -දෙන්නම මගේ’’ කිව්ව ගමන් මේ දවස්වල ගොඩක් අයට මතක් වෙන්නෙ දසුන් පතිරණ කියන රංගන ශිල්පියාව. ඒ ඔහු රංගනයෙන් දායක වුණ මියුසික් වීඩියෝ නිර්මාණ
“මුඩුක්කුවක ගෑනියෙකුගෙ චරිතය රඟ පාන්න සනෝජා බිබිලෙට පුළුවන් ද..?
නිරූපණ ක්ෂේත්‍රයේ සිට පියවරෙන් පියවර රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය දැන් ලොවක් හඳුනන රංගන ශිල්පිනියකි. එක් රැයකින් ජනප්‍රිය වී ඉතා ඉක්මනින් බැස යන කලා තරු
රංගන ක්ෂේත්‍රයේ නියැළී සිටින මේ අක්කයි නංගියි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ හැමෝම වගේ මේ ශිල්පිනියන් දෙදෙනා ගැන දන්නා හඳුනන නිසයි.
ඇයගේ සම්පූර්ණ නම වන්නේ අංජලී වත්සලා ජයසිංහය. අද බොහෝ දෙනා ඇය අමතන්නේ අංජලී ජයසිංහ නමින්ය. සුන්දර මහනුවර ඇයගේ උපන් ගමය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
විශ්වාසය නිසාම අපි ගොඩක් දුර ආවා - සඳනි ප්‍රනාන්දු