IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


විවාහ ජීවිතයකට යන්න දැන් තමයි මට ස්ථාවරයක් තියෙන්නෙ

විකාශය වන ජුරාලියා සහ නිමාවක් නැති ආදරය නාට්‍යයේ රඟපාන සුරාජ් ඉදිරියේ රූගත කිරීම් ඇරඹෙන තවත් ටෙලිනාට්‍යයක රඟපෑමට සූදානමින් සිටින අතර ඉන්පසුව ඔහුගේ වැඩි කැමැත්ත දක්වන්නේ අධ්‍යක්ෂණයේ භූමිකාවට යැයි කියනවා. කලාවේ ඒ කටයුතු සහ සුරාජ්ගේ ජීවිතයට සමීපව කළ කතාබහකි මේ.

 ප්‍ර  සුරාජ් අධ්‍යක්ෂණයට ආයෙත් හිත ගියේ?

කලාව විවිධ පැතිවලට යද්දි ඒ කියන්නෙ හරි මාර්ගයේ නැතිව ඉබාගාතේ වගේ යද්දි එය නැවත හරි මගට ගැනීම ගැන අපට තියෙන්නෙ වගකීමක්. ඒක අපේ පරම්පරාවේ යුතුකමක්. මේ වන විට අපේ පරම්පරාවේ  බොහෝ දෙනෙක් ඒ වගකීම ඉටු කරන බව පෙනෙනවා. ඉතින් මගෙත් වුවමනාවක් තියෙනවා නැවත වතාවක් හොඳ නිර්මාණයක් කරන්න.

 ප්‍ර  කොහොමද සුරාජ් අද දවසේ ගෙවන ජීවිතය?

සරලයි, සැහැල්ලුයි, නිදහස්. මේ විදිහට ගත කරන එක තමයි හොඳ. පසුගිය කාලය ගත්තොත්, ලෝකෙම ලොක්ඩවුන් වුණා. ඉන්පස්සේ අපේ රට ගත්තොත්, රටේ ප්‍රශ්න තිබුණා. දැන් ලෝකෙම ආයෙත් යහපත් පරිසරයක් නිර්මාණය වෙලා. මම කතා කරන්නේ දේශපාලනය නම් නෙවෙයි. ගෙවී ගිය කාලය දිහා බලද්දී මේ සියලු දේට සාපේක්ෂව මගේ ජීවිතය මේ විදිහට හදා ගත්ත එක ගැන මට තියෙන්නෙ සතුටක්. රංගන ශිල්පියෙක් වුණාට පස්සේ පුද්ගලික ජීවිතය හදා ගන්නෙ කොහොමද කියන එක හරි වැදගත්. රංගන ශිල්පියෙකුට පුද්ගලික ජීවිතයේ නිදහස ඉතාම තදින් බලපාන දෙයක්.

 ප්‍ර  ඔබ තවමත් අවිවාහක නිසාද එහෙම කියන්නේ?

නෑ....නෑ.... කොහෙත්ම නැහැ. විවාහ වෙනකොට, රංගන කටයුතු සහ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට නම් හොඳ නිදහසක් තිබිය යුතුමයි. ලංකාවේ රංගන ශිල්පියකු හට විවාහ ජීවිතයකට යද්දී අනිවාර්යයෙන්ම ව්‍යාපාරයකුත් තිබීම වැදගත්. එතකොට ආර්ථික මට්ටම හදාගෙන යන ගමනක් වුණොත් ඔහුට ප්‍රශ්න ඉතාම අවම වී ජීවිතය ගත කරන්න ලැබේවි.

 ප්‍ර  විවාහ ජීවිතයක් ගෙන යන්න ඔබ තවම ස්ථාවර නැහැ කියලද කියන්නේ?

දැන් තමයි මට ඒ ස්ථාවරත්වය තියෙන්නේ.

 ප්‍ර  ඒ කියන්නෙ කලින් ස්ථාවරයක් තිබුණෙ නැහැ. ඒත් පෙම්වතියො හිටියා?

පෙම්වතියො හිටියා. ස්ථාවරත්වය ගැන කතා කරද්දී  මම බලාපොරොත්තු වෙන්නෙ සුවපහසු ජීවිතයක් ගත කිරීමයි. සුඛෝපභෝගී ජීවිතයක් කියන්නේ තට්ටු මාළිගා හදාගෙන වාහන දහයක් පහළොවක් තියාගෙන ඉන්න ජීවිතයක් නෙවෙයි. තමන්ට පහසු විදිහට සුවපහසු ජීවිතයකට. වයිෆ්ට නිදහස්ව, එයාට ජීවිතය ගත කරන්න අවශ්‍ය පරිසරය තිබිය යුතුමයි. හති දමා හැල්මේ දුවලා ධනස්කන්දයක් හම්බ කිරීම නොවි, සාධාරණව කරන ව්‍යාපාරයකින් ගෙදර හිටියත් සල්ලි එන විදිහෙ ස්ථාවරත්වයක් හදා ගැනීම කළ යුතු දෙයක්. මම කියන සුවපහසු ජීවිතය ගත කරන්න එවැනි ක්‍රමයක් එදා ඉඳලාම අනුගමනය කළා. පවුලෙන් මට ප්‍රශ්න තිබුණෙත් නැහැනේ.

 ප්‍ර  දැන් ඔබ කී විදිහට ඔබට ඒ සුවපහසු රටාව හදාගෙනනෙ ඉන්නේ? හැමෝම අහනවනෙ කවදද විවාහ වෙන්නේ කියලා? සමාජය ඒ විදිහට හිතන එක ගැන සුරාජ් හිතන්නෙ කොහොමද?

හේතු කීපයක් නිසා සමාජය එහෙම හිතනවා ඇති. එක්කෝ එයාට කවුරුවත් නැති නිසා, එයා තනිවේවි කියන දේ නිසා. තව සමහරු හිතනවා ඇත්තේ අපි විවාහ වෙලා විඳින දුක මූ විදින්න ඕන නැහැනෙ කියලා වෙන්න පුළුවන්. පුද්ගලිකව මම කියන්නෙ බඳිනවා කියන දේට වඩා ‘බැඳෙන්න’ ඕනැ. සමහරුන්ට විවාහය ශක්තියක් වෙලා තියෙනවා. සමහරුන්ට විවාහය කරදරයක් වෙලා. ඒ නිසා මම විවාහයෙන් බලාපොරොත්තු වෙන්නේ ශක්තියක්. එහෙම වෙන්න නම් සුදුසුම කෙනා ලැබෙන්නම ඕනෑ. ඒ ලැබෙන කම් මම ඉන්නවා. එය ආදරය කියලා මට දැනෙන්න ඕනෑ. ඒ වෙනකල් මම ඉන්නවා.

 ප්‍ර  මේ දක්වා පෙම්වතියන් දුසිම් ගණන් ඉන්න ඇතිනෙ? ඒ කිසි කෙනෙක් දැනිලා නැද්ද?

දැනිලා තියෙනවා. ඒත් අපි අදරය කරන අය අපට ආදරය කරන්නෙ නැහැ. අපි ආදරේ නැති කෙනා තමයි අපට ආදරය කරන්නෙ. අපට දැනෙන තැන්වලදි අපට නොලැබුණ වග දැනිලා තියෙනවා. මොන විදිහට හෝ ප්‍රේමයකදී බැඳීමකදී අත්හැර ගියත් තරහ වුණත්, මැරෙන කල්ම ජීවත් වෙනවද කියන එක තමයි වැදගත් වෙන්නෙ. විවාහ වෙලා කෙනෙක් අත්හැරලා ගියා කියමුකො. ඒක අමතක කරලා ආයෙ වෙන දෙයක් ගැන මට හිතන්න බැහැ. අන්න ඒ නිසයි මැරෙනකල්ම ජීවත් වෙන්න පුළුවන් අදහස් ඇති ආදරය ඇති කෙනෙක් අවශ්‍ය වන්නෙ. කාන්තාවකට බොහෝ විට පිරිමියා හැර ගිය පසු හිත හදා ගන්න අමාරුයි. කාන්තාවන් හොඳටම අඬනව තමයි, හැබැයි අඬලා අඬලා සියුම් හිත හදා ගන්නවා. පිරිමි හිත් කැඩුණාම හදාගන්න එක ලෙහෙසි නැහැ.

 ප්‍ර  කොහොම වුණත් මේ විදිහට තනිකඩව ඉන්න කොට කලා ක්ෂේත්‍රයේම අය කතා හදනවනේ? ඒ වගේ හිතන අයට, කතා හදන අයට දෙන්න ඔබට හොඳ උත්තරයක් තියෙනවද?

මම කියන කෙනා හොඳටම දන්නෙ මම. නමුත් තමුන්ටම රැවටෙන්නෙ නැත්නම්, නමුත් තමුන්ව හොඳට හඳුනනව නම් අපට අපව හමු වූ පසුව එතැනින් එහාට වෙන කවුරුවත් කියන දේ අදාළ වෙන්නෙ නැහැ. අදාළ කරගන්න අවශ්‍යත් නැහැ. මිනිස්සුන්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. මම උත්තර දෙන්න යන්නෙ නැහැ. මොකද මගේ ගැන එයාලට වඩා දන්නෙ මම නිසා. එයාල කියන දේ මට වැඩක් නැහැ. මට මාව හම්බ වෙලා ඉවරයි. මම මොනවද කරන්නේ? මොනවටද ආස? මම කවුද කියලා මම දන්නවා. මට සමාජයේ ඕනෑම තරා තිරමක කෙනෙක් එක්ක සුහදව කටයුතු කරන්න පුළුවන්. මගේ යාළුවෝ වගේම මගේ අක්කලා දෙන්නා මා ගැන හොඳටෝම දන්නවා. ඉතින් මට ඒ ඇති.

සඳුන් ගමගේ

 



අදහස් (0)

විවාහ ජීවිතයකට යන්න දැන් තමයි මට ස්ථාවරයක් තියෙන්නෙ

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

මේ ගමන ආවේ අම්මාගේ ශක්තියෙන්
2025 මැයි මස 09 0 0

කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික


මිහිරි ගීයෙන් කන් පිනවන ගීත්මි මයුරංගි
2025 මැයි මස 09 0 0

බාලාංශයේ සිට සංගීතය වෙනුවෙන් කැපවී , යම් දිනෙක ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගායිකාවක වීමේ සුන්දර සිහිනයක නිමග්නව සිටිමින්, මේ වෙන විටත් ඒ ගමන් ම


අලුත් විදිහට ලෝකෙට ගිය ලංකාවේ ගැමියා
2025 මැයි මස 09 3 0

කැළුම් රන්දිම ඔහුගේ නම වෙයි. ඒත් එදා පාසලේ සිටි යාළු මිත්‍රයින්-හිත මිතුරන් -ඥාතීන් සහ පවුලේ උදවිය හැර බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ ‘ගැමියා’ යන නාමයෙනි. මේ ‘


ජර්මනියෙන් ලෝක සංගීත කරළියට ගිය ලාංකීය සම්භවය ඇති අක්කයි, මල්ලියි අනෙලි සහ ඕරි
2025 මැයි මස 09 0 0

මේ අක්කයි - මල්ලියි වෙසෙන්නේ ලංකාවේ නෙවෙයි, ලෝකයේ ධනවත්ව රටවල් අතරින් මුල් පෙළේ රාජ්‍යයක් වන ජර්මනියේ තමයි මේ දෙන්නා වෙසෙන්නෙ. ජර්මනියෙ ‘බොන්’ නුවර වා


රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ විශිෂ්ටතම ළමා ගායකයා ශහේන් දෙද්දුවකුමාර
2025 මැයි මස 09 1 0

අපේ රටේ සංගීත ක්ෂේත්‍රය තුළ ළමා ගීතයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක් වුවද අද දවසේදී ළමා ගීත මෙන්ම ළමා ගායන ශිල්පීන් ශිල්පිනියන්ද අමතකව ගොස් ඇත්තේ ළමා ගී


දෑත සුන්දරකරන මෙහෙන්දි ආර්ට්
2025 මැයි මස 09 2 0

“මෙහෙන්දි” කියන්නේ - හරිම ලස්සන කලාවක්. මෙහෙන්දි ආර්ට් කිව්වාම අපිට ඉස්සර වෙලාම මතක් වෙන්නේ ඉන්දියාව.නමුත් මේ වෙනකොට ලංකාවේ කාන්තාවන් අතරත් මෙහෙන්දි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1278 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 329 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site