ඉසුරු වීරසිංහමුදලි අධ්‍යක්ෂණය කළ පැණි මකුළුවෝ සිනමාපටය හරහා රංගනයට පිවිසෙමින් බොහෝ සෙයින් කතාබහට ලක්වුණ අයිෂාරා අතුකෝරළ නිරූපිකාවක් , නිවේදිකාවක් ලෙසත් ප්‍රේක්ෂක ආදරය දිනා ගත් කලා ශිල්පිනියක්. කාලෙකට පස්සේ අයිස් ක්‍රීම් සිනමාපටය සමඟ කරළියට එන ඇය සඳැල්ල සමඟ කතාබහට එක් වූයේ මෙලෙසිනි.
විවාහයත් එක්ක විදෙස් ගතව ජීවත් වුනත් මම ලංකාවට නිතර ආවා ගියා . හැබැයි ලොකුවට කලා කටයුතුවලට දායක වෙන්න ලැබුණේ නැහැ. දුවලා දෙන්නාගේ වැඩත් පවුල් ජීවිතේ කාර්යබහුලත්වය එක්කයි ලැබුණ ආරාධනා වලටත් දායක වෙන්න බැරි වුණේ. ඒ ගැන පුංචි දුකක් තියෙනවා.
අයිස් ක්‍රිම් මම ප්‍රධාන චරිතයකට දායක වෙන මගේ දෙවන සිනමාපටය . අයිස් ක්‍රිම් කියන්නේ ඇත්තටම වෙනස් කතාවක්. ප්‍රදීප් ධර්මදාස කියන්නේ හැමදාම වෙනස් විදිහේ නිර්මාණ කරන්න උත්සාහ කරන කෙනෙක්, ඇහිපිල්මක් යට ෙෙත්රලෝකා, වගේ ඔහුගේ නිර්මාණවලට මම බොහෝ සෙයින් ප්‍රිය කළා. ඔහුගේ පළමු සිනමා නිර්මාණයට මාව සම්බන්ධ කරගත්ත එක ගැන ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම තමයි අයිස් ක්‍රිම් සිනමාපටයේ නිෂ්පාදිකාව ගැන කියනවානම් ඇය කෝකිලා විතානගේ නවක නිශ්පාදකවරියක්. මේ කණ්ඩායමෙන්ම සහයෝගයක් ලොකු ළෙන්ගතුකමක් ඔවුන්ගෙන් මට ලැබුණා. අයිස් ක්‍රිම් චිත්‍රපටයේ මගේ චරිතේ ෆැන්ටසි එකක් . චිත්‍රපට ඇතුළේ මම තවත් නිළියක් විදිහට තමයි රඟපාන්නේ. ඒක ටිකක් වෙනස් අත්දැකීමක්.
‘පැණි මකුළුවෝ’ ෂුටින් අතරතුරම තමයි අයිස් ක්‍රීම් චිත්‍රපටය ට ප්‍රදීප් ධර්මදාස මහත්මයා මට ආරාධනා කරන්නේ. ඔහු හොයලා තිබුණේ වැඩිය දැකලා නැති අලුත් මුහුණක්. ඒ අනුව ප්‍රදීප් අයියා මට කතා කරලා එන්න කිව්වා. ගියාම මට චිත්‍රපටය ගැන ලොකු පැහැදිලි කිරීමක් කලා . කළණ ගුණසේකරගේ පළමු පිටපත වෙනස්ම පිටපතක්.
සිනමාවටත් වඩා නිරූපණ ක්ෂේත්‍රයෙන් තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වෙන්නේ . සිනමාවේ ලැබුණ අවස්ථාව ඒ වෙනසට ලොකු ආලෝකයක් ගෙන දුන්නා. උදාර පල්ලියගුරු තමයි මාව පැණි මකුළුවෝ නිර්මාණය සඳහා තෝරගන්නේ .ප්‍රවීණ රංගන ශිල්පියකු වන සනත් ගුණතිලක මහත්මයා සමඟ මට ඒ නිර්මාණයට රංගනයෙන් දායක වෙන්න ලැබිම ලොකු අත්දැකීමක් වුණා.
හිතා මතා හැරදා ගියේ නැහැ. නමුත් පැණි මකුළුවෝ අවසන් වුණ ගමන්ම මම විවාහ වුණා. සැමියාගේ රැකියාවත් එක්ක 2018 දි මට විදේශ ගත වෙන්න සිදු වුණා. නමුත් මම ලංකාවට නිතර ආවා ඊට පස්සේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මාගේ ‘හංකිති දහතුන’ කියන වේදිකා නාට්‍යයට දායක වෙන්න අවස්ථාව ලැබුණා. හැබැයි ඊළඟට උදුම්බරා චිත්‍රපටය ලැබෙද්දි මට දුව ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තා. ඉතින් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඒ චිත්‍රපට භාරගන්නේ නැතුව ඉන්න වුණා. ඇත්තටම ඒ මඟ හැරුණේ මගේ රංගන ජීවිතේට ලැබුණ හොඳම අවස්ථාවක්.මොකද ජැක්සන් ඇන්තනී මහත්මයා එක්ක තමයි උදුම්බරා චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඒ මිස් වීම ගැන නම් ලොකු දුකක් තියෙනවා.
අපෝ අතෑරලා නැහැ. උසස් පෙළ කරපු ගමන් මම එංගලන්තයට ගියේ නීති උපාධිය කරන්න. නීති උපාධි කටයුතු ඉවර කරලා මම ලංකාවට ආවෙම ඇවිල්ලා ලංකාවේ නීති පීඨයේ ලියාපදිංචි වෙලා අවසන් විභාගයට සූදානම් වෙන්න. ඒ දවස්වල තමයි නිරෑපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ මිතුරියක් හරහා.
නුහුරු අත්දැකීමක් වුණත් මට නිරූපණ ක්ෂේත්‍රයට ආස හිතුණ. පළමු වතාවේ නිරෑපිකාවක් විදිහට පෙනී හිටපු දවසේ තමයි පළමු වතාවට මොඩ්ලින් ෂෝ එකක් දැක්කේ. නිරූපිකාවක් වෙන්න මගේ හිතේ කවදාවත් ආසවක් තිබුණේ නැහැ. හැබැයි නිරූපණ කටයුතු වලට ටික ටික සම්බන්ධ වෙනකොට මට ඒ පැත්තට ආස හිතුණා. එංගලන්තේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා ආපු ගමන් නිසා මගේ මානසික ආතතියෙන් මිදෙන්නත් ලොකු ඕනකමක් තිබුණා. ඒ විදිහට නිරෑපිකාවක් ලෙස කාලයක් වැඩ කළා. ෆැෂන් ඩිසයිනර්ලත් සමඟ ගොඩාක් වැඩ කරන්න ලැබුණා. ඊට පස්සේ නිවේදන කටයුතුවලට දායක වෙන්න ලැබුණා. ලංකාවට ආවේ ලංකාවේ නීති පීඨයේ අවසන් විභාගයට පෙනීසිටින්න වුණත් කලා වැඩ එක්ක ඒ සියල්ල අතරමඟ නතර වුණා. එහි අවසන් විභාගය කරාම ලංකාවේ නීතිඥවරියක් ලෙස මට සේවය කරන්න පුළුවන්. අවුරුදු කිහිපයකට පස්සේ එ් විභාග කටයුතු වෙනුවෙනුත් මේ දවස් නැවත ටික ටික සූදානම් වෙමින් ඉන්නවා.
ඔව් මම ලංකාවට දීර්ඝකාලීනව ඉන්න ළඟදීම එනවා. අයිස් ක්‍රිම් වලින් පස්සේ වැඩ කිහිපයක් ලැබිලා තියෙනවා. ඊට අමතරව ටෙලි නාට්‍ය වලට එහෙම මුල් කාලේ ආරාධනා ලැබුණේ නැහැ. දැන් මම ලංකාවේ දිගටම රැඳෙන්න බලාපොරොත්තුවත් එක්ක ටෙලි නාට්‍ය ලැබුණොත් භාරගන්නවා. නැවත සුපුරුදු විදිහට කලා කටයුතු කරන්න තමයි එකම බලාපොරොත්තුව.
සැමියාගෙන් මගේ කලා ජීවීතේට ලොකු සහයෝගයක් ලැබෙනවා.කලා වැඩ කරන්න කියලා මාව ගොඩාක් උනන්දු කරවන්නේ ඔහු. එයා නිසා මට රටින් එළියට යන්න වීමත් එක්ක මගේ කලා ගමන අතරමග නතර වුණා කියලා එයා ගොඩාක් වොරි වෙනවා.ඇත්තටම විදේශ ගත වුන අලුත ගොඩාක් නිර්මාණ මට මඟ ඇරැනා.
මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. එහෙම ආසාවක් ඇති වෙන්නවත් අදහසක්වත් තිබුණේ නැහැ. මොකද්දෝ හේතුවකට නිරූපණය පැත්තට එන්න අවස්ථාව ලැබුණා. එතනින් කලාවට එන්න ලැබුණා. අද මම කලාවට පිවිසීමට අවස්ථාව ලැබුණ එක ගැන සතුටු වෙනවා. රංගනයට මම මාර ආසයි. රංගනය ගැන ඉගෙන ගන්න තිබුණනම් වටිනවා කියලා වේදිකා නාට්‍ය කරද්දි දැනුණ තැන් තියෙනවා.
ගොඩාක් අය මා දිහා බලන්නේ පිටරට හැදුණ වැඩුණ කෙනෙක් විදිහට. මම අවුරුදු ගණනාවක් ලන්ඩනයේ ජීවත් වුණ නිසා වෙන්නත් ඇති මම විවිධ විලාසිතා කරන්න කැමතියි. ලස්සනට අඳින්න ආසයි. අලුත් අලුත් විලාසිතා අත්හදා බලන්න කැමතියි. ඇඟට ලස්සනනම් ඒ අවස්ථාවට ගැළපෙනවනම් මම ඕනම විලාසිතාවක් කරනවා.
නදිශා අතුකෝරළ
සුමුදු හේවාපතිරන
වේදිකාව හරහා කලා ලොව තරණය කරන්නෙකු පුංචි තිරයේ හෝ සිනමාවේදී කිසිදා අතරමං නොවන්නේ රංගනයේ හතර මායිම් පිළිබඳ ඔහුට හෝ ඇයට හොඳ අවබෝධයක් තිබෙන නිසාය. එස්. අය
ඔහුගේ තබ්ලාවේ තාලයට නොගැයූ කෙනෙක් නැති තරම්ය. ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් හට පමණක් නොව, විවිධ අංශවලට අයත් තරු මෙන්ම ව්‍යාපාරික, දේශපාලන හා අනෙකුත්
පසිඳු විතානගේ කිවු පමණින් ඔහුව මතකයට නාවත් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ’’කිරි පුතා’’ එහෙමත් නැත්නම් මේ දවස්වල නම් පිරිමි ළමයි නාට්‍යයේ රසික ප්‍රජාව අ
’’අමා’’ කියන්නේ ලාංකීය ටෙලිනාට්‍ය අතුරින් බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලිනාට්‍යයක් කිව්වොත් නිවැරදියි. ඒ ආදරය කොයි තරම්ද කියනවා නම් එහි රඟපෑ ෂෙරිල
වේදිකා නාට්‍ය කලාව හරහා රංගනයට පිවිස ටෙලිනාට්‍ය කලාව ඇතුළු කලා ක්ෂේත්‍රයේ නොමැකෙන චරිතයක් බවට පත් වූ අයෙකු සමගයි මේ කතාබහ. ඔහු කවුරුත් හඳුනන වසන්ත ව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලංකාවේ දිගටම ඉන්න ළඟදීම එනවා - AISHARAH Athukorala