IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ලංකාවේ ලාබාලතම රූපලාවන්‍ය ශිල්පිණිය - මෙනුගි මනුල්‍යා


ඇය බොහොම අපූරු කෙනෙක්. ඇය වයසින් සෑහෙන්න පුංචි වුනත් හැකියාවන් වලින් නම් පුංචි නැහැ.  ලංකාවේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පින්ටත් වඩා ඉහළින් ඉන්න ගිනෙස් වාර්තා පොතට යන්න බලා සිටින දක්ෂ පුංචි දියණියක් තමයි අද අපේ කතා බහට එකතු වන්නේ.  

මෙනුගි මනුල්‍යා හරස්ගම කිව්වාම මේ වෙනකොට මුළු ලංකාවම විතරක් නෙමෙයි විදේශ රටවලත් බොහොම ආදරයක් දිනාගෙන තිබෙන්නේ ලංකාවේ ලාබාලතම රූපලාවන්‍ය ශිල්පිණිය ලෙසයි. ඇයගේ මව සහ පියා ද ලංකාවේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයට විශාල වශයෙන් සේවයක් කරන දක්ෂ රූපලාවන්‍ය ශිල්පීන් යුවලක්. 

සමාජ මාධ්‍ය හරහා පැතිරෙන මේ පුංචි දැරියගේ රූපලාවන්‍ය දක්ෂතා බොහෝ දෙනෙකුට පුදුමයකි.  විනාඩි 35 කින් බ්‍රයිඩ්ල් මේකප්  කරනවා කියන එක අවුරුදු 11 පුංචි දරැවකුට විතරක් නෙමෙයි හොඳ පළපුරුදු රූපලාවන්‍ය ශිල්පිණියකටත් ලොකු අභියෝගයක්. ඒ අභියෝග ජයගනිමින් ලංකාවේ අති දක්ෂ රූපලාවන්‍ය ශිල්පිණියක් වීමේ පෙරමං දකින ඇය වෙනුවෙනුයි මේ ඉඩකඩ.

  • කියන්නකෝ මෙනුගි ගැන විස්තර ටිකක්?

අම්මා ඉන්දුමාලා රාජපක්ෂ, තාත්තා මංජුල හරස්ගම. මගේ අම්මායි තාත්තයි දෙන්නම රූපලාවන්‍ය ශිල්පීන්. තව මට මල්ලි කෙනෙකුත් ඉන්නවා. එයා මනුජ හරස්ගම. මම ඉගෙන ගන්නේ මහනුවර කලම්බු ජාත්‍යන්තර පාසලේ. 7 ශ්‍රේණියේ. 

  •  දුවට දැන් වසය? 

දැන් මට වයස 12 යි. 

  • කොහොමද ඔය වයසින් මෙච්චර ලොකු වැඩක් කරන්නේ ?

මම අම්මා  බ්‍රයිඩ්ලාට අන්දන දිහා බලන් ඉදලාම තමයි ආසාවක් ඇති වුණේ.  මුලදි අම්මාගේ මේකප් බඩු අරගෙන මම මටම මේකප් කරගත්තා. මම මේකප් වලට ඒ බඩු වලට චූටි කාලේ ඉඳලාම හරිම ආසයි. අම්මා කියනවා මම අවුරුදු දෙකහමාරක විතර වයසේ ඉඳලාම අම්මාගේ මේකප් බඩු අරන් මූණේ පාට කරගන්නවා කියලා. අම්මිගේ මේකප් බඩු අල්ලන්න දෙන්නේ නැනේ. ඒත් මම අම්මිගේ මේකප් බොක්ස් එකෙන්ම බඩු අරගෙන හංගන්නවා. අරගෙන ඒවායින් මමම තනියම මේකප් දාන්න පුරුදු වුණා. අම්මායි තාත්තායි ගොඩක් කාර්යබහුල නිසා නිතරම ගෙදර නැහැ. අපි වැඩිපුරම ඉන්නේ ආත්තම්මා එක්ක. සමහර වෙලාවට මම ආත්තම්මටත් මේකප් කරනවා. අත්අම්මාත් මට ඕන දෙයක් කරන්න කියලා ඔහේ ඉන්නවා. නැත්නම් මම තනියම හරි මේකප් දාගෙන ඉන්නවා. අම්මලා හවසට ගෙදර ආවම ආත්තම්මා ඉතින් අම්මාට කියනවා මම මේකප් දාගෙන ඉන්නවා දවසම මූණේ හම ඩැමේජ්  වෙයි කියලා . අම්මා බනිනවා ඉතින් මූණ සවුත්තු වෙයි මේකප් ගාන්න එපා කියලා.   දවසක් මම අම්මාට මේකප් එකක් දාලා පෙන්නුවා. එදා එයා ගොඩාක් පුදුම වුණා. 

  • මුලින්ම කාවද මෙනුගි මේකප් කළේ ? 

මම මුලින්ම මේකප් කරගත්තේ මටමයි. මගේ මූණටම මේකප් දාලා  පුරුදු වුණා. ඊට පස්සේ මම අම්මාට කිව්වා මට මොඩ්ල් කෙනෙකුව ඩ්‍රස් කරන්න කැමතියි කියලා.  මම මුලින්ම තනියම මේකප් එකක් කළේ නිරූපණ ශිල්පී රශ්මී භාග්‍යා අක්කිව. ඒ 2022 දි කොවිඩ් දවස් වල. එතකොට මට අවුරැදු 8යි. අම්මියි තාත්තායි මම එදා කරපු මේකප් එක විඩියෝ කරලා මුහුණු පොතට එකතු කළා. ඒ වීඩියෝ එක ගොඩාක් දෙනා බලලා ප්‍රතිචාර දක්වලා තිබුණා.   මම දාන මේකප් කරන වීඩියෝ ලක්ෂ 4 - 5  ක් විතර බලනවා. දෙස් විදෙස් ලොකු ප්‍රේක්ෂක ප්‍රමාණයක් මගේ පේජ් එකේ දාන වීඩියෝ එක්ක එකතු වෙලා ඉන්නවා. 

  •  ඔයාගේ මේකප් වලට ලැබෙන ප්‍රතිචාර 

අම්මාගේ මේකප් වලට වඩා මගේ මේකප් එකට ලොකු ඉල්ලුමක් තියෙනවා. මම ගොඩක් ඉන්ටර්නැෂනලි තියෙන මේකප් ගැන මේකප් නිෂ්පාදන ගැන තනියමම තමයි ඉන්ටනෙට් එකෙන් යුටියුබ් වලින් ඉගෙන ගත්නේ. මම යූටියුබ් වලින් ඉගෙන ගෙන තියෙන ඉන්ටර්නැෂනල් මේකප් අපේ අම්මලා දාන මේකප්  ගොඩාක්  වෙනස්. සමහර මේකප් ගැන නිෂ්පාදන ගැන මම අම්මටත් කියලා දෙනවා. හෙලොවින් මේකප්, වේශනිරූපණ තමයි මම ගොඩාක්ම කරන්නේ. මම ගොඩාක්ම ආස බ්‍රයිඩල් මේකප් එක කරන්න. අම්මට කියලා අන්දගන්න එන බ්‍රයිඩ්ලා අහනවා දුවට කියලා අන්දගන්න බැරිද කියලා. මට පැය බාගයකින් අංගසම්පූර්ණ මනාලියක්ව හැඩගන්වන්න පුළුවන්. අද වෙනකොට මගේ  නමින් තියෙන පේජ් එකේ ඉන්බොක්ස් එක පිරිලා තියෙන්නේ මගේ අතින් මේකප් දාගන්න පුළුවන්ද අහන බ්‍රයිඩ්ලාගෙන්. තමන්ගේ ලස්සනම දවස මං වගේ පොඩි ළමයෙකුට බාරදෙන්න තරම් විශ්වාසයක් ගොඩ නැගිලා තියෙනවා. ඒ ගැන මට ගොඩාක් සතුටුයි. ඒ වගේම මගේ හැකියාවට ගොඩාක් අැගයීම් ලැබිලා තියෙනවා. 

  •  මොනවද මෙනුගිගේ බලාපොරෙත්තු?

මම පුංචි කාලේ ඉඳලා ආස කළේ නිරූපණ ශිල්පිනියක් වෙන්න. හැබැයි මේකප් කරන්න ගත්තාට පස්සේ මට මේ බියුටි මේකප් පැත්තෙන් ජාත්‍යන්තර තලය දක්වා යන්න ආසාවක් ඇති වුණා. අම්මියි තාත්තියි මගේ ආසාවන් වලට යන්න පාර හදලා දුන්නා.  මේකප් පැත්තෙන් අලුත්  දේවල් ඉගෙන ගනිමින් මේ ක්ෂේත්‍රයේ යන්න පුළුවන් උපරිමයටම යන්න තමයි එකම අරමුණ.

  • මෙනුගිගේ ආදරණිය පියා වන ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී මංජුල හරස්ගම දියණිය ගැන පැවසූයේ මෙවැන්නකි., 

දුව චූටි කාලේ ඉඳලා මේකප් බඩු වලට ඒවා ගාගෙන ඉන්න හරිම ආසයි. මෙයා මගේ මේකප් බඩු අරගෙන මූණේ  ගාගෙන ඉන්න කොට දුවගේ අම්මායි මමයි හරියට බැනලා තියෙනවා මූණ  සවුත්තු වෙයි කියලා.  මුලදි ඒවා අනුමත කළේම නැහැ. දවසක් මිනුකි අම්මාගේ මේකප් බඩු අරගෙන මේකප් දාලා මුළු කාමරේම මේකප් බඩු වලින් විනාශ කරලා තිබුණා. එදා අම්මා හොඳටම සැර කළා. කාමරේ දොර වහගෙනම හිටියා බයට දොර ඇරියෙම නැහැ. එදා දොර කඩලා තමයි මෙනුගි එළියට ගත්තේ . ගොඩාක්ම බය වුණේ අපි මෙයාගේ මූණේ හමට ඩැමේජ් වෙයි කියලා. පස්සේ මම ඉන්දුට කිව්වා මේකප් බඩු ටිකක් අරන් දෙමු නැත්නම් අපිට රස්සාව කරගෙන යන්න වෙන්නේ නැහැ කියලා. 

මේකප් හොඳ නිෂ්පාදනයන් ගොඩාක් මිල අධිකයි. හොඳ තත්වයේ මේකප් සෙට් එකකට ලක්ෂ දෙක තුනක් යනවා. . ඒත් එදා මම ඉන්දුමාලට කිව්වා  ලෝබ වෙලා බෑ මෙයා ලොකු වෙලා කසාද බඳින කොට රත්තරන් තැලි දෙන්න කලින් එයා කැමති දේ පැත්තෙන් ඉස්සරහට යන්න පාර හදන්න ඕන කියලා. එයා පොඩියි එයා නාස්ති කරයි කියලා හොඳම නිෂ්පාදන වලින් මේකප් සෙට් එකක් අරන් දෙනවට ඉන්දුමාලා කැමති වුණේම නැහැ. එ්ත් දුවට ලක්ෂ දෙක තුනක් වියදම් කරලා මේකප් බඩු අරන් දුන්නා. ඊට පස්සේ එයා තව උනන්දු වුණා. අවුරැදු ගානක් කරලා එන්න ඕන පළපුරුද්දෙන් හදාගන්න ඕන දේවල් පවා දුවගෙන් මමත් ඉන්දුත් දැක්කා.  දෙමව්පියෝ විදිහට අපි දෙන්නා ලොකු සතුටක් ලබනවා දරුවාගේ දක්ෂතා බලලා.


නදීශා අතුකෝරළ


 



අදහස් (0)

ලංකාවේ ලාබාලතම රූපලාවන්‍ය ශිල්පිණිය - මෙනුගි මනුල්‍යා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site