IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


රෝස ආදරේ අරන් එන පැතුම් රුක්ෂාන්


තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.

  • අලුත් අවුරුද්ද පටන් ගන්න කොටම, අලුත් නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට යන එක ගැන මොකද හිතන්නෙ ?

අලුත් අවුරුද්ද උදාවෙනවත් එක්කම වගේ "රෝස ආදරේ" සිනමා නිර්මාණය හැම කෙනෙක්ටම බලන්න අවස්ථාව ලැබෙනවනෙ. ඉතින් රංගන ශිල්පියෙක් විදිහට ඒ ගැන ලොකු සතුටක් තියෙන්නෙ.

  • චිත්‍රපටිය ගැනත් අපි මතක් කරමු.

‘‘රෝස ආදරේ" හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණයෙන් අශෝක් ජයකොඩි නිෂ්පාදනයෙන් තමයි නිර්මාණය වෙන්නෙ. ඒ වගේම මම ගත්තොත් චිත්‍රපටියෙ ජගත් කියන චරිතෙට තමයි පණ පොවන්නෙ. මේක ලස්සන ආදර කතාවක් වටේ ගෙතුණු නිර්මාණයක්. මේකෙ ප්‍රධාන චරිතයට දිනක්ෂි ප්‍රියසාද්, නිසල හෙට්ටිආරච්චි පණ පොවනවා. ඒ වගේම නිමේෂ් එදිරිසිංහ, රුමාලි කේශිඩා, දිල්හානි ඒකනායක, රජිත හිරාන් වගේ රංගන ශිල්පීන් රැසක් සම්බන්ධ වෙනවා. ඉතින් ජනවාරි 3 වැනිදා ඉඳන් බලන්න පුළුවන්. ඒ ආදරේ විඳගන්න කියලත් ආරාධනා කරනවා.

  • "රෝස ආදරේ" ජගත් ගැනත් කියමු?

කෙටියෙන්ම කිව්වොත් ජගත් කියන්නේ ප්‍රධාන චරිතය රඟපාන අනුජ්ගෙ යාළුවා. කතාව පුරාවටම යාළුවත් එක්ක ඒ තියෙන බැඳීම, සහෝදරකම, ආදරය ඒ හැමදෙයක්ම  චරිතෙ ඇතුළෙ තියෙනවා. මම ඊට වඩා දෙයක් කියන්නේ නැහැ, ජගත් මොන වගේ චරිතයක් ද කියලා මම කියනවට වඩා, මට හිතෙනවා ප්‍රේක්ෂකයොම චිත්‍රපටිය බලලා දැන ගන්න එක හොඳයි කියලා. මොකද කුතුහලේ තියෙන්නම ඕනෙ ඒ චරිතෙත් එක්ක. චිත්‍රපටය පුරාවටම ඒ චරිතෙන් ලොකු වැඩක් කෙරෙනවා.

  • සැබෑ ජීවිතේ පැතුම් රුක්ෂාන් මොන වගේ කෙනෙක් ද?

ගොඩක් අය හිතනවා මාව දැක්කම හරි ආඩම්බර, ලොකු සීන් එකේ ඉන්න කෙනෙක් කියලා. එහෙම නැහැ මම හරි සරල මනුස්සයෙක්. හැමෝටම ආදරෙන් කරුණාවෙන් සලකන, ගරු කරන කෙනෙක්. ඒ වගේම ආදරණීය කෙනෙක් වගේම ඒ ආදරේ පෙරළා අනිත් අයගෙනුත් බලාපොරොත්තු වෙන චරිතයක්.

  • ඔබ රංගනයට පිවිසෙන්නේ නිරූපණ ක්ෂේත්‍රයෙන්? එහෙම නේද?

ඔව්, මම 2012 දි නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා. රොෂෑන් ඩයස් තමයි මගෙ ටීචර් වෙන්නෙ. ඇයත් එක්ක සම්බන්ධ වෙලා ඇයගෙ ඇකඩමි එකේ නිරූපණය හදාරනවා. ඊට පස්සෙ මට දිගින් දිගටම නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙන්න ලැබෙනවා. පසුව තමයි රංගනයට ඉඩ ලැබෙන්නෙ. මට ගොඩක් සතුටුයි නිරූපණ ශිල්පියෙක් විදිහට මගෙ ගමන පටන් ගත්තු එක ගැන.

  • මේ දවස්වල පුංචි තිරයේ පැතුම්ව දැකගන්න නැති තරම්?

මම පහුගිය කාලේ, අවුරුද්දක්, දෙකක් විතර ලංකාවේ හිටියෙ නෑ. "ජීවිතය ඇති තුරා", "දිවිතුරා" නිර්මාණවලට සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම හිරු ටීවි එකේ වැඩසටහන් කීපයක් කළා. පස්සෙ මට පෞද්ගලික හේතු මත විදේශ ගතවෙන්න වුණා. ඒත් එක්කම මට වැඩවලින් ටිකක් ඈත් වෙන්න සිද්ධ වුණා. මේ දවස්වල නම් කිසිම නිර්මාණයකට දායක වෙලා නැහැ. "රෝස ආදරේ" තමයි එන්න තියෙන නිර්මාණයකට තියෙන්නේ. නමුත් ඉක්මනින්ම ප්‍රේක්ෂකයන් අතරට නැවතත් එන්න බලාපොරොත්තුවෙන් වගේම ඉස්සර දැකපු පැතුම්ව ආයෙත් අරන් එන්න ආසාවෙන්, කැමැත්තෙන් ඉන්නවා. 

  • අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා නැද්ද ?

මේ වෙන කොට නම් අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා නැහැ. මම හිතන්නෙ ඒකට හේතුවක් තමයි කාලයක් ලංකාවේ හිටියෙ නැති නිසා ගොඩක් අය හිතන් ඉන්නවා මම ලංකාව දාලා ගිහින් කියලා. ඒත් ඇත්තටම නම් ලංකාව ඇතෑරලා දාලා ගිහින් නැහැ. ඉතින් මේ හිටපු කාලෙදිත් මට මගෙ ප්‍රේක්ෂකයන්, මගේ සහෝදර රංගන ශිල්පීන්, මේ ක්ෂේත්‍රය හැම දෙයක්ම ගොඩක් මිස් වෙන්න පටන් ගත්තා. ප්‍රේක්ෂකයන්ගේ ආදරේ මතක් වෙන්න පටන් ගත්තා. ගොඩක් අය හිතන් ඉන්නවා මම නිර්මාණවලට සහභාගී වෙන් නැහැ කියලා. එහෙම එකක් නැහැ මට පුළුවන් හැම වෙලාවකම හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • කලාවට අමතරව පැතුම් ව්‍යාපාර කටයුතුවලත් යෙදෙනවා නේද?

ඔව්. සැලොන් PR තමයි මගේ රූපලාවණ්‍යගාරය. 2019 තමයි මම සැලොන් එක පටන් ගත්තෙ. අද වෙනකොට ලොකු දක්ෂ ස්ටාෆ් එකක් එක්ක ක්ෂේත්‍රයේ හොඳ නමක් දිනා ගෙන ඉන්නවා. සැලොන් PR කියන්නේ මගෙ හීනයක්. මොකද මම මුලින්ම සැලොන් ඉන්ඩස්ට්‍රියට සම්බන්ධ වෙලා ඒ සම්බන්ධව තියෙන ඩිප්ලෝමා, පාඨමාලා කරන්  කාලයක් හිටියා. ඊට පස්සෙ ආයෙත් එක එක ජොබ්වලට ගියා. පස්සෙ ඒ ජොබ්වලින් අයින් වෙලා ආයෙත් සැලොන් ෆීල්ඩ් එකට ආවා. ඒ ඇවිත් ඉන්න කොට තමයි මට නිරූපණ ක්ෂේත්‍රයේ අවස්ථාවක් ලැබෙන්නෙ. එතනින් පසුව රංගනයට එනවා. නමුත් මට ලොකු බලාපොරොත්තුවක්, හීනයක් තිබ්බා සැලොන් එකක් දා ගන්න ඕනෙ කියලා.

  • වැඩිපුරම කැමති රංගන ක්ෂේත්‍රයට ද, ව්‍යාපාර ක්ෂේත්‍රයට ද ඇහුවොත්? 

මම වැඩිපුරම කැමති රංගන ක්ෂේත්‍රයට. මොකද ව්‍යාපාර කියන එක අපි ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. හරියට කරනවද කියන එකෙයි එතන  ප්‍රශ්නෙ තියෙන්නෙ. හැබැයි රංගන ශිල්පියෙක් විදිහට ක්ෂේත්‍රයේ ඉන්නවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒකට ලොකු කැපවීමක් වගේම  මහන්සියක් තියෙන්නත් ඕනෙ. මමත් ඒ කැපකිරීම් කරලා තියෙනවා. ඒවත් එක්ක මම හිතනවා මම වැඩිපුරම කැමති රංගනය පැත්තෙන් ඉදිරියට යන්න කියලා.

  • රංගනය පැත්තෙන් තියෙන ඉදිරි බලාපොරොත්තු මොනව ද ?

ඕනෙම රංගන ශිල්පියෙක්ට තියෙන බලාපොරොත්තුම තමයි මටත් තියෙන්නෙ, විශිෂ්ට නිර්මාණවලට, විවිධ චරිතවලට දායක වෙන්න ලැබෙන එක, ඒවගේම මගේ දක්ෂතාව පෙන්වන්න පුළුවන් නිර්මාණවලින් ප්‍රේක්ෂකයො අතරට එන එක තමයි මගෙත් බලාපොරොත්තුව. 

  • පැතුම් කියන්නේ සැබෑ ජීවිතයේ ආදරණීය පියෙක්. ඒ හැඟීම කොහොමද දැනෙන්නේ ?

වචනවලින් කියන්න බැරි දෙයක් තාත්තා කෙනෙක්ගෙ ආදරේ කියන්නේ. මගේ තාත්තා මට කොච්චර ආදරේ කරලා තියෙනවද කියලා මට  තේරුනෙත් මම තාත්තා කෙනෙක් වුණාට පස්සෙ. ඒ වගේම තාත්තා කෙනෙක් වෙනවා කියන එක මම හිතන විදිහට ජීවිතේ ට ලැබෙන විශේෂ දෙයක්. ඉතින් ඒක මට ලැබිලා තියෙනවා. බබාගෙ නම දිව්‍යා. තාම මාස දහයයි. ඉතින් ගොඩක් ආදරෙන් මම බබා එක්ක කාලේ ගත කරනවා.

  • රංගනයට පවුලෙන් මොනවගේ සහයෝගයක් ද ලැබෙන්නෙ ?

බිරිඳගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම විදේශ ගතවෙලා ඉද්දි තමයි "රෝස ආදරේ" චිත්‍රපටයට සහභාගී වෙන්න ආරාධනාව ලැබෙන්නෙ. ඒ වෙලාවෙ ලංකාවට ඇවිත් නිර්මාණයට දායක වෙන්න ඇය තමයි මට ලොකු සපෝට් එකක් දුන්නෙ. ඇය මට හම්බෙන්නෙ මම රංගන ශිල්පියෙක් වෙන්න කළින්. ඇය ඇත්තටම කැමතියි මම රංගන කටයුතුවලින් ඉදිරි ගමනක් යනවට.

  • අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නෙ ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද පොඩි කාලේ අපි හැදුන විදිහ, අපිට තිබුණ දේවල් අපි දන්නවා. මෙතැනට එන්න ගත්තු උත්සාහය, බාධක ඒ හැමදේම මට මතකයි. ඉතින් ඒවත් එක්ක ආපස්සට හැරිලා බලද්දී මට අද ඉන්න තැන ගැන තියෙන්නෙ ලොකු සතුටක්.


කෞශල්‍යා ලක්ෂානි


 



අදහස් (0)

රෝස ආදරේ අරන් එන පැතුම් රුක්ෂාන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 154 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site