IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


මහන්සියි කියලා ජීවිතේ කිසිම දෙයක් අතාරින්න බැහැ - උපේක්ෂා ස්වර්ණමාලි


උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ  මීට වසර ගණනාවකට ඉහතදි මෙරට ලාංකික කලා ක්ෂේත්‍රයේ තරු අතරට එක් වූ ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගත් රංගන ශිල්පිනියක්. ස්වාධින රෑපවාහිනියේ විකාශය වූ "පබා" ටෙලි නාට්‍යය තුළින් ඇය කොයි තරම් ජනප්‍රිය වුණා ද  කියනවනම්  ඒ ආදරයට අදටත් වයස් භේදයක් නැති තරම්.  පුංචි තිරය වගේම සිනමාව තුළින්ද ලාංකිකයන්ගේ ආදරය දිනා ගත් ඇය  දක්ෂ නර්තන ශිල්පිනියක් ද වනවා.   කාලෙන් කාලෙට විවිධ වූ චරිත හරහා පුංචි තිරයේ කතා බහට ලක් වෙන ඇය මේ දිනවල  ඔබට සමීප වන්නේ ස්වර්ණවාහිනියේ විකාශනය වන රී කන්ඩිෂන්  කෙල්ල හි සචීගේ චරිතයෙනි.

  • පුංචි තිරයෙන් දකින්නේ කාලෙකට පස්සේ ද?

වැඩ නම් නිතර ලැබෙනවා. මේ වෙනකොටත්  පිටපත් කිහිපයක්ම ලැබිලා තියෙනවා .නමුත්  මගේ හිතට හරියන මට්ට​ෙම් පිටපතක් ලැබිල නැහැ. කාලෙකට පස්සේ ආස කරන හොඳ චරිතයක් ලැබුණා රීකන්ඩිෂන් කෙල්ල ටෙලි නාට්‍යයේ . මේ දවස් වල වැඩ කරන්නේ ඒ ටෙලි නාට්‍යයේ විතරයි.

  • රී කන්ඩිෂන් කෙල්ල "සචී ට " ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

හිතුවාට වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මෙහි පිටපත සහ අධ්‍යක්ෂණය අනුර ඒකනායකගේ. ඔහුගේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය . චාන්දනී සෙනෙවිරත්න අක්කා, කළණ අයියා, යුරේනිලා එක්ක වැඩ කරන්න ලැබීම සතුටක්. සචී කියන්නේ සපෝර්ටින් චරිතයක්. එ චරිතය හරි වෙනස්.  ඒ වෙනසට මම ආසයි. සචී කියන්නේ නිරූපණය උගන්වන කෝච් කෙනෙක්. නිරූපණ ක්ෂේත්‍රයේ ගෑනු ළමයෙකුට මුහුණ දෙන්න වෙන ගැටලු තමයි මෙහි කතා වෙන්නේ.

  • කොහොම ද මේ දවස් වල ඔබට වේදිකාවේ ලැබෙන අත්දැකීම?

මම කුවෙට්වල වේදිකා නාට්‍යවල වැඩ කරලා තියෙනවා.  මම ලංකාවේ මීට කලින් වේදිකා නාට්‍යවලට දායක වෙලා තිබුණේ නැහැ. මම ඇත්තටම ඇක්ෂන් කට් කියන එක ට ලොකුවට කැමති කෙනෙකුත් නෙමෙයි. වේදිකාවට සම්බන්ධ වෙන්න ආසාවක් තිබුණා  ඒ අවස්ථාව පහුගිය කාලසීමාවේ මට ලැබුණා.  රොම්බ තෑන්ක්ස් කියන වේදිකා නාට්‍යයට මේ දවස්වල දායක වෙලා ඉන්නවා. එහි දර්ශන වාර කිහිපයකුත් ලංකාව පුරා පැවැත් වුණා. මේ මම ලංකාවේ කරන  පළමු වේදිකා නාට්‍යය. වේදිකාවට මම හරිම කැමතියි. වේදිකාවෙන් කලාකරුවකුගේ හැම දේම හැදෙන්නේ නැහැ. නමුත් හැම රංගන ශිල්පියෙකුටම වේදිකා අත්දැකීම අත්‍යවශ්‍යයි කියන තැන මම ඉන්නවා.

  • ඔබ කොච්චර චරිත කරත්  පබා ට ලැබෙන ආදරය තාමත් එහෙමම ද?

පබා නාට්‍යයේ කොටස් හත්සිය ගානක්  විකාශනය වුණා.අවුරැදු 3 ක් විතර ප්‍රේක්ෂකයන් ටෙලි නාට්‍ය රස වින්දා. හැබැයි ප්‍රේක්ෂකයෝ අවසානය වන තෙක් පුදුම විදිහේ කුතුහලයකින් බලපු කතාවක්. මෙගා වුණාට පබා නාට්‍යයේ අවසානය වෙන තෙක් ප්‍රේක්ෂකයන් හරිම රසවත්ව බැලුවා. මමත් අදටත් ඉඳහිට පබා යූටියුබ් එකේ බලනවා. මගේ ජීවිතේ ලස්සන කාලේ තමයි ඒක. පබාට එදා ලැබුණ ප්‍රේක්ෂක ආශීර්වාදය මට අදටත් තියෙනවා.

  • සිංගල් මාම් කන්සෙප්ට් එක ගැන මොන වගේ අදහසක් ද තියෙන්නේ?

ඒක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. ගෙදර වැඩයි කලා වැඩයි දුවගේ වගකීම් බැලන්ස් කරගෙන තනියම යන මේ ගමන අමාරුයි. සුන්දර නැහැ. අවුරුදු 4 ක කලින් දරුවවත් අරන් එළියට බැස්සෙම අභියෝග කන්දක් එක්ක. දරුවෙක් එක්ක තනිවීම කියන්නේ ඒ ජීවිතේ ලේසි නෑ. පැය 24 තනියම දරන්න ඕන වගකීම් ගොඩාක් තියෙනවා. මහන්සි දැනෙන වෙලාවල් එනවා. මහන්සියි කියලා අපිට ජීවිතේ කිසිම දෙයක් අතාරින්න බැහැ. මේ ගමන යන්නම ඕන ගමනක්නේ.  රංගනය කියන්නේ මගේ වෘත්තිය මහන්සි දැනුණා කියලා ඒවා අතාරින්නත් බෑ .ඒක නතර කළොත් ජීවත් වෙන්න විදිහක් නෑ. ඒ නිසා මහන්සි නොබලා වැඩ කරනවා. එක බලාපොරොත්තුවයි තියෙන්නේ මගේ ජීවිතේ. ඒ දුවට හොඳට උගන්නලා සමාජයට හොඳ දරුවෙක් කරන එක විතරයි.

  • නීතියෙන් වෙන් වුනත් දුවගේ තාත්තාගෙන් පොඩි හෝ සහයක් ලැබෙනව ද?

මම කොහොමත් ජීවිතේ ගැන මහා ලොකුවට හිතන්නේ ප්ලැන් කරන්නෙ නැහැ. අපි විවාහයෙන් වෙන් වෙලා හිටියත් තාත්තාගෙයි දුවගෙයි බැඳීම ඉහළයි.  දුවගේ තාත්තාගෙන් සියයට 25 විතර මුල්‍යමය පැත්තෙන් යම් උදව්වක් මට දෙනවා. මම මහන්සි වෙන තරමට තාත්තාට පැවරිලා තියෙන්නේ සියයට 10 ක ප්‍රමාණයක් සියයට 90 ක්ම මම තමයි කර ගහන්නේ. දැන් දුවට අවුරුදු 8 යි. දුවගෙන් ලොකු සහයෝගයක් මට ලැබෙනවා. මම දෙවියන්ට පිං දෙනවා ඒ වගේ ශක්තිමත් දරුවෙක්ව මට දුන්නාට. කවදාවත් මට වද දීලා කරදර කරලා නෑ. හැම දේම දරාගන්න හොඳ හැකියාවක් මගේ දූට තියෙනවා. සමහර වෙලාවට එයා මගේ අම්මා වගේ. දුව හරිම ශක්ති සම්පන්න දරුවෙක්. එයාට අවුරැදු 8 යි  හැබැයි මට උරහිසක් ඕන වෙලාවට මගේ ඔළුව තියාගන්න මට එයාගේ උරහිස තියෙනවා.  එයාගේ අතින් ඇල්ලුවත් මගේ හිතේ තියෙන ආතතිය නැති වෙලා ලොකු සැනසීමක් දැනනවා.

  • ඔබත් පිටරටක ඉපදුණ  ජීවිතෙන් භාගයක් පිටරක හැදුණ කෙනෙක්. ලංකාව දාලා යන්න හිතුණ අවස්ථා නැද්ද?

කෝවිඩ් ප්‍රශ්න අරගල ආර්ථික ප්‍රශ්න තදින්ම ආපු කාලේ මගේ පවුලේ අය කිව්වා ඕස්ට්‍රේලියාවට එන්න කියලා. මගේ අම්මාත් බල කළා. හැබැයි එයාලා එන්න කිව්වේ දුවව ලංකාවේ තියලා. දුවගේ තාත්තා ළඟ තියන්න කිව්වා හොස්ටල් දාන්න කිව්වා. ඒ ගමන ගැන හිතන්නවත් මගේ මනසට ආවේ නැහැ.  සල්ලි නැත්නම් දවසකට වේලක් කාලා හරි මම ජීවත් වෙනවා .නමුත් මම මගේ දරුවාගෙන් ඈත් වෙලා නම් යන්නැ කියන තැන හිටියා. අපේ අම්මා මාව හැදුවේ හොස්ටල් වල පවුලේ අයගේ රැකවරණය යටතේ. හැබැයි මට මගේ දුවට ඒක කරන්න බැහැ.

  • දේශපාලනය මේ දවස්වල වැඩි පුරම කතා බහට ලක්වෙන කාලයක්.ඔබත් කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළා. ආයේ ආරාධනාවක් අාවොත්?

පක්ෂ දෙකකින්ම ආරාධනා දෙකක් ලැබුණා මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. මම ප්‍රතික්ෂේප කළා. කලින් වැටුණ වළේ ආයේ වැටෙන්න බලාපොරොත්තුවක් නෑ. දේශපාලනය කියන්නේ මට ගැළපෙන තැනක් නෙමෙයි.

  • ඔබ මන්ත්‍රි විශ්‍රාම වැටුප මේ වෙනකොටත් ලබනවා ද?

ඔව්. මන්ත්‍රී  විශ්‍රාම වැටුප ලැබෙනවා. වර්තමාන ජනාධිපතිවරයා ඒක නතර කරනවා කියලා කියනවා. ඇත්තටම ඒකට මම එකඟයි. ඒ කාලේ දේශපාලනඥයන් ජනතා සේවයට ආවේ තමන්ගේ වත්කම් විකුණගෙන  සහ ඒ අය තමන්ගේ වත්කම් මිනිස්සුන්ට දන් දුන්නා. එතකොට ඒ අයට දේශපාලනයෙන් විශ්‍රාම ගියාම විශ්‍රාම වැටුපක අවශ්‍යතාව දැනුණා. නමුත් දැන් වෙන්නේ ඒකේ අනිත් පැත්ත දැන් ඉන්න දේශපාලනඥයෝ  කරන්නේ මිනිස්සුන්ගේ  දේවල් ටික හොරා කාලා ඒ අයගේ වත්කම් වැඩි කරගන්න එක. ඒ වගේ අයට විශ්‍රාම වැටුපක් අවශ්‍ය නෑ.

  • ජීවිතේ හෙට දවස දිහා බලන්නේ කොහොම ද?

ලොකුවට ප්ලෑන් කරන්න තරම් අවකාශයක් මට නැහැ. හෙට ගැන  හීන මට නෑ. අපි දෙන්නාගේ බැඳීමට බාධා වන කිසිම දෙයක් මම භාරගන්නේ නැහැ. මටත් ආදරය ළෙන්ගතුකම රැකවරණය අවශ්‍යයි. මම ආදරය ගොඩාක් විඳපු කෙනෙක්. හැබැයි දුවගේයි මගෙයි ගොඩ නඟාගෙන යන ජීවිතේ ඒ සියල්ලටම වඩා මට වැදගත්. ඒක යෝධ හයියක් වෙන්න අපිව ආරක්ෂා කරන්න අපිත් එක්ක ජීවිතේ බෙදා ගන්න කවුරු හරි එකතු වෙනවා නම් ඒක ගැන ටිකක් හිතනවා.


නදීශා අතුකෝරළ


 



අදහස් (0)

මහන්සියි කියලා ජීවිතේ කිසිම දෙයක් අතාරින්න බැහැ - උපේක්ෂා ස්වර්ණමාලි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30518 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12533 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10904 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 786 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site