IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


මම හරි පරිස්සමට වාහන පාවිච්චි කරන කෙනෙක් - මාධව විජේසිංහ

වාහනවලට ආදරය කරන අය  වෙනුවෙන්ම ගෙන ආපු 'රථගාය ' විශේෂාංගයට - මෙවර සම්බන්ධ කරගත්තේ , බොහෝ දෙනෙක් ආදරය කරන , ජනප්‍රිය කලා  ශිල්පී  මාධව විජේසිංහ .

  • මාධව විජේසිංහ කියන්නේ වාහනවලට ආදරය කරන කෙනෙක්ද?

ඔව්. මම වාහනවලට ගොඩාක් ආදරය කරන කෙනෙක් වගේම, තරමක් දුරට රථගායත් තියෙන කෙනෙක්. පොඩි කාලේ මට මතකයි, school van එකේ යනකොට මම හරි උනන්දුවෙන් බලන් ඉන්නවා, වාහන පදින විදිහ. බස් එකක ගියත්, ඩ්‍රයිවර්ගේ සීට් එක පිටිපස්සට වෙන්න තමයි ඉන්නේ. ඒ ඩ්‍රයිවර් බස් එක එලවන්නේ කොහොමද, ගියර් මාරු කරන්නේ කොහොමද, කියලා මම බලාගෙන ඉන්නවා. ලයිසන් ගන්නකන්, අපේ තාත්තා මට වාහන පදින්න දුන්නේ නැහැ. අපේ තාත්තා ඉහළ පෙළේ රජයේ සේවකයෙක්. එයාට ඔෆිස් එකෙන් වාහනයක් දීලා තිබුණා - රාජකාරි වැඩවලට. ඒත් එයා කවදාවත්, ඒ වාහනය අපේ පෞද්ගලික පාවිච්චියට ගත්තේ නැහැ. අපි ගොඩක් වෙලාවට, බස් එකේ තමයි අපේ ගමන් බිමන් ගියේ. ඊට පස්සේ අපේ තාත්තා වාහනයක් ගත්තා. ඒත් මම ලයිසන් ගන්නකන්ම, තාත්තා මට වාහනය එලවන්න දුන්නේ නැහැ.

  •  ලයිසන් එක ගන්නකොට  ඔබට වයස කීයද?

වයස අවු. 18 පිරුණු ගමන්ම මම ලයිසන් එක ගත්තා.  ට්‍රයල් තිබුණු දවසේ, මම ඉස්කෝලෙට ගියා - මගෙ උප්පැන්න සහතිකේ ගන්න. ඒ නිසා ඉස්කෝලේ ඇඳුමෙන්මයි ට්‍රයල් එකට යන්න උනේ. ඒ නිසාද කොහෙද පරීක්ෂා කළexaminer ඇහුවා, ලයිසන් ගන්න මොකක්ද ඔච්චර තියෙන හදිස්සිය කියලා. ලර්නස් එකේදිත්, මම ඉක්මනට driving ඉගෙන ගත්තා. මට examiner කිව්වා රිවස් එක මදි, ටිකක් පුරුදු වෙන්න කියලා. ඉතින් මට වාහන පදින්න තියෙන ආසාව නිසාම, එදාම හවස ගෙදර ඇවිල්ලා, වාහනය රිවස් එකට කිලෝමීටරයක් විතර drive කළා.  

පොඩි කාලේ අපේ ගෙදර තිබුණා සී.ටී. 90 බයික් එකක්. එතකොට මගේ වයස අවුරුදු 12ක් විතර ඇති. ගෙදර අයට හොරෙන් එක දවසක් මම ඒක පැද්දා. අපේ ගෙවල් තිබුණේ මත්තේගොඩ housing scheme එකේ. මම පාරේ බයික් එක පැදගෙන යනකොට, අපේ scheme එකේම ඇන්ටි කෙනෙක් දැකලා - අම්මාට කියලා. ගෙදර ආවාට පස්සේ මට හොඳටම බැනුම් අහන්නත් වුණා. කොහොම හරි  මම ආයේ ඒ වගේ වැඩ කළේ නැහැ.

  • තමන්ගේම කියලා වාහනයක් ගත්තේ, කොයි කාලෙදි ද?

මගේම කියලා වාහනයකට ඉස්සරවෙලාම මම ගත්තේ, මෝටර් බයික් එකක්. 2008දී. ඒක Bajaj Platina වර්ගයේ, නිල් පාට මෝටර් බයිසිකලයක්.  ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම,  පොඩි පොඩි වැඩවලට සහභාගි වෙලා එකතු කරගත්තු සල්ලිවලින් තමයි, මම ඒ බයික් එක ගත්තේ. ඒකෙන් මම ගියපු නැති තැනක් නැහැ. ෂූටින්ග්වලට ගියෙත්, ඒ බයික් එකේමයි. ඒ බයික් එක - අදටත් මගේ ළඟ මතකයක් විදිහට තියෙනවා. ඒ බයික් එක නිසා මට පොඩි අනතුරක්වත් වෙලා නැහැ.

ඊට පස්සේ මුලින්ම කාර් එකක් ගත්තේ, 2015 දී. Honda gp 5 වර්ගයේ සුදු පාට එකක් තමයි ගත්තේ. ඒ කාලේ සල්ලි මහ ගොඩක් තිබුණේ නැහැ. ඒ නිසා පෙට්‍රල් ඉතුරු කරගන්න කියලා හිතාගෙන තමයි, ඒ වාහනය මම ගත්තේ.

  • මාධව විජේසිංහ දැන් පාවිච්චි කරන වාහනය මොකක්ද?

මගේ ළඟ දැන් තියෙන්නේ, මෙරුන් පාට toyota premio වර්ගයේ වාහනයක්. ඒක මගේ යාළුවෙකුට කියලා ජපානයෙන් ගෙන්වා ගත්තේ. ඒක අරගෙන දැන් අවුරුදු 4ක් විතර වෙනවා. honda gp 5 එක තියෙද්දීම තමයි, මම ඒ වාහනය ගත්තේ. ඉතින් වාහන දෙකක් අවශ්‍ය නැති නිසා මම ඒක විකුණුවා.   

  • අලුතෙන් වාහනයක් ගත්තම විශේෂයෙන් කරන්නේ මොනවාද?

විශේෂයෙන් කියලා කරන්නේ, වාහනයක් ගත්ත ගමන්ම - ඒක තාත්තාට පෙන්නන එක. ඊට පස්සෙ එයාව දාගෙන කොහේ හරි රවුමක් යනවා. නැත්නම්, එයාට වාහනය drive කරන්න දෙනවා. මොකද අපි මොකක් හරි දෙයක් achieve කළාම, හදවතින්ම සතුටු වෙන්නේ එයාලා. ඊට පස්සේ පන්සලට එහෙමත් යනවා. මිථ්‍යා දේවල් නම් මම කරන්නේ නැහැ.  

  • ඔබ වාහනයක් හින්දා, පාරේ කට්ට කාලා එහෙමත් - තියෙනවාද?

නැහැ. ඒත් tyre puncture නං ඕන තරම් වෙලා තියෙනවා. ඒත් ඒවාට අවශ්‍ය දැනුමත්‘ පුහුණුවත් තියෙන නිසා, ඒක crisis එකක් වෙන්න දෙන්නේ නැතුව - manage කර ගන්නවා. මම හරි පරිස්සමට වාහන පාවිච්චි කරන කෙනෙක්. වාහනය හෝදලා, හරි වෙලාවට ටයර් මාරු කරලා, repair කරලා තියාගන්න කෙනෙක්. ඒ නිසා, මගේ යාළුවෝ කියනවා, මාධව පාවිච්චි කරපු වාහනයක් ගන්න - දෙපාරක් හිතන්න ඕන නැහැයි කියලා. අද කාලේ හැටියට වාහනයක් හරි කාලෙටම maintain කරන්න හරි අමාරුයි.

  • Drive කරනකොට - වාහනයේ ඉන්න passengersලාට, නීති දානවාද?

ඔව්. ඒක නම් මම කරනවා. එහෙම නීති දාන්නේ,  passengersලාගේ ආරක්ෂාවට. මම Drive කරනවා නම් - අනිවාර් යෙන්ම, වාහනයේ යන අය සීට් බෙල්ට් දාන්නම ඕන. මම පරිස්සමට Drive  කරන කෙනෙක්. මගේ යාළුවොත් කියනවා, මගේ Driving හරිම safe  කියලා. ඊට අමතරව කෑම බීම කන්න බැහැ. ඒවා හැළුණම - සුද්ද කරන්න ටිකක් අමාරුයි වගේම, කූඹි එනවා. ඒ වගේම, මඩ එහෙම පාගගෙන ඇවිල්ලා වාහනයට නගිනවා නම් - මම හරිම අකමැතියි. එහෙම නගිනවා නම්, කාපට් එක උඩින් කකුල තියාගෙන යනවටයි මම ගොඩක් කැමති. ඒත් ඒක බොහෝ  වෙලාවට මම කියන්නේ නැහැ ඉතින්, පිට මිනිස්සුන්ට. ඒත් හිත යටින් හිතනවා, කකුල කාපට් එකේ තියාගත්තොත් හොඳයි කියලා. මගේ වාහනයට නගින ගොඩක් දෙනෙක් දන්නවා, මම වාහනය තියාගන්නේ කොහොමද කියලා. ඒ නිසා ඒ අය ඒ විදිහට ඉන්නවා ඉතින්.

  • වාහන modification ගැන මාධව මොකද හිතන්නේ?

ඒ සම්බන්ධයෙන් මට තියෙන්නේ ටිකක් වෙනස් මතයක්.  modification කියන එක හරියට කරනවා නම් හොඳයි. ඒත් අපේ රිය අනතුරු ගැන හොයලා බැලුවහම පේනවා, වැරදි modification නිසා කොච්චර අනතුරු වෙලා තියෙනවාද කියලා. මම වාහනයේ original look එකට කැමති කෙනෙක්. modification එකක් කරනවා නම් හරියට කරන්න ඕන. ඒ වගේම දැනගෙන, ඒ ඒ වාහනයට ගැළපෙන modification කරන්න ඕන. විශේෂයෙන්ම ඒ වාහනයේ තාක්ෂණයට හානියක් නොවෙන්න modification කරන්න ඕන. ඒ කියන්නේ වාහනයක් නිර්මාණය කරනකොට ඒ සමාගම්වලින් වාහනය පෙරළෙන්නේ නැති විදිහට තාක්ෂණික වශයෙන් යම් අංගයන් එක් කරලා එවන්නේ. ඉතින් modification වලින් ඒ දේවල් වෙනස් වෙනවා නම් ඒක වාහනයේ safety එකට ප්‍රශ්නයක්.

  • මාධව විජේසිංහගේ dream vehicle එක මොකක්ද?

මම ඇමරිකාවේ ගිය වෙලාවක tesla plaid කියන වාහනය පැදලා බැලුවා. ඒකට මට හිත ගියා. ඉතින් කවදා හරි ලංකාවට ඒ වාහනය ආවහම ගන්නවා කියලා තමයි හිතාගෙන ඉන්නේ.


ලිහිණි ලියනගේ


 



අදහස් (0)

මම හරි පරිස්සමට වාහන පාවිච්චි කරන කෙනෙක් - මාධව විජේසිංහ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 436 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site