විවිධ කලාවන්ට හැකියාවන් ඇති, එකසේ දක්ෂතා දක්වන කලා තරු ක්ෂේත්‍රයෙන් අපිට හමුවෙන්නේ බොහොම කලාතුරකින්. මේ දිනවල පුංචි තිරයෙ "ඉරගිනි මද්දහනෙ" බණ්ඩාරෙට පණ පොවන ධනංජය සිරිවර්ධන කියන්නෙත් ඒ වගේ රංගනය, නිවේදනය, අධ්‍යක්ෂණය සහ තිර රචනය යන දක්ෂතා රැසකින් පිරිපුන් කලාකරුවෙක්. ඉතින් මේ කතාබහ ඔහු සමඟින්
ප්‍ර මේ දවස්වල ඉරගිනි මද්දහනේ බණ්ඩාරෙට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මම හිතන්නේ මෑතකාලීනව මට ලැබිච්ච හොඳම ප්‍රතිචාර ටික ලැබෙන්නේ ඉරගිනි මද්දහනේ බණ්ඩාරෙ වෙනුවෙන්. ඒක හිතපු නැති දෙයක් කියන්න බැහැ. මොකද අපි බොහොම කල්පනාවෙන් කරපු නාට්‍යයක් මේක. මම කාලයක් තිස්සෙ මෙගා ටෙලි නාට්‍යවල රඟපාන්නේ නැතුව ඉඳලා, ප්‍රාසාංගික නාට්‍ය කලාව විතරක් කරනවා කියලා හිටපු කාලේ පටන් ගත්ත නිර්මාණයක් තමයි ඉරගිනි මද්දහන. ඉතින් ප්‍රේක්ෂකයොත් ඒ නාට්‍යයෙ තියෙන මූලික හරය සහ තේමාව හරියට අවබෝධ කරගෙන ඉන්නවා. මොකද බණ්ඩාර කියන්නේ සුදු චරිතයක් නෙවෙයි. ඇත්තටම නාට්‍යයේ ඇතුළේ කිසිම සුදු චරිතයක් නැහැ. හැමෝම සුදුයි කළුයි කලවම් වුණ සාමාන්‍ය ජීවිතේ අපිට හම්බවෙන චරිත. ඒක හරියටම තේරුම් ගත්ත ප්‍රේක්ෂකයො මගෙ රංගනයට දක්වන ප්‍රතිචාර තමයි මේ දවස්වල මම අත්විඳින්නේ.
ප්‍ර බණ්ඩාර කියන චරිතෙ ගැන කතා කළොත්?
මේ චරිතෙ තරංගා දිසානායකගේ කඳුළු කුණාටුව කියන නවකතාවේ හමුවෙන බණ්ඩාර කියන චරිතෙ. නාට්‍යයේ සමන්තා කියන ස්ත්‍රියට ජීවිතේ වැඩිපුරම බලපෑම් එකතු කරන චරිතය හැටියට තමයි මම බණ්ඩාර කියන චරිතය හඳුන ගත්තේ. බාහිරින් බලන කොට හරිම දුෂ්ට සහ දැඩි මතධාරී පොලිස් නිලධාරියෙක්ගේ රැකියාවක් කරන දැඩි ජීවන රටාවක ඉන්න චරිතයක්. මට හිතෙන්නේ බණ්ඩාරගේ විශේෂත්වය තමයි ඔහු රාගය ඇතුළේ ප්‍රේමය හොයන කෙනෙක්.
ප්‍ර ඉරගිනි මද්දහනට බණ්ඩාරෙව හමුවෙන්නේ අරගලේ මැදදි කියලා ලලිත් රෝහිත මහතා වැඩසටහනකදි කියනවා. මොකක්ද ඇත්තටම ඒ කතාව?
හැමෝම අරගලේදි එළියට බැස්සනේ. ඉතින් අපිත් මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න ඕනෙ කියලා එළියට බැස්සා. අරගලේ යනකොට තමයි මම දැක්කේ ලලිත් ඉන්නවා කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක් වෙලා වැටිලා. ඒ වෙලාවෙ මම ගිහින් වතුර එකක් දීලා ලලිත් අමාරුද කියලා ඇහුවහම ලලිත් කිව්වේ අරගලේ ගැනවත් කඳුලු ගෑස් ගැනවත් නෙවෙයි, ඔයා ඉන්නවද ලබන මාසේ? ඔයාට දින තියෙනවද කියලා තමයි ඇහුවේ. ඒ වෙලාවේ මම අපි පස්සේ කතා කරමු කියලා තමයි එයාව එතනින් ගලවගත්තේ. නමුත් ලලිත් එදා රෑම කතා කරලා පහුවදාම පිටපතත් එවලා මගේ ඔළුවෙ හිටපු බණ්ඩාරව මම දැක්කේ අද, මට මේ චරිතෙට ඔයාව ඕනෙමයි කියලා මේ වෙනුවෙන් ආරාධනා කළා. ඊට පෙරත් මම ලලිත් රචනා කළ බ්‍රහ්ම මුහුර්තයෙ රඟපාලා තියෙනවා.ඒ නිසා ඔහුගෙයි මගෙයි හිතවත්කමක් තිබුණා. නමුත් ඒ හිතවත්කමට එහා ගිහින් අරගල භූමියෙදි බණ්ඩාර කියලා චරිතයක් ලලිත් මගෙන් දැකලා තිබුණා. ඒ විදිහට තමයි මට මේ චරිතෙ ලැබෙන්නේ.
ප්‍ර ධනංජය පුංචි තිරයේ වගේම රිදී තිරයෙත් එකකට එකක් වෙනස් චරිත තමයි නිරූපණය කරන්නේ?
ඔව්, එහෙම අවස්ථා කීපයක්ම මෑතකදි උදා වුණා. විශේෂයෙන්ම බුද්ධ මාතා චිත්‍රපටයේ ආනන්ද හාමුදුරුවන්ගේ චරිතය. එතනින් එහාට සුරංග අල්විස්ගේ 106 සහ කිඩ්නැප් කියන චිත්‍රපටය එන්න තියෙනවා. ඒ වගේම මෑතකදීම ඒ කියන්නේ ලබන මාසේම බලාපොරොත්තු තියන් ඉන්නවා Mother Lanka චිත්‍රපටය තිරගත වෙයි කියලා. ඒක මගේ ජීවිතේ වැඩිපුරම කැපකිරීම කරපු චරිතය කියලා මට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා තරමක් දුරට එය ආන්දෝලනාත්මක විය හැකියි කියලා මම හිතනවා. Mother Lanka චිත්‍රපටයේ සත්‍යා කියන චරිතය ගත්තොත් මම දැඩි මහන්සියක් සහ කැපකිරීමක් කරපු අවස්ථාවක්. මොකද ඒ මාසෙ ඇතුළත මම ගෙදරින්වත් එළියට බහින්නේ නැතුව හිටියේ. ඇත්තටම බහින්න විදිහක් නැහැ. මගේ සම්පූර්ණ රූපය, මූණ සහ ඇඟපත පවා වෙනස් කරගත්තු චරිතයක් ඒක. සෑහෙන්න කැප කිරීම් කරලා, නොකා නොබී හිටියා ඒ වෙනුවෙන්. මම හිතනවා ඒක ප්‍රේක්ෂකයන්ට තේරෙයි චිත්‍රපටය නැරඹුවොතින්.
ප්‍ර එවැනි චරිතයක් අපි මීට කළින් ධනංජයගෙන් දැකලා තිබුණෙ නැහැ. ඒ අභියෝගයට මුහුණ දුන්නේ කොහොමද?
මට ඕනෙම චරිතයක් අභියෝගාත්මකයි. මොකද මම රඟපාන්නේ මගේ චරිතය නෙවෙයිනේ. ඒ අභියෝගය තමයි නළුවෙක්ව නිර්මාණය කරන්නේ. ඒ නිසා මම කැපවෙන්න තීරණය කළා. ඒ සම්බන්ධව මම යම් යම් අභ්‍යාස කළා. කථක් නර්තනය පුරුදු වුණා. මේවගේ ගොඩක් දේවල් කරන්න සිදු වුණා. මම කැමතියි අමාරු අභියෝග ජයගන්න. බුද්ධ මාතා වෙනුවෙනුත් මම හිස බූ ගෑවේ ඒ අභියෝගය භාර ගන්න. ඉතින් මම හිතනවා ඒක සාර්ථකයි කියලා. බුද්ධ මාතාව නිර්මාණයටත් වඩා සත්‍යා කියන්නේ සෑහෙන කැපකිරීමක් කරන්න වුණු චරිතයක්. ඒ සඳහා මාව ඔවුන් තෝරාගැනීම තුළම ඔවුන්ට මා කෙරෙහි ලොකු විශ්වාසයක් තිබ්බා. අනූෂ සංජීව සහ ක්‍රිෂාන්ති කුලසූරිය රචිකාව. ඔවුන් දෙදෙනා මාව තෝර ගෙන මේ චරිතය මට දුන්නේ දැඩි විශ්වාසයකින්.ඉතින් මගේ සිනමා ජීවිතේ කළ ලොකුම රංගනයක් තමයි Mother Lanka තුළින් දකින්න බලාපොරොත්තු වෙලා ඉන්නේ.
ප්‍ර එතකොට පුංචි තිරයෙන් ඔබ ප්‍රේක්ෂකයන් ඉදිරියට එන්නේ මොන වගේ නිර්මාණවලින් ද?
මම මෙගා නාට්‍යවලට වැඩිදායකත්වයක් ලබා නොදෙන නිසා මේ දිනවල නම් ඇත්තටම ඉරගිනි මද්දහන නිර්මාණය තුළින් විතරයි දැක ගන්න ලැබෙන්නේ. දායකත්වය දුන්නත් ඒවගේ කොටස් සීයට වඩා අඩු නිසා ටෙලිවිෂනයේ එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ඉදිරියේදී අපේ බන්දුල නානායක්කාරවසම්ගේ දිසාපති සහ සුදර්ශන බණ්ඩාරගේ චිලිපේස්ට්, ග්‍රෑන්ඩ් කහවත්තගේ නිහඬගිර වගේ ටෙලිනාට්‍ය කිහිපයක් එන්න තියෙනවා. ඒවා මෙගා ටෙලි නාට්‍ය නෙවෙයි.
ප්‍ර මෙගා ටෙලිනාට්‍යවලට වැඩිපුර දායක නොවෙන්න හේතුව?
අකැමැත්තක් නෙවෙයි, මෙගා ටෙලිනාට්‍යවලට, දිනපතා විකාශය වෙන ටෙලිනාට්‍යවලට මම හිතනවා මට වඩා අලුත් පරම්පරාව ගැළපෙනවා කියලා. මොකද මමත් ඒවා කාලයක් කළා. කොටස් සීය ඉක්මවා රඟපාපු අවසාන ටෙලිනාට්‍ය තමයි සිල්ලර සමනල්ලු කියන නාට්‍ය. ඒකේ නින්ජා කියන චරිතෙන් මිනිස්සු අතර ගොඩක් කතා බහට ලක්වුණා. මම හිතනවා ඒක තමයි මගේ අවසාන මෙගා නාට්‍ය. අදටත් මම නොකර ඉන්නවා නෙවෙයි, ඒ පිටපත ඇතුළේ සමහර වෙලාවට අපි දකිනවා මුලදි විතරයි ලොකු බලාපෑමක් තියෙන්නේ. පස්සෙ ඒක නිකන් තිබ්බා ගැහුවා මට්ටමකට යනවා. එහෙම වුණාම අපරාදෙ කියලා නාට්‍ය කණ්ඩායමෙ අපි හැමෝටම හිතෙනවා. එහෙම නැතුව ගුණාත්මකභාවය පවත්වා ගෙන යන්න පුළුවන් කියලා හිතෙන නිර්මාණයක්, හොඳ පිටපතක් ලැබුණොත්, කොටස් පන්සීයක් ගියත් කමක් නැහැ මම භාර ගන්නවා. මොකද කාලෙන් කාලෙට මම වෙනස් වෙනවා. තට්ටෙ ගානවා, කොණ්ඩෙ වවනවා, රැවුල වවනවා. ඒ නිසා නිර්මාණයට මගෙන් හානියක් වෙන්නෙ නැති වෙන්නත් ඕනෙනේ. මොකද කවදාවත් කිසිම නිර්මාණයක් මම මඟින් දාලා ගිහින් නැහැ. අවසානය වෙනකල්ම ඉන්නවා. ඒ නිසා ඒ වගකීම ගන්න පුළුවන් තැනකදි මම මෙගා ටෙලි නාට්‍යයක් වුණත් භාරගන්න පුළුවන් ඉඩක් තියෙනවා. නමුත් මම හිතනවා ඊට වඩා ප්‍රාසාංගික ටෙලි නාට්‍යක් කරන්න කැමතියි කියලා.
ප්‍ර "සිදාදියේ සමනලියෝ" නිර්මාණය අධ්‍යක්ෂණයෙන් පසු නැවත ඔබේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණ කළේ නැද්ද?
ඒක මම මෙගා ටෙලි නාට්‍යයක් විදිහට නෙවෙයි කළේ. නමුත් ඒක මෙගා ටෙලිනාට්‍යයක් විදිහට විකාශය වෙන්න ගත්තම නිෂ්පාදක කණ්ඩායමෙන්ම ආවා මේ තරම් මේකට මහන්සි වෙන්න ඕනෙ නැහැ කියලා. මට මහන්සි වෙන්නෙ නැතුව වැඩ කරලා පුරුදු නැහැ. ඒ වගේම මම වැඩ ගැන ගොඩක් බරපතළ විදිහට හිතන කෙනෙක්. විශේෂයෙන්ම නිර්මාණ ගැන. ඉතින් එහෙම වැඩක් මේ දවස්වල ලියාගෙන යනවා. ඒක සාමාන්‍ය ටෙලිනාට්‍යයක කතාවකට වඩා සෑහෙන වෙනස් විදිහෙ කතාවක්. මම බලාපොරොත්තු වෙනවා මැයි මාසෙ හෝ ඊට පස්සෙ හරි මෙහි රූගත කිරීම් කරන්න ලැබෙයි කියලා. ප්‍රේක්ෂකයන් වුණත් මගෙන් බලාපොරොත්තු වෙන්නේ යම්කිසි විශේෂත්වයක්. ඉතින් ඒ දේ දෙන්න පුළුවන් නම් විතරයි මම නිර්මාණයක් කරන්නේ. සිදාදියේ සමනලියෝ එකේ පවා මම සෑහෙන කාලයක් ගත්තා පූර්ව නිෂ්පාදන වැඩවලට. කෙනෙක්ව තෝරගද්දි වුණත් හරිම කෙනා හම්බවෙන තුරුම මම ඒ කෙනාව හොයනවා. මගේ "Number 9" තිර පිටපත වුණත් මිනිස්සු විශ්වාසයෙන් නැරඹුවෙ ඒ නිසා. ඊට පස්සෙ තමයි සිදාදියේ සමනලියෝ එන්නේ. ඉතින් ගුණාත්මක දෙයක් ප්‍රේක්ෂකයො මගෙන් බලාපොරොත්තු වෙන නිසා නිර්මාණයක් කරන්න මට වෙලාවක් යනවා.
ප්‍ර රංගනයට අමතරව ඔබ දක්ෂ නිවේදකයෙක්?
ඔව්, නිවේදකයෙක් විදිහටත් වැඩ කරන ඉසව් ගොඩක් තියෙනවා. මම මටම ආවේණික වුණ විදිහකට තමයි වැඩසටහන් කරන්නේ. රංගනය වගේම තමයි වැඩසටහනෙන් වැඩසටහනට නිවේදනය වෙනස්. සංගීත ප්‍රසංග, දේශපාලනමය, සංගීතමය ටෙලිවිෂන් වැඩසටහන්. මේ හැම වැඩසටහනකටම ආවේණික ආකෘතියක් තියෙනවා. ඉතින් මම උත්සාහ කරන්නේ අනිත් වැඩසටහන්වලට වඩා මගේ වැඩසටහනට විශේෂත්වයක් දෙන්න. ඒ වෙනුවෙනුත් මම වෙලාවක් අරන් එන කලාකරුවන් ගැන අධ්‍යයනයක් කරලා තමයි නිවේදන කාර්ය්‍ය කරන්නේ. සම්පූර්ණ වැඩසටහන බලන අයට ඒක තේරෙනවා.
ප්‍ර රංගනය, නිවේදනය, තිර රචනය සහ අධ්‍යක්ෂණය. මේ අතරින් ධනංජය වැඩිපුරම කැමති මොන ක්ෂේත්‍රයටද?
ඇත්තටම රචනයට සහ අධ්‍යක්ෂණයට මම කැමතියි. නමුත් ඒකට ටිකක් කාලයක් ගතවෙනවා. හැබැයි ඒ මොන දේ කළත් රංගනය තරම් මාව සතුටට පත් කරන දෙයක් නැහැ. හරි චරිතයක් කරලා ඒක මිනිස්සු පිළිගන්නවා කියන තැනදි මම පුදුම සතුටක් ලබනවා. අනිත් දේවල් සතුටු නැහැ කියනවා නෙවෙයි. හැබැයි රංගනයට තමයි මම කැමතිම.
කෞශල්‍යා ලක්ෂානි
අසා සිටින අයට වදයක් වෙන තරමට කට කියවමින් අසල්වාසීන්ගේ ඕපාදූප සොයමින්, ඇසුරු කරන අයට ගිනි ගෙඩි දෙමින් වටපිටාවේ කරක් ගසන කාන්තාවන් ඕනෑම සමාජ තලයක දකින්
විවිධ කලාවන්ට හැකියාවන් ඇති, එකසේ දක්ෂතා දක්වන කලා තරු ක්ෂේත්‍රයෙන් අපිට හමුවෙන්නේ බොහොම කලාතුරකින්. මේ දිනවල පුංචි තිරයෙ ’’ඉරගිනි මද්දහනෙ’’ බණ්ඩාරෙ
ගීතය මේ වෙන කොට ප්‍රවීණ ගායන ශිල්පී ධනපාල උඩවත්ත මහතාගේ හඬින් වගේම ඔහුගේ පුත් ගයාන් උඩවත්තගේ හඬිනුත් අහපු නැති කෙනෙක් නැති තරම්. පියාගේ අඩිපාර දිගේ ආව
එදා මෙන්ම අද පරපුර පවා ආදරයෙන් වැලඳගන්නා මෙවැනි ගී දහරකින් රසික නෙත් සවන් සිත් මෝහනය කළ ඒ ප්‍රවීණ ගායන ශිල්පියා ඔබට මතක ඇති. ඔහු තමයි ෂෙල්ටන් මුතුනමගේ.
ප්‍ර මනෝජ් ඔබව බොහෝ දෙනෙක් හඳුනන්නෙ කල්පන නමින්. එහෙම නේද?
රුවත් නුවණත් දක්ෂතාවත් එක ලෙසම පිහිටි තරු අතර දීප්තිමත් තරුවක් වන ඇය කලා වෘත්තියට කොටු නොවී නීතීඥ වෘත්තියත් ගුරු වෘත්තියත් තම ව්‍යාපාරත් සමබරව කරගෙන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මට ඔනැම චරිතයක් අභියෝගාත්මකයි - ධනංජය සිරිවර්ධන