IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


මගේ හීනය වුණේ නර්ථන ගුරුවරියක් වෙන්න - PIYUMALI Prasadini


‘පාට කුරුල්ලෝ’ කියන්නේ මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන ටෙලි නිර්මාණයක්. විශේෂයෙන් මේ වෙනවිට පාට කුරුල්ලෝ ඔස්සේ නවක මුහුණු කිහිපයකුත් පුංචි තිරය තුළින් හමු වෙනවා. ඒ වගේම මේ දිනවල බොහෝ දෙනාගේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා සිටින රුවැත්තියක් වෙනුවෙන් මෙවර සඳැල්ල කවරයේ කතාවෙන් ඉඩක් වෙන් කරන්න සිතුවා. සුන්දර රූ සපුවකට හිමිකම් කියන ඇය පියුමාලි එදිරිසිංහයි.

  • සම්පූර්ණ නම :- 

පියුමාලි ප්‍රසාදිනී එදිරිසිංහ

  • අධ්‍යාපනය හැදෑරුවේ :- සපුගස්කන්ද විශාකා බාලිකා විද්‍යාල​ෙය්
  • පවුලේ තොරතුරු :- 

 පවුලේ අම්මායි, තාත්තායි, නංගිලා දෙන්නායි. ගෙදර වැඩිමල්ම දුව මම.   

  • පාසල් කාලේ වැඩිපුරම ආස කළේ කොයි වගේ ක්ෂේත්‍රයකට ද?

මම පාසල් කාලේ අධ්‍යාපනය, ක්‍රීඩාවට, කලාවට සමබරව දක්ෂතා දැක්වූවා. ඒවට මම ආස කළා. මම පාසල් කාලේ දක්ෂ ක්‍රීඩිකාවක්. කුඩා කාලේ ඉඳලාම හොකී සෙල්ලම් කළා. හැබැයි වැඩිපුරම අාසා කළේ නර්තනය පැත්තෙන් ඉස්සරහට යන්න. මගේ හීනය වුණෙත් නර්ථන ගුරුවරියක් වෙන්න.

  •  පාට කුරුල්ලෝ නාට්‍ය එක්ක රංගනයට ලැබුණ  අවස්ථාව ජීවිතේ කොයි තරම් වටින අවස්ථාවක් ද?

පාට කුරුල්ලෝ මගේ පළමු ටෙලි නාට්‍ය . මට මේ ටෙලි නාට්‍යයට ආරාධනා ලැබෙන්නේ චාමර සමරවික්‍රම අයියා හරහා. චාමර අයියා මුලින්ම කතා කරහම මම එක පාරටම  කිව්වා ‘‘අනේ මට බෑ අයියේ’’ කියලා. හේතුව විදේශ ගතවෙන්න බලාපොරොත්තුවත් තිබුණා. එකත් එක්ක නිර්මාණයට ඇවිත් මග දාලා යන්න බැරි නිසා ඒ ගැන හිතලා තමයි මම මුලදි බෑ කිව්වේ. පස්සේ ආයේ චාමර අයියා මට කතා කළා.     චාමර අයියා මට පිටපත දිලා කිව්වා මේ කතාවේ ඔයාගේ ප්‍රේමවන්තයා විදිහට ඉන්නේ සජිත අනුත්තර. මොකද කියන්නේ වැඩේ කරමු ද කියලා ඇහැව්වා. කොහොම හරි කැරකිලා පාට කුරුල්ලෝ එකටම එන්න වුණා. සජිත කියන්නේ මං ආසම කරන අති දක්ෂ නළුවෙක්. ඒ වගේ කෙනෙක් එක්ක මගේ පළමු රංගනය ඉදිරිපත් කරන්න ලැබුණ එක ලොකු අවස්ථාවක්.

ඒ වගේම ශිවගුරුනාදන් සර් ඒක්ක වැඩ කරන්න තියෙනවා කිව්වාමත් මම ගොඩාක්ම සතුටු වුණා. හැබැයි මගේ පළමු නිර්මාණය නිසා කැමරාව ඉස්සරහට යද්දි බයක් තිබුණා. සහ ලොකු අභියෝගයක් වුණා.  රූගතකිරිම්වලට  ගිය මුල්ම දවසේ බයටම මට දෙබස් අමතක වුණා. එකම සීන් එක කිහිපවතාවක්ම කරන්න වුණා එදා. ශිවා සර් ඇතුළු අය හැමෝම උදව් කළා . ඒ වගේම විශේෂයෙන් සජිත අයියා කුසල් අයියා රත්නා ලාලනි මිස්, ප්‍රසන්නජිත් සර් මගේ අඩු පාඩු හදාගන්න ගොඩාක් උදව් කරනවා. ඇත්තම කිව්වොත් මගේ රංගන පාසල තමයි පාට කුරුල්ලෝ.

  •  පියුමාලිට කලාවට පාර හැදෙන්නේ රූපවාහිනි අවුරුදු කුමරි තරඟය නිසාමද?

ඇත්තටම ඔව්. මම රූපවාහිනි අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වෙන්නේ  2016 දි. ඒ වෙනකොට මම උසස් පෙළ ලියලා නැහැ .  මට ඕන වුණේ ඒ තරගයට ඉදිරිපත් වෙන්න විතරයි. මොකද්දෝ පෙර වාසකාවකට මට 2016 අවුරුදු කුමාරි තරගයේ පළමු ස්ථානය හිමි වුණා. අවුරුදු කුමාරි වුනාට පස්සේ මට චිත්‍රපටයකට සහ ටෙලි නිර්මාණ කිහිපයකටම අවස්ථාව ලැබුණත් ඒ වෙනෙකොට මම උසස් පෙළ සුදානම් වුණ නිසා ඒ දේවල්වලට දායක වෙන්න බැරි වුණා.  2016 අවුරුදු කුමාරි වුනාට පස්සේ අවුරුදු 4ක්  මේ ක්ෂේත්‍රයේ වැඩ කරේ නැහැ. මීට අවුරුදු දෙකකට කලින්  මම වෙළඳ දැන්වීම්වලට දායක වුණා. නමුත් ටෙලි නාට්‍යවලට නැවත අවස්ථාවක් ලැබෙයි කියලා හිතුවේ නැහැ. මේ අහම්බෙන් ලැබුන අවස්ථාවක්.

  •  ලැබෙන ප්‍රේක්ෂක ආදරයේ සතුට කොහොමද දැනෙන්නේ ?

නිම්නාවි කියන චරිතයට ගොඩාක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. නිම්නාවි කියන්නේ අහිංසක චරිතයක්. ඒ අහිංසකකම ඇතුළේ තියෙන්නේ ඇන්දිල්ලක්.  හැබැයි ඇත්ත ජීවිතේ නම් මං ඇන්දෙනවා ගොඩාක් අඩුයි.

වෙලාවක නිම්නාවිගේ අහිංසකම ගති ලක්ෂණ පියුමාලිගේ ඇත්ත ජීවිතෙත් තියෙනවා.

  •  මොකද්ද ඔයාගේ ජීවිතේ ලස්සනම මතකය ?

ලස්සනම මතකය සහ ජීවිතේ වෙනස්ම වුණ තැන තමයි අවුරුදු කුමාරි තරගය. එදා මට මගේ ජීවිතේ අලුතින් ඇරඹුණා වගේ හැඟීමක් ඇති වුණා.  

  • ආදරය කොහොමද ජිවිතයට දැනෙන්නේ ? 

ප්‍රේක්ෂක ආදරය නම් මේ වෙනකොට ඉහළින් ම ලැබෙනවා. ඒ ආදරයට අමතරව මම මේ වෙනකොට සුවිශේෂී  ආදරයක කොටස්කාරියක්.

 

 


  • නදීශා අතුකෝරළ

ඡායාරූප රුසිරු කොළඹතන්ත්‍රි 


 



අදහස් (0)

මගේ හීනය වුණේ නර්ථන ගුරුවරියක් වෙන්න - PIYUMALI Prasadini

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 786 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 916 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 378 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site