විවාහයෙන් පසුව දිනුෂා සිරිවර්ධන රඟපෑමෙන් දකින්නට නැති වුණාට, සමාජ මාධ්‍ය ඔස්සේ නම් නිතර හමුවෙනවා. ඒ විදිහට ඇය යූ-ටියුබ් වීඩියෝ ඔස්සේ සහ ‘ටික්ටොක්’ වීඩියෝ ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට නිරන්තයෙන් පැමිණෙන්නෙ ඉවුම් -පිහුම් වැඩ සමගයි. හැබැයි තනියම නම් නෙවෙයි, එයාගෙ සිඟිති දියණිය සමගයි. ඉතින් ඒ නිසාම මේ දෙන්නට ලැබෙන ප්‍රතිචාර බොහෝමයි. ඒ විදිහට ප්‍රේක්ෂක ආදරය දිනා සිටින මේ අම්මා තමයි අද සඳැල්ල අම්මයි දුවයි විශේෂාංගයට එක්වන්නේ.
තවම මා ගැන එයාලට මතක ‘නෙතු’ නාට්‍යයේ ‘නෙතු’ගෙ චරිතය නිසයි.
මේ දිනවල නම් ඉතින් බබා පෙරපාසල් යන නිසා එයාගෙ වැඩ එක්ක තමයි කාලය ගෙවන්නෙ.
මම හිතන්නෙ සමාජ මාධ්‍ය වගේම ටීවි වැඩසටහන්වලට එහෙමත් නිතර දායක වෙන නිසා වෙන්නැති. ඒ විදිහට ලැබෙන ප්‍රතිචාර ගැන මට සතුටයි. කොහොමටත් මේ දිනවල රඟපෑම්වලට දායක නොවුණත් ක්ෂේත්‍රයෙන් අයින් වෙලා නැහැ. මම පෙනී සිටින රූපවාහිනි දැන්වීම් එහෙමත් නිතර ප්‍රචාරය වෙනවා.
ඔව්. පොඩිම කාලයේදී වගේ දායක වූ ‘හොල්සිම්’ දැන්වීම එක්කයි. ඉන්පසුව නිරූපණ ශිල්පිනයක ලෙස ක්ෂේත්‍රයට ආවේ.
‘මමයි - බබයි’ එකතුවෙලා කරගෙන යන වීඩියෝ නිසයි. අපි දෙන්නා ඒවා කරන්නෙ යූ-ටියුබ් එකට. මගේ සැමියා තමයි අධ්‍යක්ෂණය කටයුතු සංස්කරණය සහ කැමරාකරණය ඇතුළු සියල්ල කර දෙන්නෙ. මේ දිනවල ඒ වීඩියෝ ගොඩාක් ජනප්‍රියයි. ‘මායි - දුවයි’ එකතුවෙලා උයන හැටි තමයි ඒවායින් පෙන්වන්නෙ. ඉතින් ඒවාට ලැබෙන ප්‍රතිචාර හරිම ඉහළයි.
අවුරුදු 4යි.
බොහොම සාමකාමීව, ආදරණීයව ගෙවෙනවා. අපි දෙන්නම එකම ක්ෂේත්‍රයක නිසා අවබෝධය ඉහළයි. දෙන්නට දෙන්නා තේරුම් ගැනීම නිසා ප්‍රශ්න අඩුයි. ඉතින් අපි සතුටින්.
ආරාධ්‍යා ශයිනි බාලසූරිය
මම හිතුවෙ මට ලැබෙන්න ඉන්නෙ පුතෙක් කියලයි. බලද්දී දුවෙක්. දුවෙක් කියලා දැනගත්තාම ලොකු සතුටක් ඇති වුණේ. අපේ දුව හරි වාසනාවන්තයි. අද අපට වඩා මිනිස්සු ආදරේ එයාට. ඒ නිසා අපටත් හරි සතුටුයි.
ලොකු වගකීමක්. එයාව මුල සිට ආරක්ෂා කළ යුතුයි. දියණියක විවාහ වන තෙක් මවට ඇය ගැන තියෙන අවධානය, ආරක්ෂාව, ආදරය අත්හරින්න බැහැ. ඇයව මලක් වගේ ආදරයෙන් රැකබලා ගන්න ඕනෑ. මම රඟපෑමෙන් පවා අද වනවිට ඈත්වෙලා ඉන්නෙ දුවට වැඩිපුර අවධානය යොමු කරන්න අවශ්‍ය නිසයි.
මවක් බොහොම කාර්ය බහුල වුණාට ළමයින් එක්ක සිටීමට ලැබෙන කාලය අඩුවෙනවා. ඒනිසා පියෙකුට වඩා මව දියණියක වෙනුවෙන් ඇය සමග සියලු දේ බෙදා ගැනීම කළ යුතුයි. ඒ කියන්නෙ මව ඇය සමීපයේම සිටිය යුතුමයි. තරුණ මවක් වුණත්, මම කොහේ ගියත් දියණිය එක්ක තමයි යන්නෙ. මොකද මට සිටින යාළුවො ප්‍රමාණයත් හරි අඩුයි. ඒනිසා ෂොපිං ගියත්, ෆිල්ම් එකක් බලන්න ගියත් මම යන්නෙ දුව එක්ක. එක්කො අපි තුන්දෙනාම යනවා. මගේ ජීවිතේ වැඩි හරියක්ම මේ වනවිට ගෙවෙන්නෙ දුව එක්ක.
අනිවාර්යයෙන්ම ඔව්. හස්බන්ඩ්ට ඒනිසා විවේකයක් නැති තරම්. අපි කොතැන ගියත් ඒවා වීඩියෝ කරන්න වෙන්නෙ එයාට. අද එයාගෙ වැඩවලට වඩා එයාට අපි දෙන්නගෙ වැඩ කරන්න වෙලා.
ළඟින්ම සිටිය යුතුමයි. ආරක්ෂාව සියයට දාහකින් දිය යුතුයි. වැරදුණොත් ආයේ හදන්න බැහැ. ඒ නිසා දුවකගේ ළඟින්ම ඉඳගෙන ඇයට හොඳ – නරක කියා දීලා සමාජයට යොමු කරවීම වැදගත්. පසුවට අපට දුක්වෙන්න හේතුවක් නොවන්නෙ එතකොට ඇය ජීවිතේ හොඳ නරක ගැන හොඳින් දන්නා නිසයි. එයා දිහා බලලා අපට සතුටු වෙන්න පුළුවන් නම්? ඒ තමයි අපි ලබන හොඳම දායාදය.
මට මගේ මව ගැන ලොකු අවබෝධයක් ඇතිවුණේ මම අම්මා කෙනෙක් වූ පසුවයි. එදා අම්මා එක්ක රණ්ඩු වෙච්ච හැටි, වාද කළ හැටි අද සිහිපත් කරද්දී මවක කියන්නෙ මොන තරම් නම් දරාගන්න, චරිතයක්ද කියන හැඟීම මට හරියටම ඇතිවුණේ මම මවක වූ පසුවයි.
සැමියාගේ මව ඉන්නෙත් අපි එක්ක. ඒ අම්මාගෙන් ලැබෙන සහයෝගය හරිම ඉහළයි. මමයි සැමියයි අපි සමසේ දුවගේ වැඩ කරනවා.
මම නම් අපි යන යන තැන දුව එක්කගෙන යන්න කැමතියි. මොකද එයාට අත්දැකීම් ලබාදීම ඉතා වැදගත්. ජීවිතය නිසිලෙස අවබෝධ කරගන්නෙ එවිටයි. බබාව ගෙන යාමට සුදුසු තැනක් නම්, අපි එයාව එතැනට එක්කගෙන යනවා.
විශේෂ යමක් කරන්නෙ නැහැ. දුව ලැබුණු පසුව මගේ සිරුරේ හැඩය වෙනස් වුණෙත් නෑ. පෙර වගේමයි. කෑම පාලනය කිරීම නම් දිගටම කරගෙන යනවා. ඒ නිසා සිරුරේ විදිහ එදා වගේමයි. වෙනස් වෙලා නැහැ.
වරදක් කළොත් මම ඒකට එයාට දඬුවම් දෙනවා. මොකද එහෙම නොකළොත් කවදා හරි සමාජයෙන් අපවාද විඳින්න වෙනවනෙ. අපේ දුව ගත්තොත් එයා හරි හොඳ දරුවෙක්. වැරදි නොකරන තරම්. අනාගතයේදිත් ඒ විදිහටම හැසිරේවි. හරි වැරැද්ද කියලා දුන්නාම එයා වැරැද්ද දෙවැනි වතාවට කරන්නෙ නැහැ.
මට නම් මගේ දුව ලස්සනයි කියලා කවුරු හරි කියනව නම් මට ඒකට සතුටුයි. හැබැයි සමහර අය කියන්නෙ ඔයාගෙ දුව ලස්සනයි ඡායාරූප ප්‍රසිද්ධ කරන්න එපා කියලයි. ඒත් මගේ බබාගේ ලස්සන අනිත් අය දකින එක ගැන මගේ නම් අකමැත්තක් නැහැ. අද කාලය වෙනස්නෙ.
ඉස්සර හිටපු දිනුෂාම තමයි. වෙනදා හිටපු විදිහම තමයි. ඔයා ඉස්සර වගේමයි, වෙනස් වෙලා නැහැ කියලා තමයි. සමහර අය මට කියන්නෙ. මාත් හිතන්නෙ එහෙමයි. අම්මා කෙනෙක් වූ පසු පෙරටත් වඩා ලස්සනට ඇඳලා - පැලඳලා අපට ඉන්න පුළුවන් නම්, ඒක හොඳ දෙයක්.
ඒක හොඳ දෙයක්. දෙන්නා නිතරම ආදරණීයව සිටින තරමට දරුවෝ සතුටින්. රණ්ඩු වෙනවට වඩා මව්පියන් ආදරයෙන් සිටීම මනස ප්‍රබෝධයට පත් කරවීමක්. නිකමට හරි අපි දෙන්නා විරසක වගේ වී සිටිනවා නම් ! අම්මි පපාව හග් කරන්න, පපාව කිස් කරන්න කියලා දුව කියනවා. එයා දන්නවා ආදරේ අවශ්‍ය බව.
අපෝ නැහැ.
ඕනෑම දෙයක් කන්න දෙනවා. පාලනයක් හෝ වාරණයක් දාලා නැහැ.
එයාට පුළුවන් මට්ටමට අනුව එයාගේ ධාරිතාව අනුව නිදහසේ ඉගෙන ගන්න ඉඩ සලස්වනවා. අනාගතයේදී එයත් කලා අංශයෙන් ඉදිරියට යනවා නම් මම කැමතියි.
තැනට අනුව විලාසිතා ගළපා ගැනීම ඉතා හොඳ දෙයක්. ඒ අවස්ථාව අනුව ඊට ගැළපෙන විදිහට හැසිරීම වගේම චර්යාවන් පවත්වාගෙන යාම වැදගත් කියලයි මම හිතන්නේ.
සඳුන් ගමගේ
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මගේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ දුවත් එක්ක - දිනුෂා සිරිවර්ධන