IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බැණුම් අහන්නේ චරිතය සාර්ථක නිසා - ගාවින්ද නවරත්න


හැඩි දැඩි පෙනුම, රෞද්‍ර රළු බව පිරිමි පෞරුෂය පිළිබිඹු කරන ලක්ෂණ කිහිපයකි. එවන් පෞරුෂවත් පිරිමි පෙනුම නිසාම නිරන්තරයෙන් රළු චරිතවලට නිර්දේශ වන මොහු දැන් ඒ චරිත තුළින්ම ප්‍රේක්ෂක ආදරය දිනාගත් චරිතයක්  වී හමාරයි. පුංචි තිරයේ බොහෝ ආදර  කතාවල හතුරා වෙමින් තමාගේ රංගන කුසලතා මනාව පිළිබිඹු කරන ඔහු නමින් ගාවින්ද නවරත්නයි. මේ මෙවර සඳැල්ලෙන් ඔහු සමඟ කළ කතාබහයි...

  • ගාවින්ද මේ දිනවල පුංචි තිරයේ දුෂ්ටයා වෙලා නේද?

ඔව්, මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේත්, සිරස නාළිකාවේ මායාවී ටෙලි නාට්‍යයේ ත් ස්වාධීන රූපවාහිනියේ වන රාග ටෙලි නිර්මාණ‍යේත් වැඩකටයුතු කරගෙන යනවා. මේ චරිත ත්‍රිත්වයේම මට නිරූපණය කරන්න ලැබිලා තියෙන්නේ දුෂ්ටයාගේ චරිතය. ඉතින් ඒ නිසා මම මේ දවස්වල වැඩිපුර ජනප්‍රිය දුෂ්ටයා විදිහට තමයි.

  •  මේ චරිත අතරින් ඔබගේ විශේෂ කැමැත්තක් තියෙන චරිතයක් තියෙනවා ද?

එහෙම විශේෂයක් නැහැ. මට ඒ චරිත තුනම එකම විදිහට විශේෂයි. මම හැමවෙලාවකම උත්සාහ කරන්නේ මට පුළුවන් උපරිමයෙන් හැම නිර්මාණයකටම සාධාරණයක් කරන්න. ඉතින් ඒක මෙතනදිත් පොදුයි.

  • කලා ගමනේ ආරම්භයේ ඉඳන්ම ඔබ දුෂ්ටයා ද?

මම මේ ගමන ආරම්භ කරන්නේ සිරස නාළිකාව මඟින් පැවැත් වූ මෑන්හන්ට් කියන තරගයෙන්. ඒ 2012 වර්ෂයේ දී. එතනදි මම තමයි ඒ වර්ෂයේ මිස්ටර් ෆොටෝජෙනික් බවට පත් වුණේ. ඒ හරහා තමයි කලාවට එන්න අවස්ථාව ලැබෙන්නේ. නමුත් මම මුළින්ම පුංචි තිරයට එන්නේ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතාගේ අධ්‍යක්ෂණයක් ලෙසින් ස්වර්ණවාහිනීයේ විකාශනය වූ හංස පිහාටු කියන ටෙලිනාට්‍යයෙන්. එහි සාමාන්‍ය චරිතයක්  වුණු ආරක්ෂක නිලධාරියෙකුගේ චරිතයකට තමයි මාව මුලින්ම තෝරා ගත්තේ. ඉතින් එතනින් පටන් ගත්තු ගමන්මගේ මම ගොඩක් වෙලාවට දුෂ්ටයා තමයි.

  • කොහොමද ඉතින් ලැබෙන ප්‍රේක්ෂක ආදරය?

ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මග තොටේදි හමු වුණාමත් චරිත ගැන ගොඩක් දේවල් කියනවා. බැණුම් එහෙමත් තියනවා. හැබැයි හැමෝම වගේ කියන්නේ ඒ බැණුම් ලැබෙන්නේත්, ඒ විදිහට ප්‍රේක්ෂකයා ඒ චරිත එක්ක තරහ ගන්නේත් මම ඒ චරිතයට කරන සාධාරණය නිසායි කියලා තමයි. මොකද විලන් කියන්නේ හැම වෙලේම නරක පැත්තේ ඉන්න කෙනානේ. ඉතින් එයාට ලැබෙන හොඳම ප්‍රතිචාරය තමයි බැණුම්. 

  • ඔබ හිතන විදිහට ඔබට නිතරම දුෂ්ටයාගේ චරිතය ලැබෙන්න තියෙන හේතු මොනවා ද?

මමත් තාම කල්පනා කරන දෙයක් තමයි ඒක. සමහර විට මගේ පෙනුම, මම ඉන්න විදිහ, මතුපිටින් මගේ හැසිරීම මේ වගේ දේවල් එක්ක ඒ චරිතෙට මම ගැළපෙනවා ඇති කියල තීරණය කරනවා වෙන්න පුළුවන්.

  • ගාවින්ද ඇත්ත ජීවිතෙත් දරුණුයි ද?

එහෙම නැහැ. ඇත්තටම ගාවින්ද නවරත්න කියන්නේ සරල සාමාන්‍ය මනුස්සයෙක් කීවොත් නිවැරදියි. වැඩි දර්ශන නැති සාමාන්‍ය කෙනෙක්.

  • ඔබට ලැබිලා තියෙන චරිත ඇතුළේ ඔබ බොහෝවිට ආදර කතාවල තුන්වෙනි පාර්ශවය. ඇත්තටම මේ චරිතය ගැන ගාවින්දගේ කියවීම මොකද්ද?

එතනදි මම හිතන්නේ අදාළ අවස්ථාව අනුව තමයි ඒ තුන්වෙනියාගේ ස්වරූපය තීරණය වෙන්නේ. අපිට දැනෙන විදිහට, කතාවට අනුව චරිතෙ ගළපා ගන්න එක තමයි මම නම් වැඩිපුරම කරන්නේ.

  • දිගින් දිගටම දුෂ්ටයා ලෙස පෙනී සිටීම තුළින් ඔබ යම් රාමුවකට කොටුවෙලා කියලා හිතෙන්නේ නැද්ද?

ඔව් එහෙම රාමුගත වීමක් තියෙනවා. නමුත් එහෙම ගැටලුවක් නැහැ. මොකද ගොඩක් වෙලාවට ඒ චරිතයට හොඳ ඉල්ලුමක් තියන නිසා ඒක වෘත්තීමය පැත්තට හොඳයි. අනිත් දේ තමයි ආදරවන්තයා වුණත් ප්‍රබල වෙන්නේ දුෂ්ටයා මත කියන එක. නැත්තම් ආදරවන්තයාටත් කරන්න දෙයක් නැහැ. ආදර කතාව රසවත් වෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි ආදරවන්තයාගේ චරිතයට වඩා දෙයක් දුෂ්ටයා ඇතුළේ කරන්න තියෙනවා. ඉතින් ආදරවන්තයා ගැන දුක හිතෙන්නේත් දුෂ්ටයාගේ වැඩ නිසානේ. ඇත්තටම විලන්ගේ චරිතයේ කැපෑසිටි එක මත තමයි ආදරවන්තයාගේ කැපී පෙනීම තීරණය වෙන්නේ. ඒ නිසා මේ චරිතයත් හොඳයි.

  • ආදරණීය ප්‍රේමවන්තයා කියන චරිතය ලැබිලම නැද්ද?

එක අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒක ස්වාධීන රූපවාහිනියේ විකාශනය වුණු ටෙලි නිර්මාණයක්.

  • ගොඩක් වෙලාවට ගැහැනු ළමයින්ගේ ආදරේ වැඩිපුරම ලැබෙන්නේ සුදු චරිතවලට නේ. ඉතින් මේ වගේ කළු චරිත නිසා ඒ ආදරේ එහෙම අඩු වෙන්නේ නැද්ද?

ගැහැනු ළමයි කියන්නේත් ප්‍රේක්ෂකයා කියන කොටස ඇතුළෙ ඉන්න එක කොටසක්. එතනදි අඩු වීමකට වඩා ඒ අයත් කියන්නේ ඒ තරහව ඇතිවෙන්නේ චරිතය ඇතුළේ කරන කියන දේවල් නිසා කියලා තමයි. ඒ හැරුණු කොට ලොකු වෙනසක් නැහැ. 

  • ඔබ දැන් ආදරේ විදින කෙනෙක් ද?

ඔව්. එහෙම එකක් තියෙනවා. 

  • ඔබේ ආදරවන්තියගෙන් මේ චරිත ගැන තියන ප්‍රතිචාරය මොන වගේ ද?

එයාට එහෙම ගැටලුවක් නැහැ. කරන්නෙ චරිතයක් විතරයි. ඉතින් ඒවගේ දේවල් ගැන විශේෂ බලපෑමක් නැහැ.

  • කොහොමද කලා කටයුතුවලට පවුලෙන් සහ ආදරවන්තියගෙන් ලැබෙන සහයෝගය?

නළුවෙකුට හෝ නිළියකට පවුලකින් ලැබෙන්න ඕන ලොකුම සහයෝගය තමයි මානසික නිදහස කියන දේ. ඇත්තටම මට ඒ හැම පාර්ශ්වයකින්ම වගේ ඒ නිදහස සම්පූර්ණයෙන්ම ලැබිලා ති‍යෙනවා. මට ඕන විදිහට රඟපාන්න, මම කරන චරිතවළ අනුව වැඩ කරන්න ඒ නිදහස මට තියෙනවා. ඒ සහයෝගය ඇත්තටම ගොඩක් වටිනවා.

  • විවාහ වෙන්න එහෙම සූදානමක් නැද්ද?

නැහැ. තවම එහෙම බලාපොරොත්තුවක් නැහැ. 

  • දැනට කරලා නැති නමුත් කරන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවා ද?

ඒ වගේ චරිත බොහෝමයක් තියෙනවා. මම හිතනවා ඉදිරියේ දී ඒ චරිත කරන්න මට අවස්ථාව ලැබෙයි කියලා. ඉදිරියේ දී මගේ තවත් නිර්මාණයක් තියෙනවා මන්දාරම් කතාවේ නිෂ්පාදකතුමිය වන අයේෂා අබේගුණරත්න යටතේ සිදු කෙරෙන. එතනදිත් මගේ චරිතයේ ලොකු වෙනසක් වෙයි.  

  • මොනවද අනාගත බලාපොරොත්තු?

කලාව පැත්තෙන්නම් ඉදිරියටම යන්න තමයි බලාපොරොත්තුව. රංගනයට අමතරව නිෂ්පාදන කටයුතුවලටත් සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවා. ඒ දේවලුත් ඉදිරියේදි සිදුවේවි. ඊට අමතරව මගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න අදහසක් තිබුණා. ඒකට අදාළ වැඩකටයුතුත් හැම දේම සූදානම් කරගෙන ඉන්නේ. ඒකත් ඉක්මනින්ම කරගන්න පුළුවන් වෙයි.


දුලක්ෂි ලියනගේ


 



අදහස් (0)

බැණුම් අහන්නේ චරිතය සාර්ථක නිසා - ගාවින්ද නවරත්න

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31315 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13522 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 114 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 938 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site