‘‘මහ සයුරේ ගැඹුරු දියේ ගෙවන ජීවිතේ
සංකාවේ සෝ ළතැවුල් නෑ අපේ හිතේ
සම්පත් සොයාලා ඔරුවේ නැගීලා
අපි වෙරළ බලා පදිමු යාළුවේ...’’
එදා මෙන්ම අද පරපුර පවා ආදරයෙන් වැලඳගන්නා මෙවැනි ගී දහරකින් රසික නෙත් සවන් සිත් මෝහනය කළ ඒ ප්‍රවීණ ගායන ශිල්පියා ඔබට මතක ඇති. ඔහු තමයි ෂෙල්ටන් මුතුනමගේ.
තම පියා ගැයූ ගීතවලට නව පණනල පිඹ අද රසික ලොවට දායාද කිරීමට සැදී පැහැදී සිටින ඇය නව පරපුරේ ගායිකා වයංගා. වයංගා සිතාරි මුතුනමගේ දැන් සඳැල්ල වේදිකාවේ.
වයංගා තාත්තා ගැන මොනවද දන්නෙ?
අපේ ගම මීගමුව. ඒ පැත්ත ධීවර කර්මාන්තයට සම්බන්ධයි. තාත්තා හා එයාගෙ නංගි හැර වෘත්තීය වශයෙන් කලාවට සම්බන්ධ කෙනෙක් ගැන මං දන්නෙ නෑ. තාත්තා ස්ව උත්සාහයෙන් සංගීත ඥානය දියුණු කරගත් කෙනෙක්. තාත්තගෙ ගී තේමාවට පරිසරයේ අත්දැකීමුත් බලපාන්න ඇති.
නැන්දා සංගීත හදාරමින් උන්නා. ගුවන් විදුලියෙහි පරීක්ෂණයට යන්න එයා අයැදුම් පතකුත් දාලයි හිටියෙ. ඒකට ආරාධනා ලැබෙන කොට විදේශගත වෙලා. ඉතින් තාත්තට ඒ වාසනාව කොහොමදෝ කැරකිලා ආවා. තාත්තා සරල ගී පරීක්ෂණයෙන් ඉහළින් සමත් වුණා. තාත්තා රැකියාව වශයෙන් කළේ පට්ටල් වැඩ. තාත්තගෙ තාත්තා නම් පළාතේ ලොකුම මාළු වෙන්දේසිකරුවෙක්ලු. ධීවර ජනතාවගෙ දුක මහන්සිය සහ කැපවීම ගැන ලියැවුණු ‘‘මහ සයුරේ’’ ගීතය තාත්තා වගේම අපිත් හදවතින්ම ආදරේ කරන ගායනා කරන ගීතයක්.
වෙරළබඩ පළාත්වලින් දක්ෂ ගායකයො බිහිවුණා නේද?
ඔව්නෙ. මුහුදු කරෙන් බිහිවුණ අපූරු සංගීතඥයො එදත් අදත් ඉන්නවා. එයා ජනප්‍රිය කෙනෙක් නිසා එයාව හමුවෙන්න කලාකාරයො ආවලු. එදා හිටිය දක්ෂතම බයිලා ගායක වොලි බැස්ටියන් ඒ වගේම රංගන ශිල්පි හියුගෝ ප්‍රනාන්දු මාස්ටර් වගේ අය ගැන තාත්තා මට කියල තියෙනවා. ඒ වගේම වැඩිම සංගීත කණ්ඩායම් පාස්කු වැනි නාට්‍ය කණ්ඩායම් බිහිවුණ. ඒ ගතිය වෙන්න ඇති දැන් අපේ ඇඟෙත් ඇත්තෙ.
සංගීතය හදාරා තියෙනව ද?
තාත්තා නම් විශේෂ හැදෑරීමක් කරල නැහැ. අම්මත් සාමාන්‍ය ගෘහණියක්. තාත්තගෙ රසිකාවියක්. මම පවුලේ එකම දරුවා. මගේ ගායන කුසලතා දැකලා තාත්තමයි සංගීතයට මාව යොමු කළේ.
පාසලේදී ඔයාට විශේෂ ඇගැයීමක් ලැබෙන්න ඇති
මම ගියේ මීගමුවේ ආවේ මරියා බාලිකාවට. එහෙදි මං හෑදෑරුවේත් විෂය මාලාව ලෙස විභාගයට කළේත් නර්තනයයි. මං කවදාවත් පාසලේදි ගී ගයලා නැහැ. ඉතින් යාළුවෝ මට හිනා වුණා. තාත්තා මෙච්චර ප්‍රසිද්ධ වෙලත් මං සින්දු කියන්නෙ නෑ කියලා ගෙදරදී විනෝදයට මා ගයනවා දැකලා තාත්තා උදව් කරන්න හැදුවත් හිත ගියේම ආයිත් නර්තනයටයි.
එහෙනම් දැන් අපූරුවට ගයන්නෙ
මේක වුණේ කොරෝනා වසංගතය කාලෙ. අපි ගෙදරටම සීමාවෙලා හිටපු නිසා වෙන්න ඇති. තාත්තා හා යාළුවෝ එකතුවෙලා අපූරු නිර්මාණයක් කළා. ‘‘කොරෝනා’’ කියලා ඒක ඔයාලත් අහල ඇති. මේ ගීත නොසිතූ අයුරින් ප්‍රසිද්ධ වුණා. දවසට තුන් හතර පාරක් විකාශය වුණ තාත්තා පුටුවෙන් නැගිටින්නේවත් නැතිව ආසාවෙන් අහගෙන හිටියා. දුවගේ දස්කම් එදා තමයි එයා හරියට දකින්න ඇත්තේ.
තාත්තා ගයන ‘‘සමාව ඉල්ලා’’ ගීතයක් ජනප්‍රියයි නේද?
‘‘සමාව ඉල්ලා දෙපා සිඹින්නට
එපා සොඳුරියේ මංගල දිනයේ’’
මේ ගීතයත් බොහෝ වාරයක් විකාශ වූ සහ විවෘත වේදිකාවේ රසිකයන් ඉල්ලා කෑ මොර දීපු නිර්මාණයක්. මෙම ගීතය නව තාක්ෂණය යොදා ප්‍රති නිර්මාණය කරන්න අපි හිතුවා. ඒක අපි බාර දුන්නා සනිධප කණ්ඩායමේ අජිත් ගමගේ ශිල්පියාණන්ට.
ඒ වගේම ‘‘දීග නොයන් රත්තරනේ’’ ගීතයත් මේ වසරේ ප්‍රතිනිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. තාත්තා ගැයූ තවත් ලස්සන ගීතයත් තමා ‘‘අවන්හලේ’’ නමින් තාරුණයකු ඇමතූ නිර්මාණය. ඒකට පිළිතුරු ගීයක් නිර්මාණය කරමින් ගයන්න මට වාසනාව ලැබුණා. ‘‘අවන්හලට යන්න එපා වියදම් සැරවේවි’’ යනුවෙන්. මේක නව තාක්ෂණයෙන් ජනගත කරන්නේ ජයන්ත නොහොත් බුවා යැයි හඳුන්වනු ආදරණීය ශිල්පියා.
‘‘සමාව ඉල්ලා’’ ගීතය කොටස් 10කට රූපගත කරන්න සැලසුම් කරන නිර්මාණයක්.
පෙර යුගයේ සහ අද යුගයේ වෙනස්කම් තියෙනව ද?
ඔව් ඉතින් තාක්ෂණය අතින් නම් අද දියුණුවක් තියෙනවා. ඒක සජීවී බව තුළින් නම් පෙර යුගයේ ශිල්පීන්ගේ දක්ෂකම බොහෝම ජීවමානයි. ආදර්ශමත් පද මාලා රචකයා සංගීතය යොදන ආකාරය, පටිගත කිරීම් වචන උච්චාරණය කරන හැටි, හුස්ම පාලනය කරගන්නා හැටි, වෙහෙසක් නොමැතිව එක පෙළට අමතක නොකර ගීතයේ රසභාවය රැකගන්න හැටි හරිම පුදුමයි.
තාත්තා එක පෙළට ගීත නිතර ගයනවා. කිසිම වැරැද්දක් වෙහෙසක් නැතුව. උගුර පරිස්සම් කරගන්න කියල අද ගායකයෝ නොකරන දෙයක් නෑ. සමහරු සීතල වතුර බොන්නෙ නෑ. නොයෙක් බෙහෙත් හේත් හොයනවා. මත්පැන් හොයනවා. තාත්තා මං දන්න තරමින් එහෙම හඬ ගැන වැඩි වෙහෙසක් ගත්තෙ නෑ. ඒක දිව්‍යමය හඬක් නිසා වෙන්න ඇති.
සංගීතය හදාරන එක හොඳද?
ඇත්තෙන්ම තාත්තත් පසු කාලයේ එහි වටිනාකම හඳුනා ගත්තා. ඒකයි මාව සංගීතය හැදෑරීමට යොමු කළේ. එහිදී අපේ හඬේ සැඟවුණු කුසලතා එළියට එනවා. එවිට අනුකරණය නොකර තමන්ගේම ගායන රටාවක් මතුකරගන්න පුළුවන්. මං ඒකයි කරන්නේ.
ඔබ දෙදෙනාගේ කුසලතා මතුකර ගැනීමට උදව් වුණ අය කවුද?
ම්... නම් රාශියක් තියෙනවා. ඒ අතරින් ගීත රචකයන්ගේ සංගමයේ මෙහෙයුම්කරු ජෝර්ජ් රොබින්සන්, ඒ වගේම ජනප්‍රිය රචක හේමසිරි හල්පිට, සුනිල් යෝගේන්ද්‍රන්, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි දැවැන්තයන් සිහියට නැගෙනවා.
සංගීත අධ්‍යක්ෂණය පැත්තෙන් නීල් වර්ණකුලසූරිය, ජයන්ත ප්‍රනාන්දු, සරත් ද අල්විස්, අර්නස්ට් ද සොයිසා වගේ දැවැන්තයන් මතකයට නැගෙනවා. තාත්තා සමග සුන්දර හා සුහද ලෙස නිර්මාණ සඳහා කාලය වැය කළ සමකාලීන ගායක ගායිකාවන් රැසක්ද සිහිපත් කළ යුතුමයි. ඒ අතරින් සමන් සිල්වා, ඉන්ද්‍රජිත් දොළමුල්ල, සුසිල් ප්‍රනාන්දු, පීලික්ස් ඇන්ටන්, එඩ්වඩ් අංකල් හා චරිතා ඇන්ටි වගේම ඉන්ද්‍රානි පෙරේරා ඇන්ටිත් දුන් සහයෝගය සිහි කළ යුතුයි.
එදා ලැබුණු ආදරය සෙනෙහස දැනුත් ලැබෙනවාද?
තාත්තාගේ වියෝවෙන් පස්සෙ තනිවුණ ජීවිතය අම්මාගේ ආදර සෙනෙහස නිසා පාළුවක් නැතිව ගලාගෙන යනවා. එයාටත් දැන් අවුරුදු 75ක්. ආදරය කියන්නේ තේරුම් අරගෙන යා යුතු ගමනක්. අම්මා තාත්තාගෙන් උපරිම ආදරය ලැබුණ අපට ගැළපෙන අයම ලැබෙන්නෙ නෑ. අපි ගළපගන්න දැනගන්න ඕනැ.
යූ ටියුබ් එකේ ගීතවලින් ප්‍රියතම ගී මොනවාද?
මං පැරණි ගීවලටයි ගොඩාක් කැමති. රියලිට් ගීතවලින් පමණක් සජීවි රසවින්දනයක් ලබන්න බෑ. පැරණි වුණත් එදා ගී තවමත් හුස්ම ගන්නවා.
මරියසෙල්, නිරෝෂා, සශිකා, රෝයි පීරිස් වැනි අයගේ ගී අහන්න ආසයි. ඒවා භාවාතිශයයි. මෑත ඇහුව ‘‘ඔබේ සිනා ළඟ සිත නැවතුණු දා’’ කියන ජගත් වික්‍රමසිංහගේ ගීය හරි රසයි. අද අලුත් අය ගීත නිර්මාණ කරන්නේ කකුල්වලටයි. හදවතට හා මොළයට කතා කරන ගීවලට කැමතියි. ඒ අතින් පැරණි බයිලා ගීතත් ඉදිරියෙන් ඉන්නෙ.
හැකියාව ඉදිරියට ගේන්න කවුද අත දුන්නේ?
විශේෂයෙන් මතක් කළ යුතුයි. ඒ.ජී. ස්ටුඩියෝවෙ මෙහෙයුම්කරු අජිත් ගමගේ, රොෂාන් ප්‍රනාන්දු, ඉන්ද්‍රජිත් දොළමුල්ල ආදී සම්පත් දායක ශිල්පීන් පිරිස. ඔවුන් සමග දිගු ගමනක් යන්න මං සූදානම්ව සිටිනවා.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
දේශපාලකයන් වැඩි දෙනෙක් සිතන්නේ පරිසරය තමාගේ බූදලයක් බවය. එම නිසාම ඔවුහු පරිසරය සුරකිනවා වෙනුවට එය විනාශ කරන්නට සිය හෙංචයියලාට අනුබල දෙති. ඒ අමන ක්‍රිය
‘‘නිල් නුවන් පියවිලා රැක ගනඳුරේ නිදි ලොවින් මා සොයා එන්න දෙව්ලියේ’’
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක්වන කලාකරුවෙකු මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්න හිතුවා. නර්තනයට රංගනයට, නිවේදනයට දක්ෂතා දක්වමින් ප්‍රේක්ෂක හදවත්
රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර
මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්
කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පිය සෙනෙහස ගීතවත් කරන - වයංගා මුතුනමගේ