IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ධවල පුෂ්පයේ නපුරු මේට්‍රන් - මැණිකේ අත්තනායක

“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”

සිනමා මතක වෙනුවෙන් පිළිසඳරට එක් වෙමින් මැණිකේ අත්තනායක පැවසුවාය.

 

“මම ඒ හොස්පිට්ල් එකේ මේට්‍රන්.. ඒ වගේම නලීන්ගේ අක්කා.. නලීනුයි ශෝභයි අතරේ ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා දැන ගත්තම මට ශෝභා වහ කදුරු වගේ වෙනවා.. හැම වෙලා​ෙවම ඇනුම් පද කියනවා.. මගේ මල්ලි ඇරෙන්න වෙන කවුරුවත්ම හිටියෙ නැද්ද උඹට අල්ලා ගන්න..? නරකයැ ඉතින් නර්ස් කෙනෙකුට දොස්තර කෙනෙක් අල්ලා ගන්න ලැබුණම.. වගේ දේවල් කියකියා බණිනවා.. ඇත්තටම ඒවා මතක් වෙනකොට දැන් හිනහත් යනවා.. අපි බොහෝම තාත්වික විදියට රඟ පෑවා..” මැණිකේ කීවේ සිනාසෙමිනි.

 

 

 

 

 

 

 

ධවල පුෂ්පය තිරගත වූයේ 1994දීය. කේ. ඒ. ඩබ්ලිව් පෙරේරාගේ අධ්‍යක්ෂණයක් වූ මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කරන ලද්දේ ඊ ඒ පී චිත්‍රපටි වෙනුවෙන් සෝමා එදිරිසිංහ විසිනි. රවීන්ද්‍ර රන්දෙනිය, වසන්ති චතුරානි, ප්‍රියංකර පෙරේරා, විජය නන්දසිරි, චන්න පෙරේරා, මර්සි එදිරිසිංහ ඇතුළු ජනප්‍රිය නළුනිළියෝ රැසක් එහි රඟ පෑහ.

“ධවල පුෂ්පයේ රූගත කිරීම් ඔක්කොම තිබුණේ නුවරඑළියේ.. ඒ කාලේ නළුනිලියෝ අද කාලෙ වගේ තමන්ට අදාළ දර්ශනය ඉවර වුණ ගමන් දර්ශන තලයෙන් යන්නෙ නෑ.. අනිත් අයගෙ දර්ශනත් අවසාන වෙනකම් ඉන්නවා.. ඇත්තටම අපි දර්ශන තලයේ විතරක් නෙමෙයි නවාතැන් පොළවල්වල ඉඳිද්දිත් හරිම විනෝදාත්මක කාලයක් ගෙව්වෙ..”

ඇය කියද්දී ඒ කටහඬින් අතීත කාලය ගලා හැලෙන්නේයයි මට සිතිණි. මැණිකේ වැනි නිළියන් වර්තමානයට පැමිණියේ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය පසු කරගෙනය. එම නිසා ඔවුහු ඒ යුගයට හදවතින්ම ආදරය කරති. එමෙන්ම ඔවුන් මෙහෙයවන ලද්දේ දක්ෂ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් විසිනි.

“කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා මාස්ටර් කොච්චර ප්‍රවීණ වුණත් පොඩි ළමයෙක් වගේ නිහතමානී කෙනෙක්.. නළුනිළියන්ගෙ හිත් රිද්දන්නෙ නැතුව ඔවුන් මෙහෙයවන්නට පුදුමාකාර හැකියාවක් තිබ්බා.. ඒ වගේම පුංචිම පුංචි ඉරියව්වක් ගැන පවා ලොකු අවධානයක් යොමු කෙරුවා.. මට මේ චරිතය අමතක නොවෙන්න ඒකත් හේතුවක්..” මැණිකේ පැවසුවාය.

ධවල පුෂ්පය නිර්මාණය වී තිබුණේ වෛද්‍යවරයෙකුගේත් හෙදියකගේත් ප්‍රේම වෘතාන්තයක් පසුබිම් කරගෙනය. එහි නලීන් නම් වෛද්‍යවරයා ලෙස රවීන්ද්‍ර රන්දෙනිය රඟ පෑවේය. ඔහු පෙම් බඳින්නේ අලුතින් රෝහලේ පත් වීමක් ලබා එන ශෝභා නම් වූ හෙදියටය. ඒ චරිතයට පණ පෙව්වේ වසන්ති චතුරානිය.

“මම ඒ හොස්පිට්ල් එකේ මේට්‍රන්.. ඒ වගේම නලීන්ගේ අක්කා.. නලීනුයි ශෝභයි අතරේ ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා දැන ගත්තම මට ශෝභා වහ කදුරු වගේ වෙනවා.. හැම වෙලාවම ඇනුම් පද කියනවා..

මගේ මල්ලි ඇරෙන්න වෙන කවුරුවත්ම හිටියෙ නැද්ද උඹට අල්ලා ගන්න..? නරකයැ ඉතින් නර්ස් කෙනෙකුට දොස්තර කෙනෙක් අල්ලා ගන්න ලැබුණම.. වගේ දේවල් කියකියා බනිනවා.. ඇත්තටම ඒවා මතක් වෙනකොට දැන් හිනහත් යනවා.. අපි බොහෝම තාත්වික විදියට රඟ පෑවා..” මැණිකේ කීවේ සිනාසෙමිනි.

මැණිකේ තුළ රවීන්ද්‍ර රන්දෙනිය කෙරෙහි ආදරයක් මෙන්ම ගෞරවයක් ද පැවතිණි. ඇය ඔහු හැඳින්වූයේ සිනමාවේ ‘මහත්මයා’ වශයෙනි. අක්කා විසින් මල්ලිට කම්මුල් පහරක් ගසනු ලබන දර්ශනයක් ධවල පුෂ්පය චිත්‍රපටියේ තිබිණි. අනෙක් හැම දර්ශනයක්ම බොහෝ අපූරුවට රඟ පෑ මැණිකේ මේ දර්ශනයේදී මඳක් පසුබෑවාය.  

“අනේ මට බෑ මාස්ටර්.. රවීන්ද්‍රගේ ලස්සන මූණ බලබලා මම කොහොමද කම්මුලට ගහන්නෙ..?”

ඇය බැගැපත්ව අසද්දී අධ්‍යක්ෂවරයා සිනාසුණේය.

“හරි.. හරි.. රවීන්ද්‍රට ගහන්නනෙ බැරි.. මේ ගහන්නෙ මැණිකේ අත්තනායක රවීන්ද්‍ර රන්දෙනියට නෙමෙයි..නලීන්ට එයා ගෙ මේට්‍රන් අක්කා ගහන්නෙ.. මේ විදියට ඉස්සරහට පැනලා මෙහෙම කකුල තියලා අත දිගෑරලා ගහන්න.. මේක ෆිල්ම් එකට අත්‍යවශ්‍යම දර්ශනයක්..” ඔහු පැහැදිලි කර දුන්නේය.

අකැමැත්තෙන් වුවත් එම දර්ශනය රඟ පාන්නට අවසානයේදී මැණිකේ එකඟ වූවාය.

“ඒ පාර වැදුණට පස්සෙ රවීට තරු පේන්න ඇති නේද..?” මම සිනාසෙමින් විමසීමි.

“අනේ නෑ.. එහෙම හයියෙන්  ගැහැව්වෙ නෑ.. එහෙම ගහනවා වගේ රඟ පෑවට  නොරිදෙන්න ගහන විදිය නළුනිළියෝ දන්නවනෙ.. හැබැයි ඉතින් පස්සේ රවී මට විහිළු කළා මම සිනමාවේ ඉන්න ජෙන්ට්ල්මන් කියලා ඔයා මට සම්මානයක් දීලා තිබ්බට මගෙ කම්මුලටත් ගැහුවනෙ කියකියා..” මැණිකේ පැවසුවාය.

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ හරහා වේදිකාවට අවතීර්ණ වූ මැණිකේ අත්තනායක සිංහබාහු, මහාසාර, ලෝමහංස, වෙස්සන්තර  ආදී නාට්‍යවල ද ඊට අමතරව ඩබ්ලිව්.බී. මකුලොලුවගේ දෙපානෝ, දයානන්ද ගුණවර්ධනගේ දික්තල කාළගෝළ, නරිබෑනා ඇතුළු බොහෝ වේදිකා නාට්‍යවල රඟ පෑවාය. මිණි සලඹ නාට්‍යයේ පත්තිනි චරිතය වෙනුවෙන් ඇය හොඳම වේදිකා නිළියට හිමි සම්මානය ද දිනා ගත්තාය.

ආර්. ආර් සමරකෝන්ගේ කැලණි පාලම වේදිකා නාට්‍යය ඇගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයකි.

“මම ඒකෙ රඟ පෑවේ රූපවතී කියලා කට සැර ගෑනියෙකුගෙ චරිතයක්.. ඒකෙන් පස්සෙ චිත්‍රපටිවල, ටෙලි නාට්‍යවල මට ආරාධනා ලැබුණෙම ඒ වගේ චරිත රඟ පාන්න..” ඇය කීවාය.

“එහෙම වෙන්න ඇත්තෙ ඉතින් ඒ චරිතය තාත්විකව රඟ පෑව හින්දනෙ..” මම කීවෙමි.

“මේකයි.. නිළියක් කියන්නෙ ඕනෑම චරිතයක් ඇතුළට කිඳා බැහැලා ඒ චරිතයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙකුට.. හුඟක් අය ඒක තේරුම් ගන්නෙ නැතුව එකම වර්ගයේ චරිත ලබා දෙනවා.. ඉස්සර සමහර වෙලාවට මං කියනවා අන්තිම අහිංසක ගෑනියක් විදියට රඟ පාන්න ආසයි කියලා.. නොමැරෙන මිනිස්සු එකේ මම එහෙම චරිතයක් රඟ පෑවා..” ඇය කියන්නීය.

සුද්දා ටෙලි නාට්‍යයෙන් චිත්‍රපටි ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වන විට නිළියකට පෙම් කළෙමි, බිරිඳ, රෙජිනා, දූදරුවෝ, මංගල තෑග්ග, විරාගය, ඇසල සඳ, සුරබි දෙන, වන් ෂොට්, යකඩ පිහාටු, සුපර් ෂොට්, පුතණ්ඩියා ඇතුළු චිත්‍රපටි පනහකට ආසන්න සංඛ්‍යාවක රඟ පා තිබේ.

ටෙලි නාට්‍ය ඉතිහාසයේ මුල් පිටුවේ ලියැවුණ නිළියන් අතර ඇය ද සිටින්නීය. පළිඟු මැණිකේ, යශෝරාවය, ඇල්ල ළඟ වලව්ව, පරණ ටවුම, සඳගල තැන්න ඇතුළු ජනප්‍රිය ටෙලි නාට්‍ය සියයකට ආසන්න ගණනක ඇය රඟ පෑවාය. කලාවට කරන ලද සේවය උදෙසා පිරිනැමෙන කලාසූරි සම්මානය දිනා ගත් ප්‍රථම කාන්තාව ද ඇය වන්නීය. පසු ගියදා ඇය ටවර් සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූවාය.  

මේ දිනවල මඳක් කලා කටයුතුවලින් ඈත් වී සිටියත් උපුල් ශාන්ත සන්නස්ගලගේ චිත්‍රපටියකින් ඉදිරියේදී ඇය දකින්නට ලැබෙනවා ඇත.


 චන්දි කොඩිකාර


 

 
 



අදහස් (0)

ධවල පුෂ්පයේ නපුරු මේට්‍රන් - මැණිකේ අත්තනායක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31026 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13152 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10942 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 15 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site