IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


චරිතාංග නිළියක් වීමයි මගේ එකම බලාපොරොත්තුව - ආවින්ද්‍යා බණ්ඩාර

කලාවේ දියුණුවට නම් තවත් අලුත් අංකුර පැළ විය යුතුමය. මේ එලෙසින් වේදිකාව හරහා පැමිණි අලුත් තරුවකි. ඇයගේ එකම සිහිනය ලොවක් හඳුනන චරිතාංග නිළියක් වීමයි. මේ මෙවර සැඳැල්ලෙන් ඇය සමඟ කළ කතාබහයි,

 ප්‍ර  මේ නෑ බෑ නෑ කියන ආවින්ද්‍යා ගැන මුලින්ම කියන්නකෝ?

මම ආවින්ද්‍යා බණ්ඩාර. මගේ ගම මහරගම. මූලික අධ්‍යාපනය ලැබුවේ මහරගම අපෝස්තලික කාර්මෙල් විදුහලෙන්. ඉන් පසුව උසස් අධ්‍යාපනය වෙනුවෙන් මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. මේ විදිහට පාසල් අධ්‍යාපනයෙන් පසුව Youth Drama School එකට සම්බන්ධ වෙලා කලාව ගැන හැදෑරුවා. ඉතින් දැන් රංගන ශිල්පිනියක් ලෙසින් කලාවේ ගමන් මඟ ආරම්භ කරලා තියෙනවා. 

 ප්‍ර  ඔබේ කලා ජීවිතයේ ආරම්භය ගැන මතක් කළොත්?

මම මුලින්ම රංගනයට සම්බන්ධ වෙන්නේ Youth Drama School එකෙන්. ඒ 2018 වර්ෂයේ දී. පාසල් කාලයේදි නම් රංගනයට කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් Youth Drama School එකෙන් ලබපු පන්නරයත් එක්ක තමා මේ ක්ෂේත්‍රයට එන්නේ. දැන් වේදිකාවේ, පුංචි තිරයේ සහ සිනමාවේ වැඩ කටයුතු කරමින් ඉන්නවා. 

 ප්‍ර  සුනිල් ශ්‍රී මහත්මයාගේ 21 වැනි වේදිකා නාට්‍යය ‘නෑ බෑ නෑ’. නාට්‍යයේ මංගල දැක්ම මේ මස 6 වැනිදා එල්්‍න්ස්ටන් රඟහලේදී වේදිකාගත වෙනවා. ඉතින් මේ නාට්‍ය එක්ක සම්බන්ධ වෙන්න ලැබීම ගැන මොකද හිතන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි සුනිල් ශ්‍රී මහත්මයා මාව මේ වෙනුවෙන් තෝරගත්ත එකට. මම ඒ නිර්මාණය ඇතුළේ නිරූපණය කරන්නේ වත්තක ජීවත් වෙන කටකාර ගැහැනු ළමයෙකුගේ චරිතයක්. ඒ චරිතය ගැන කතා කළොත් ඒක මම මීට පෙර කරල නැති චරිත කාණ්ඩයට අයත් එකක්. ඒවගේ වෙනස් චරිතයකට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැනත් මට ලොකු සතුටක් තියෙනවා. ඉතින් ඒ තෝරා ගැනීම වෙනුවෙන් ඔහුට ස්තූතිවන්ත වෙන්න ඕන.

 ප්‍ර  කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ?

මම මීට පෙර ඔහුගේ ඉල්ලන් කෑවා කියන වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙලා කටයුතු කළා. එහි ප්‍රසංග100 කට වඩා වැඩි සංඛ්‍යාවක් වේදිකා ගත කළා. මට ඒ අවස්ථාව ලැබුණේ හිරුණි රණසිංහ හරහා. එතනින් තමයි සුනිල් ශ්‍රී මහත්මයාගේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ හඳුනාගැනීම සහ ඔහුට මාව මේ චරිතයටත් ගැළපෙයි කියලා හිතුණු නිසා වෙන්න ඇති මාව ඔහුගේ 21 වෙනි වේදිකා නාට්‍යයටත් තෝරා ගන්න ඇත්තේ.

 ප්‍ර  මේ ඔබේ කීවෙනි වේදිකා නාට්‍යය ද?

Youth Drama School එකේ අපි කරපු වේදිකා නාට්‍යවලින්. පසුව කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මියගේ ප්ලේ හවුස් කියන නාට්‍යයේ වැඩ කටයුතු කළා. ඒ වගේම අකිල සපුමල් සර්ගේ ගුත්තිල නාට්‍ය ඇතුළු වේදිකා නාට්‍යය කිහිපයකටම රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. ඊට අමතරව මේ දිනවල නන්දන හෙට්ටිආරච්චි අයියගේ 1ට යටින් කියන වේදිකා නාට්‍යයෙත් වැඩ කරනවා. මම හිතන විදිහට මේ මගේ 8වන හෝ 9වන වේදිකා නාට්‍යය. 

 ප්‍ර  මේ හරහා ඔබට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ බොහෝ දෙනෙක් සමඟ වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ අත්දැකීම ගැනත් කියමු?

ඔව්. මේ නාට්‍ය හරහා මට ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්ත, ප්‍රවීණ චරිත එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. මට ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම මම හිතනවා ඒක මගේ වාසනාවක් කියලා. ඇත්තටම ඒ අය මට ගොඩක් උදව් කරනවා මගේ රංගන වැඩ කටයුතු නිවැරදිව කරගන්න සහ මම දන්නේ නැති දේවල් ඉගෙන ගන්න. ඒ අවවාද අනුශාසනා නවක රංගන ශිල්පිනියක් වශයෙන් මම ගොඩක් ගෞරවයෙන් පිළිගන්නවා. මම හරි නිහතමානීව වැඩ කටයුතු කරන කෙනෙක් නිසාත් ඒ අය මට ගොඩක් ආදරෙයි. 

 ප්‍ර  ආවින්ද්‍යා පාසලේදී මොන වගේ චරිතයක් ද?

පාසලේදී රංගන කටයුතුවලට සම්බන්ධ නොවුණත් මම අනෙකුත් විෂය බාහිර කටයුතු කළා. ඒ අතර ක්‍රීඩා වැඩ, නර්තනය, පාසල් තූර්ය වාදන කණ්ඩායමේ නායිකාව විදිහටත් කාලයක් වැඩ කටයුතු කළා. මේ විදිහට පාසලේ විවිධ වැඩ කරලා තියෙනවා. 

 ප්‍ර  පුංචි තිරයේ සහ රිදී තිරයේ කලා කටයුතු ගැනත් කියමු?

මම 2019 වර්ෂයේදී සංගීතේ ටෙලි නාට්‍යය හරහා තමයි මුලින්ම පුංචි තිරයට සම්බන්ධ වෙන්නේ. ඊට අමතරව ධරණී ටෙලිනාට්‍යයටත් මම ‍රංගනයෙන් දායක වුණා. ඒ වගේම ඒකාංගික ටෙලි නාට්‍ය, දිගු ටෙලි නාට්‍ය වගේ නිර්මාණ කිහිපයකටත් සම්බන්ධ වෙලා තියෙනවා. ‍රිදී තිරය ගැන කතා කළොත් මම අවසානයටම වැඩ කළේ ලුවී සර්ගේ අවසාන සිනමා නිර්මාණයේ. ඒක බෞද්ධ කතාවක්. එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුණා. ඊට අමතරව රජිත හිරාන් අයියාගේ අධ්‍යක්ෂණය යටතේ කෙරුණු සාක්ෂි නම් සිනමා පටයෙත් අනු චරිතයක් වෙනුවෙන් රංගනයෙන් දායකවෙන්න මට අවස්ථාව හිමිවුණා. ඒ වගේම තවත් වැඩකටයුතු කිහිපයක් ඉදිරියේදී එළිදක්වන්නත් තියෙනවා. අලුතින් භාරගත්ත වැඩ කිහිපයකුත් තියෙනවා. නමුත් දැන් නම් මගේ අධ්‍යාපන කටයුතු නිසා කලා කටයුතුවලින් තරමක් ඉවත් වෙලා ඉන්නේ.  

 ප්‍ර  රංගනයට පිවිසෙනවට ගෙදරින් බාධා තිබුණේ නැද්ද?

ඇත්තටම මටත් වඩා මාව මේ ක්ෂේත්‍රයට යොමු කරන්න උනන්දුව තිබුණේ මගේ අම්මාට. මම Youth Drama School එකට අයැදුම් කරන්නවත් කැමති වුණේ නැහැ. මොකද මම කැමති වුණේ ගායනයට. අම්මගේ උනන්දුව නිසා තමයි මම ඒ ඉල්ලුම් පත්‍රය දැම්මේ. මම තමයි සම්මුඛ පරීක්ෂණයේ අවසානයට හිටියෙත්. ඉතින් අම්මා නිසා තමයි මේ ක්ෂේත්‍රයට ආවේ. අයියයි, අප්පච්චියි නම් මුලදී කැමති වුණේ නැහැ. නමුත් දැන් නම් හැමෝගෙන්ම හොඳ සහයෝගයක් ලැබෙනවා. 

 ප්‍ර  අාවින්ද්‍යා කියන වේදිකා නාට්‍ය නිළිය වටා ලොකු පිරිසක් ඇති?

මම වේදිකාවේ, පුංචි තිරයේ වගේම රිදී තිරයේත් යම් යම් නිර්මාණවලට දායක වෙලා තියෙනවා. මම රංගනය සම්බන්ධයෙන් කිසිම අදහසක් තිබුණ කෙනෙක් නෙවෙයි. නමුත් Youth Drama School එකෙන් තමයි මට ඒ පන්නරය ලැබුණේ. පිරිසක් ඉදිරියේ බය නැතුව කතා කරන විදිහ, වේදිකාවේ හැසිරෙන විදිහ, කටහඬ පාලනය කරන විදිහ මේ හැම දෙයක්ම අතරේ වේදිකාවට තියෙන බය නැති කරලා අපිව හදලා ගත්තේ එතැනින්. ඒ වෙනුවෙන් අපිට උදව් කරන්න, වේදිකාව ගැන කියලා දෙන්න යූත් එක ඇතුළේ හොඳ ඇඳුරු මඬුල්ලක් හිටියා. ඒ වගේම පිටතින් උදව් කරපු පිරිසකුත් හිටියා. අපිව Drama School එකක් තුළ නිවැරදිව මෙහෙයවපු ප්‍රියන්ත ලලිත් සර් ඇතුළු ඒ හැමදෙනෙකුගේම මහන්සියෙන් තමයි වේදිකාවට බය නොවුණු වේදිකා නාට්‍ය රඟන ශිල්පිනියන් හැදුණේ. ඒ වෙනුවෙන් හැම කෙනෙකුටම ස්තූති කරන්න ඕන.

 ප්‍ර  මොනවද අලුත් බලාපොරොත්තු?

කලාව තුළ මට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි චරිතාංග නිළියක් වීම. මොකද මම කැමති විවිධ චරිත කරන්න. ඉතින් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අවවාද අනුශාසනා මත ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. 

දුලක්ෂි ලියනගේ

 



අදහස් (0)

චරිතාංග නිළියක් වීමයි මගේ එකම බලාපොරොත්තුව - ආවින්ද්‍යා බණ්ඩාර

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

ජර්මනියෙන් ලෝක සංගීත කරළියට ගිය ලාංකීය සම්භවය ඇති අක්කයි, මල්ලියි අනෙලි සහ ඕරි
2025 මැයි මස 09 0 0

මේ අක්කයි - මල්ලියි වෙසෙන්නේ ලංකාවේ නෙවෙයි, ලෝකයේ ධනවත්ව රටවල් අතරින් මුල් පෙළේ රාජ්‍යයක් වන ජර්මනියේ තමයි මේ දෙන්නා වෙසෙන්නෙ. ජර්මනියෙ ‘බොන්’ නුවර වා


රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ විශිෂ්ටතම ළමා ගායකයා ශහේන් දෙද්දුවකුමාර
2025 මැයි මස 09 0 0

අපේ රටේ සංගීත ක්ෂේත්‍රය තුළ ළමා ගීතයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක් වුවද අද දවසේදී ළමා ගීත මෙන්ම ළමා ගායන ශිල්පීන් ශිල්පිනියන්ද අමතකව ගොස් ඇත්තේ ළමා ගී


දෑත සුන්දරකරන මෙහෙන්දි ආර්ට්
2025 මැයි මස 09 1 0

“මෙහෙන්දි” කියන්නේ - හරිම ලස්සන කලාවක්. මෙහෙන්දි ආර්ට් කිව්වාම අපිට ඉස්සර වෙලාම මතක් වෙන්නේ ඉන්දියාව.නමුත් මේ වෙනකොට ලංකාවේ කාන්තාවන් අතරත් මෙහෙන්දි


ඇඟ පුරා ටැටූ 25ක් සීටා - කියූ කතාව
2025 මැයි මස 02 125 0

හර්ෂි කියන්න ද? රසාංගා කියන්න ද?


මම වාසනාවන්ත රංගන ශිල්පියෙක් එස්.අයි. සමරක්කොඩි
2025 මැයි මස 02 44 0

වේදිකාව හරහා කලා ලොව තරණය කරන්නෙකු පුංචි තිරයේ හෝ සිනමාවේදී කිසිදා අතරමං නොවන්නේ රංගනයේ හතර මායිම් පිළිබඳ ඔහුට හෝ ඇයට හොඳ අවබෝධයක් තිබෙන නිසාය. එස්. අය


විශාරද මනෝජ් පිරිස්ගේ අද දවසේ ජීවිතය
2025 මැයි මස 02 86 0

ඔහුගේ තබ්ලාවේ තාලයට නොගැයූ කෙනෙක් නැති තරම්ය. ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් හට පමණක් නොව, විවිධ අංශවලට අයත් තරු මෙන්ම ව්‍යාපාරික, දේශපාලන හා අනෙකුත්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1274 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 328 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site