IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ගෙදර සිටම සල්ලි හොයන්න යූ ටියුබ් යන්න

ලෝකයේ ඉතාමත් ප්‍රචලිත සමාජ මාධ්‍ය අවකාශයක් වූ යූ ටියුබ් (You Tube) හි තමන් වෙනුවෙන් ඉඩක් වෙන්කර ගැනීමට හෙවත් තමාගේ නමින් නාළිකාවක් නිර්මාණය කර ගැනීම ඕනෑම අයකුට ඉතාමත් පහසු කාර්යයක් වී තිබේ.   


එවැනි නාළිකාවක් සකසා ගන්නා අයකුට තමන් කැමති වීඩියෝ දර්ශන අැතුළත් කළ හැකි අතර එහි සීමාවක් ද නැත. එමෙන් ම එය මුදල් උපයාගත හැකි අපූරු ආදායම් මාර්ගයක් ද වෙයි.   


මේ ආකාරයෙන් යූ ටියුබ් නාළිකා නිර්මාණය කරගෙන එමගින් මාසිකව ලක්ෂ ගණන් මුදල් උපයන පිරිස් ශ්‍රී ලංකාවේ ද බිහිවී ඇති අතර ලෝකයේ බොහෝ රටවල දරුවන් පවා යූ ටියුබ් මාර්ගයෙන් මුදල් උපයාගෙන කෝටිපතියෝ වී සිටිති.   


මේ සඳහා පළමුවෙන් අවශ්‍යවන්නේ Google ආයතනයේ සේවාවක් වන gamil ලිපිනයක් හෙවත් විද්‍යුත් තැපැල් ලිපිනයකි. ඕනෑම පුද්ගලයකු විද්‍යුත් තැපැල් ලිපිනයන් සාදා ගත හැකි තවත් අවකාශයන් ඇතත් යූ ටියුබ් සේවාව Google සමාගමේ ම සේවාවක් බැවින් ඒ සේවාවන් දෙක එකිනෙකට බද්ධ වී තිබේ. 

 
ඒ අනුව gamil ලිපිනයක් ඇති සෑම අයකුටම නිරායාසයෙන් ම එම ලිපිනයට අනුව යූටියුබ් නාළිකා අවකාශයක් ද වෙන්වෙයි. නමුත් වීඩියෝ දර්ශන එකතුකර විධිමත්ව පවත්වාගෙන යන යූ ටියුබ් නාළිකාවක් සාදා ගැනීම ඒ ඔස්සේ කළ යුතු වෙනම කාර්යයකි.   


මෙය කුඩා ළමයකුට වුව ද තනිවම කරගත හැකි ඉතා පහසු කාර්යයකි. ගූගල් විද්‍යුත් තැපැල් ලිපිනය හරහා යූ ටියුබ් වෙත පිවිසි විට Creative Studio නමැති විධානයක් දක්නට ලැබෙයි. එහි ගිය විට ඔබට අවශ්‍ය යූ ටියුබ් නාළිකාවේ නම එහි ඇතුළත් කර පියවරෙන් පියවර ඉදිරියට ගොස් තමන්‍ට වෙන් වූ යූ ටියුබ් නාළිකාවක් පහසුවෙන් සාදාගැනීමට පහසුකම් සපයා දී තිබේ.   


තමන් සකසනු ලබන නාළිකාව සඳහා තමන් කැමැති නමක් පමණක් නොව ඒ සඳහා අනන්‍ය වූ ලාංඡනයක් ලෙස භාවිතා කළ හැකි ඡායාරූපයක්, පසුබිම් ඡායාරූපයක් මෙන්ම අනන්‍ය වූ වර්ණ පවා ලබාදීමේ අවස්ථාව ඇත.   


මෙලෙස යොදනු ලබන නම පසුව ඕනෑම අවස්ථාවක දී වෙනස් කිරීමට ද යූටියුබ් ගිණුමක හිමිකරුට අවස්ථාව ඇත.   


ඔබ වෙනුවෙන් ම යූටියුබ් නාළිකාවක් සැකසීමේ දී ඒ සඳහා හඳුන්වාදීමේ විස්තරයක් ද යෙදිය හැකි අතර බොහෝ දෙනකු එයට ආකර්ශනීය නමුත් කෙටි හැඳින්වීමක් ඇතුළත් කරයි.   


ඔබගේ නාළිකාවට ඇතුළත් කරන සියලු‍ම වීඩි‍යෝවල ඔබගේ අනන්‍ය වූ ලාංඡනයක් ප්‍රදර්ශනය වන ආකාරයට ‍යෙදීමේ පහසුකම ද ඔබට ලැබෙයි. මේ සඳහා කලින් සකස් කරගන්නා ලද ඉතාමත් ආකර්ශනීය සහ අර්ථවත් ලාංඡනයක් යොදා ගැනීම වඩාත් සුදුසු බව යූ ටියුබ් පරිශීලකයෝ කියති. ඔබ යොදන ලාංඡනය පසුව ඕනෑම වේලාවක වෙනස් කිරීමේ හැකියාව ද ඇත.   


මේ ලාංඡනය යූ ටියුබ් නාළිකාවේ සියලු‍ම වීඩියෝ සමඟ ප්‍රදර්ශනය වන අතර ම පරිශීලකයකු එම ලාංඡනය මත ක්ලික් කළ විට ඔබේ නාළිකාවේ මුල් පිටුවට යොමුවන ආකාරයෙන් යූටියුබ් අවකාශය සකසා තිබීම විශේෂත්වයකි.   


ඉන් අනතුරුව අවශ්‍ය වන්නේ වීඩියෝ ඇතුළත් කිරීමයි. ඒ සඳහා ඔබේ පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ ඇති ඕනෑම වීඩියෝවක් හෝ ඡායාරූප භාවිත කළ හැකිය.   
ඔබ නිර්මාණය කරන මේ නව යූ ටියුබ් නාළිකාව සඳහා ඔබගේ මිතුරු මිතුරියන් මෙන්ම ඒ වෙත ආකර්ශනය වන වෙනත් පුද්ගලයන් සම්බන්ධ කරගැනීම සඳහා අවශ්‍ය සබඳතා හෝ සමාජ මාධ්‍ය සඳහා සබැඳි එකතුකිරීම ද යූටියුබ් මගින් ලබා දී ඇති විශේෂ පහසුකමකි.   


මෙවැනි ගිණුමක් සකස්කිරීමේ දී ම දැන්වීම් ප්‍රචාරණය සඳහා ඔබගේ නාළිකාවේ ඇතුළත් වීඩියෝ අවකාශයේ ඉඩක් ලබාදීමට ද හැකියාව ඇත. එහි දී නරඹන්නන් සඳහා ගූගල් වෙතින් ප්‍රදර්ශනය කරනු ලබන දැන්වීම් ඔබේ නාළිකාවේ ප්‍රචාරය වීම හේතුවෙන් ඔබට ආදායමක් ලැබෙයි.   


ඔබගේ නාළිකාව සඳහා සෘජුවම සම්බන්ධ සැකසුම්වලට අමතරව ප්‍රජාව සම්බන්ධ වන ආකාරය ඔබටම තිරණය කළ හැකිවීම ද විශේෂත්වයකි. එහි දී නරඹන පුද්ගලයන් සමඟ මෙය අන්තර් ක්‍රියා කරන්නේ පොදු ආකාරයෙන් ද, පෞද්ගලික ආකාරයෙන් ද කියා තීරණය කිරීමට මෙන්ම ඔබගේ වීඩියෝ දර්ශන ඉලක්ක කරගන්නේ ළමා සහ වැඩිහිටි සියලු‍ දෙනා ද ? නැතිනම් ළමයින් ඉලක්ක කරගත් විශේෂ වීඩියෝ වැඩසටහන් ද යන්න ඔබ විසින් ම තීරණය කළ හැකිය.   


යූ ටියුබ් නාළිකාවක වැදගත්ම හා වටිනාම අංගය වන්නේ ග්‍රාහකයන් ය. ඔබේ නාළිකාව සමඟ සෘජුව සම්බන්ධව සිටින ග්‍රාහකයන් සංඛ්‍යාව වැඩිවීමත් එය නරඹන විනාඩි ගණන වැඩිවීමත් මත ඔබට යූටියුබ් වෙතින් මාසිකව උපයාගත හැකි ආදායම් ප්‍රමාණය තීරණය වෙයි.   


මෙහි දී වැදගත්ම වන්නේ ඔබ වෙනත් යූ ටියුබ් නාළිකාවල ග්‍රාහකයකු වන අතරම තම නාළිකාවේ ද ග්‍රාහකයන් සංඛ්‍යාව වැඩි කරගැනීමට හැකි ආකාරයේ වඩාත් ආකර්ශනීය සහ ප්‍රේක්ෂක අවධානය දිනාගත හැකි වැඩසටහන් නිෂ්පාදනය කර නාළිකාවට ඇතුළත් කිරීමයි. එම ජනප්‍රියත්වය එකදිගට තබා ගැනීමට නම් එවැනි වැඩසටහන් දිගින් දිගටම නාළිකාවට ඇතුළත් කිරීමට සිදු වෙයි.   


එවිට ඔබේ ග්‍රාහකයන් සංඛ්‍යාව වැඩිවන අතරම නරඹන පැය ගණන ද වැඩිවෙයි. ඒ අනුව ඔබ මාසිකව උපයන ආදායම් ප්‍රමාණය ඉහළ යයි.   


(ලබන සතියේ - ලෝකයේ වඩාත් ජනප්‍රිය යූටියුබ් නාළිකා)   

 

 

සජීව විජේවීර



අදහස් (2)

ගෙදර සිටම සල්ලි හොයන්න යූ ටියුබ් යන්න

Yugantha yukthika Monday, 24 January 2022 01:33 PM

හොඳ සටහනක් .ස්තුතියි

:       1       3

නිරාෂ් ලක්ෂිත වෙත්තසිංහ Wednesday, 26 January 2022 11:18 AM

මෙම වටිනා ලිපිය කියවීමෙන් පසු මමත් තීරනය කලා යූටියුබ් චැනල් එකක් ආරම්භ කරන්න.... වටිනා තොරතුරු සහිත එම ලිපිය අලුත් වැඩක් ආරම්භ කිරීමට ඉතා හොඳ මගපෙන්වීමකි. ස්තූති කරමි ...

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 152 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1006 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site