IMG-LOGO

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා


ගුරු හා සඳ එක්ව ලබාදෙන ශුභා’ශුභ ඵල

ගුරු හා සඳු නව ග්‍රහයින් අතර ශුභ ගණයෙහි ලා සැලකේ. ගුරු පුරුෂ ග්‍රහයෙක් වන අතර සඳු ස්ත්‍රී ග්‍රහයෙකි. ලිංග භේදයට අනුව දෙදෙනා විසමය. එහෙත් සත්ව සාහිත්‍යයේ පැවැත්මට මෙම භේදය අත්‍යවශ්‍ය කරුණකි. ඒ අනුව මෙම​ දෙදෙනා යම් කේන්ද්‍රයක පිහිටන ආකාරය අනුව හොඳටද නරකට ද සිටී. එලෙස මිනිසාගේ හොඳට මෙන්ම නරකට ද මෙම ග්‍රහයින් දෙදෙනා එක​සේ බලපාන ආකාරය කේන්ද්‍රයකින් පෙන්නුම් කරන යෝග 2 ක් පිළිබඳව අවධානයට ලක් කිරීම මෙම ලිපියේ අරමුණයි. ඉන් එකක් වන්නේ ශුභ පල දෙන ගජකේශරී යෝගය වන අතර අනෙක අශුභ ඵල දෙන සකට යෝගයයි.
   
රාජ යෝගයක් ලෙස සැලකෙන ගජකේශරී ​ෙයා්ගය කේන්දරයක පිහිටන විධි 4 ක් ගැන සඳහන් වේ. ඉන් එකක් සඳු හා ගුරු එකම භාවයක සිටීමයි. දෙවැන්න සඳු - ගුරු එකිනෙකාගෙන් 7 වැන්නේ සිටීම හෙවත් සඳු ගුරු සප්තම දෘෂ්ටියයි. තෙවැන්න සඳු ගෙන් 10 වැන්නේ ගුරු සිටීමයි. සිව් වැන්න සඳුගෙන් 4 වැන්නේ ගුරු සිටීමය. සඳු ගුරු සප්තව පිහිටීමත් මෙම ග්‍රහයින් දෙදෙනා 1 4 7 10 යන කේන්ද්‍රස්ථාන මුල් කොට ගෙන පිහිටීමත් ඉතා ශුභ බව සඳහන් වේ.   


එමෙන්ම ගුරු හෝ සඳුගෙන් එක් ග්‍රහයෙකු හෝ උච්ච ස්ව කේෂ්ත්‍ර වැනි තත්ත්වයකින් සිටීමද එක් ග්‍රහයෙකුට හෝ ශූභ ග්‍රහ දෘෂ්ඨි ග්‍රහ සංයෝග ආදිය ලැබී තිබීම ද සඳු පුර පක්ෂයේ නම් ද නවාංශක කේන්ද්‍රයේ ද මෙම ග්‍රහයින්ගේ බලවත් බවක් පෙන්නුම් කිරීමද ගජකේශරී යෝගය ශුභ ඵල ඉහළින්ම ලබා දීමට හේතු වේ.   


ගජකේශරී යන නමෙන්ම පැහැදිලි වන්නේ ඇතුන් අසුන් ලබා දෙන යෝගයක් ලෙසය. අතීතයේ එසේ අරුත් ගැන් වුවද වත්මන්හි යාන වාහන හා ධනය ලබා දෙන යෝගයක් ලෙස හැඳින්විය හැකිය.   


එපමණක් නොව මෙම යෝගයෙන් උපන් අය නැණවත් ඉගෙනීමට දක්ෂයින්ය. සමාජ පිළිගැනීමට පත්වන නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරන අය වේ. තවද ආයු සම්පත්තියෙන් ද වාසනාවන්තයෝය. සඳු හෝ ගුරුගේ දශා, අනු දශා වලදී ශුභ ඵල මනාව පෙන්නුම් කරයි.   


එහෙත් මෙම යෝගයේ බලය පිරිහීමට පත් හිතකර අවස්ථා ද පවතින බව සැලකිය යුතුය. කේන්ද්‍රයක දුෂ්ටස්ථාන වන 6 8 12 යන ස්ථාන මෙම එක් ග්‍රහයෙකුට හෝ සම්බන්ධ වීමද එම ස්ථාන වල අධිපතියන්ගේ දෘෂ්ටියට ලක් වීමද, ගුරු ග්‍රහයා වක්‍රව සිටීමද, සඳු අවපක්ෂයේ නම් ද, නවාංශකයේ ද මෙම ග්‍රහයින් දෙදෙනාගෙන් එක් අයෙක් හෝ නීච වී ඇත්නම් ද ශුභ පල අඩු කිරීමට හේතු වේ. මේ සියල්ලටම වඩා මෙම ග්‍රහයින් දෙදෙනාගෙන් කෙනෙකු 22 වන දෙර්කාණාධිපතියා බවට පත්වී ඇත්නම් එය යෝග බලය මුළුමනින්ම බිඳ දැමීමට හේතු වන්නකි. එමෙන්ම වෙනත් ග්‍රහයෙකු 22 වන දෙර්කණාධිපති වී එම ග්‍රහයාගේ බලපෑමද ඉතාමත්ව අහිතකරය.   
ගුරු හා සඳුගෙන් යෙදෙන අශුභ යෝගයක් වන්නේ සකට යෝගයයි. මෙය දරිද්‍ර යෝගයක් ලෙස හැඳින්වී​ෙමන් යෝගයේ ප්‍රතිඵල කෙ​ෙස් දැයි පැහැදිලි වේ. ඉහතින් විස්තර කළ ගජකේශරී වැනි රාජයෝග වල පවා බලය දුර්වල කිරීමට සකට යෝගයට හැකියාව පවතී. මෙම යෝගය කේන්ද්‍රයක පිහිටන ආකාරය පිළිබඳව විවිධ මත ඇතත් පිළිගත් මතය වන්නේ සඳුගෙන් 6 වන භාවයේ හෝ 8 වන භාවයේ ගුරු සිටීමයි. නැතහොත් ගුරුගෙන් 6 වන හෝ 8 වන භාවයේ සඳු සිටීමයි.   ෙමය චන්ද්‍ර ලග්නයේදී දුෂ්ඨස්ථාන දෙකක් වන 6 වැන්න හා 8 වැන්න බව පැහැදිලි වේ. එබැවින් සකට යෝගයේ අශුභතාවයට හේතුව මෙම අශුභ භාවයන්ගේ සබඳතාවය නිසා බව සිතිය හැකිය.   


සකට යනු රෝදයයි. එනම් පෙරළෙමින් ගමන් කිරීමයි. සකට යෝගයේ ස්වභාවය ද එයයි. ජීවිතයේ මුලින් සැප විඳින්නට සලස්වා පසුව ජිවිතය විඳවීමට සැලැස්වීම මෙම යෝගයේ සිරිතයි. යමෙක් විසින් කරන ලද අකුශල කර්ම වල විපාක ​ගොනු පසු පස එන කරත්ත රෝදයට සමාන කළ උතුම් බුදු වදන මෙහිදී සිහිපත් වේ. පෙර භවයන්හි අනිසි ලෙසින් ධනය ඉපයු අය හට මෙම ආත්මයේ විඳින්නට සිදු වන අශුභ විපාක සකට යෝගය තුළින් පෙන්නුම් කරන බව පිළිගැනේ. ධනයේ බලයෙන් පිරිපුන්ව සැපවත් ජීවිතයක් ගත කිරීමේ හැකියාව ඇතත් ඒවා නොසිතූ ආකාරයෙන් බිඳ දැමීම හෝ වෙනස් කිරීම සකට යෝගයේ ප්‍රතිඵලයකි. කලක් යස ඉසුරු විඳිමින් සිට පසුව අනපේක්ෂිත ලෙස එම තත්ත්වය වෙනස් කොට අන්ත අසරණභාවයට පත් වූ පුද්ගලයින් ගැන අපට අසන්නට දකින්නට ලැබේ. ඇතැම් විට උන්මත්තකයින් ලෙස හැසිරෙන ආකාරයට පත් වූ අවස්ථා අප දැක ඇත.   
කෙසේ වුවද වෙනත් ග්‍රහ බලපෑම් මත මෙම යෝගයේ අශූභ විපාකද අවම වන බව සැලකිය යුතුය. රවි 11 වැන්නේ බලවත්ව සිටීම, සඳු පුරපක්ෂයේ වී බලවත්ව සිටීම, ගුරු හෝ සඳු වර්ගෝත්තම බලයක් ලබා සිටීම සඳුගෙන් යෙදෙන යස හා කුලීර ගුරුගෙන් යෙදෙන ගුරුහංස වැනි යෝග පාපීන්ගෙන් දූෂිත නොවී තිබීම සකට යෝගයටම සම්බන්ධ වී අධියෝගය පිහිටීම වැනි අවස්ථා රාශියක් මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය.  පිං දහම් හි යෙදී කුසල් රැස් කිරීමෙන් ද යන්ත්‍ර දැමීම මැණික් පැළඳීම වැනි ගුප්ත විද්‍යාත්මක ක්‍රම වලින් ද මෙම ශුභ යෝග බලය රැක ගැනීමට ද අශුභ යෝග බලය ඉවත් කර ගැනීමට ද හැකියාව ඇත.   

 

 

 


​ෙගෟරව සම්මානලාභී ජ්‍යොතිශවේදී එච්.එම්.ටි.බී. හේරත් (බී.ඒ.) 
109 පැරකුම් මාවත, උයන්දන කුරුණෑගල.

 



අදහස් (0)

ගුරු හා සඳ එක්ව ලබාදෙන ශුභා’ශුභ ඵල

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 33169 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15879 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10083 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 315 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 229 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 545 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site