IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


කියා දෙන්න ආදරේ තරම් චිට්ටි ආච්චි - මෙලනි අශොකා

අසා සිටින අයට වදයක් වෙන තරමට කට කියවමින් අසල්වාසීන්ගේ ඕපාදූප සොයමින්, ඇසුරු කරන අයට ගිනි ගෙඩි දෙමින්  වටපිටාවේ කරක් ගසන කාන්තාවන් ඕනෑම සමාජ තලයක දකින්නට පුළුවන. ‘‘කියා දෙන්න ආදරේ තරම්’’ ටෙලි නාට්‍යයේ චිට්ටි ආච්චිගේ චරිතය  බොහෝ ජනප්‍රිය වූයේ එය ද එවන් චරිතයක් නිසාය. චිට්ටි ආච්චි පොලියට සල්ලි දෙන්නීය. පොළී සල්ලි එකතු කරන්නට  ඇවිදින අතරතුරේ ඕපාදූප ද සොයන්නීය. ඇයටම ආවේණික අමුතු ගමන් විලාසයක් මෙන්ම කතා විලාසයක් ද ඇත.

“ඇත්තටම ඒ ගමන වගේම කතා කරන විදියත් නිර්මාණය කර ගත්තෙ මමමයි.. කොහොම හරි අන්තිමේදී පිටපත රචනා කරපු මහේෂ් රත්සර ඒ ගමන හැඳින්නුවේ මෙලනි ගේ ඇතායුර ගමන කියලා.. ඇයි ඉතින් දෙපැත්තට පැද්දිපැද්දිනෙ ඇවිදින්නෙ..  පස්සෙ පස්සෙ මගේ ගමනට සංගීතයකුත් එකතු කරලා තිබ්බා.. ඒ ඇහෙනකොට ප්‍රේක්ෂකයෝ දන්නවා ඒ එන්නෙ චිට්ටි ආච්චි කියලා..”

චිට්ටි ආච්චිගේ චරිතයට ජීවය දුන් මෙලනි අශෝකා කීවේ සිනාසෙමිනි.

ඇයට කවදාවත් එබඳු කාන්තාවක් හමු වී තිබුණේ නැත. එහෙත් දක්ෂ නිළියකට ඕනෑම චරිතයකට ආරූඪ වීම අසීරු දෙයක් නොවේ. සමාජයට හිසරදයක් වන කාන්තාවක හැසිරෙන ආකාරය ඇය සිතේ මවා ගත්තාය. චිට්ටි ආච්චි සාර්ථක චරිත නිරූපණයක් බවට පත් කර ගන්නට හැකි වූයේ එම නිසාය.

“චරිතය මොන තරම් ජනප්‍රිය වුණා ද කියනවා නම් ප්‍රේක්ෂකයෙක් පෝස්ට් එකක් දාලා තිබුණා චිට්ටි ආච්චිට එල්ලලා ගහන දර්ශනයක් නිර්මාණය කරන්න, මම ඒකට සල්ලි වියදම් කරන්නම් කියලා..” මෙලනි කීවේ තව දුරටත් සිනාසෙමිනි.

චිට්ටි ආච්චි රෙදි සෝදන ටැංකියක් තුළ ගිල්වන දර්ශනයක් ටෙලි නාට්‍යයේ තිබේ. ඇගේ ඕපාදූප කියවිල්ල දරා ගන්නටම  නොහැකි නිසා කෝපයට පත් වෙන රෙදි සෝදන්නා, සෝදමින් සිටි රෙද්ද බෙල්ල වටේ දමා ඇය වේගයෙන් අදින්නේය. කකුල් දෙක ඉහළට සිටින ආකාරයට ඇය ටැංකිය තුළ ගිලෙන්නීය.

“මේ වගේ දර්ශනවලට පෙරහුරු නෑ.. එක සැරේම කරලා ඉවර කරන්න ඕන.. සබන් වතුර පිරිච්ච ටැංකියක් ඇතුළේ ඔළුව පහළට හිටින විදියට ගිලෙන එක ලොකු අවදානමක්.. මම මගේ මුනුබුරා විදියට රඟ පෑව නළුවට කලින්ම කියලා තිබුණේ දර්ශනය ඉවර වුණ ගමන්ම මාව උඩට ගන්න කියලා.. මම වතුර ඇතුළට ගියේ නහයයි කටයි අතින් තද කරලා වහගෙන.. අනේ ඒ දරුවා කිව්ව විදියටම කළා..”

ඇය කෘතඥතාපූර්වක මඳ සිනාවකින් යුතුව කීවාය.

ටෙලි නාට්‍යයේ දෙවෙනි ලෙස රඟ පෑ නළුවා විසින් ඇය ඔසවා කුණු ගොඩකට වීසි කරනු ලබන  දර්ශනයත් කවදාවත් අමතක නොවන බැව් මෙලනි අශෝකා කියන්නීය.

“ඒක ඇත්තම කුණු ගොඩක් නෙමෙයි.. යටට කාර්ඩ්බෝර්ඩ් දාලා කුණු ගොඩක් වගේ පේන්න නිර්මාණය කරපු එකක්.. එහෙම විසි කළා කියලා මට හානියක් වෙන්නෙ නෑ.. ඒත් නළුවා හිතුවේ මට රිදෙයි කියලා.. ඔහු මාව උස්සලා විසි කරනවා වෙනුවට වේගෙන් කුණු ගොඩ උඩින් තිබ්බා..” ඇය කීවාය.

ප්‍රේක්ෂකයන් පමණක් නොව සහෝදර රංගන ශිල්පීන් ද චිට්ටි ආච්චි  පිළිබඳව ප්‍රශංසාත්මකව කතා කිරීමත් සම්මානයක් ලෙස දැනෙන බැව් ඇය කියන්නීය.

එකම චරිතයක රාමුගත වී සිටින්නට ඇය කැමති නැත. එම නිසා චිට්ටි ආච්චිට සමාන චරිත ඇති ටෙලි නාට්‍ය දෙක තුනකටම ලැබුණ ආරාධනා ඇය කාරුණිකව ප්‍රතික්ෂේප කළාය. සුසීමා, සිහින දෙව්දුව, සිනාසුණා ආදරෙන්, සම්බුදු මහිම, යුද ගිනිදැල් මැද, සාති, කුමරි බඹසර හැඬූ දා ඇතුළු චිත්‍රපටි හා ටෙලි නාට්‍යවල ඇය රඟ පා ඇත්තේ එකිනෙකට වෙනස් චරිතයන්ය.  

මෙලනි අශෝකා රංගන ශිල්පිනියක් පමණක් නොවේ. ඇය දක්ෂ හඬ කැවීම් ශිල්පිනියකි. ඇය දොරට වැඩියේ මල්ගුඩි දවස් ටෙලි නාට්‍ය මාලාව තුළිනි. ඉනික්බිතිව ඔෂින් ඇතුළු බොහෝ නාට්‍යවල ඇගේ කටහඬ අසන්නට ලැබිණි. මේ දිනවල විකාශය වන සිංහල හඬ කැවූ අනුපමා ටෙලි නාට්‍යයේ අනුපමාගේ චරිතයට හඬ කවන්නේ මෙලනි අශෝකාය.

“කටහඬ විතරක් ඇහිලා වුණත් අනුපමා කියලා මාව අමතන්න  පුළුවන් තරමට හුඟක් අයට මගේ කටහඬ හුරුයි.. ඒක මට ලොකු තෘප්තියක්..” ඇය කියන්නීය.

චරිතයකට හඬ කැවීම පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා චරිතයේ ස්වභාවය හැඳින ගත යුතුය. අනන්‍යතාවක් ගොඩ නඟා ගත යුතුය.

“සමහර වෙලාවට ජනප්‍රිය රංගන ශිල්පිනියන්  අසනීප වෙලා හරි රටින් පිට ගිහින් හරි ඉන්න අවස්ථාවල ඔවුන් වෙනුවෙන් චිත්‍රපටිවල හඬ කවන්න සිද්ද වෙනවා.. එතකොට ඔවුන්ගේ හඬ අනුකරණය නොකළොත් හඬ කැවීම් ශිල්පිනියක් විදියට මම අසාර්ථකයි.. මොකද ඔවුන්ගේ කටහඬවල් ප්‍රේක්ෂකයන්ට හුරුයිනෙ.. මම ඒ හඬවල් හොඳින් අධ්‍යයනය කරලා තමයි වැඩේට බහින්නෙ..”

තමාගේ සාර්ථකත්වයේ රහස ඇය හෙළිදරව් කළේ ඒ ආකාරයටය.

පසු ගිය දිනවල ඇය ජීවිතය ගැන කලකිරී මහණ වූ බවට පුවතක් සහ ඡායාරූප සමාජ මාධ්‍ය පුරා පැතිර තිබිණි.
“මම ටෙලි නාට්‍යයක් වෙනුවෙන් මෙහෙණින් වහන්සේ කෙනෙක් වුණා.. සමාජ මාධ්‍ය පිටුවක ඒක පළ කරලා තිබුණේ ඇත්තටම සිද්ද වුණ දෙයක් විදියට.. ඒකේ පහළින්ම තිබුණා රඟපෑමක් කියලා.. ඒත් මිනිස්සු මුලින් දකින දේනෙ විශ්වාස කරන්නෙ.. සමහරු මුළු පෝස්ට් එකම කියවන්නෙත් නෑ.. හුඟක් අය මට දුරකතන ඇමතුම් දීලත් ඇහැව්වා මහණ වෙන්න හේතුව මොකක් ද කියලා..”

ඇය කීවේ රංගන ජීවිතයේදී එවන් අකරතැබ්බත් සිදු වන බැව් නොකියා කියමිනි.

මෙලනි අශෝකා දක්ෂ ලේඛිකාවක ලෙසත් සමාජගත වී සිටින්නීය. ඇය විසින් ලියන ලද සිංහල නෑයා කෙටිකතා පොතට කඩුවෙල සාහිත්‍ය උත්සව තරගයේදී ප්‍රථම ස්ථානය හිමි වූයේය. ඇය සෙබළෙක් සහ ගැහැනියක් නමින් නවකතා පොතක් ද ලියා ඇති අතර මේ දිනවල තවත් නවකතා පොත් දෙකක් පළ කරන්නට සූදානමින් සිටින්නීය.

කොළඹ දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන මෙලනි අශෝකා කලාභූෂණ, වීර මාතා ඇතුළු ගෞරව සම්මාන ගණනාවක්ම ලබා තිබේ.

චන්දි කොඩිකාර



අදහස් (0)

කියා දෙන්න ආදරේ තරම් චිට්ටි ආච්චි - මෙලනි අශොකා

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

කියා දෙන්න ආදරේ තරම් චිට්ටි ආච්චි - මෙලනි අශොකා
2025 අප්‍රේල් මස 25 48 0

අසා සිටින අයට වදයක් වෙන තරමට කට කියවමින් අසල්වාසීන්ගේ ඕපාදූප සොයමින්, ඇසුරු කරන අයට ගිනි ගෙඩි දෙමින් වටපිටාවේ කරක් ගසන කාන්තාවන් ඕනෑම සමාජ තලයක දකින්


මට ඔනැම චරිතයක් අභියෝගාත්මකයි - ධනංජය සිරිවර්ධන
2025 අප්‍රේල් මස 25 28 0

විවිධ කලාවන්ට හැකියාවන් ඇති, එකසේ දක්ෂතා දක්වන කලා තරු ක්ෂේත්‍රයෙන් අපිට හමුවෙන්නේ බොහොම කලාතුරකින්. මේ දිනවල පුංචි තිරයෙ ’’ඉරගිනි මද්දහනෙ’’ බණ්ඩාරෙ


තාත්තා තමයි මගේ ශක්තිය - ගයාන් උඩවත්ත
2025 අප්‍රේල් මස 25 34 0

ගීතය මේ වෙන කොට ප්‍රවීණ ගායන ශිල්පී ධනපාල උඩවත්ත මහතාගේ හඬින් වගේම ඔහුගේ පුත් ගයාන් උඩවත්තගේ හඬිනුත් අහපු නැති කෙනෙක් නැති තරම්. පියාගේ අඩිපාර දිගේ ආව


පිය සෙනෙහස ගීතවත් කරන - වයංගා මුතුනමගේ
2025 අප්‍රේල් මස 25 33 0

එදා මෙන්ම අද පරපුර පවා ආදරයෙන් වැලඳගන්නා මෙවැනි ගී දහරකින් රසික නෙත් සවන් සිත් මෝහනය කළ ඒ ප්‍රවීණ ගායන ශිල්පියා ඔබට මතක ඇති. ඔහු තමයි ෂෙල්ටන් මුතුනමගේ.


ඉතා නුදුරේම සිනමාවෙන් දකින්න ලැබෙයි - මනෝජ් දේවගේ
2025 අප්‍රේල් මස 25 31 0

ප්‍ර මනෝජ් ඔබව බොහෝ දෙනෙක් හඳුනන්නෙ කල්පන නමින්. එහෙම නේද?


දුවන්න ඔනැ කාලේ දුවන්න ඕනැ - සචින්තනී කෙෘශල්‍යා
2025 අප්‍රේල් මස 25 48 0

රුවත් නුවණත් දක්ෂතාවත් එක ලෙසම පිහිටි තරු අතර දීප්තිමත් තරුවක් වන ඇය කලා වෘත්තියට කොටු නොවී නීතීඥ වෘත්තියත් ගුරු වෘත්තියත් තම ව්‍යාපාරත් සමබරව කරගෙන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 264 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 76 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1103 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site