IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


අහම්බෙන් ලැබුණු මේ අවස්ථාවට දැන් මම හරිම ලෝබයි ඒ වගේම ආදරෙයි

පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරාගේ චරිතයට දායක වන සුජානි මධුවන්ති 


පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරා යනු කතාවේ හැටියට අහිංසක තරුණියකි. අඩු කුලේ යැයි ගම්මු විසින් නම් කළ පවුලකට අයත් ඇය හාමු කෙනෙකුට ආදරය කිරීම නිසා චිත්ත පීඩාවට පත්ව ආදරය, දුක, පළිගැනීම යන සියල්ලට මුහුණ දෙන අතරේ ඊළඟට කුමකින් කුමක් වේ ද යන්න ඉදිරියේදි මේ නාට්‍යය නැරඹීමෙන් ඔබට දැන ගත හැකිය.  පිරිමි ළමයින්ට අමතරව ජුරාලියා සමග රංගනයේ යෙදෙන ඇය කවුද?

  • ඔබ ගැන විස්තරයක් කළොත්?

සම්පූර්ණ නම  සුජානි මධුවන්ති. ගම ගිරිඋල්ල. පවුලේ ඉන්නෙ මගෙ අම්මයි මායි විතරයි. රඟපෑමේ ක්ෂේත්‍රයට මම මුලින්ම එන්නෙ සද්ධාමංගල සර් සහ සිවගුරුනාදන් සර්ගෙ කෝලම් කුට්ටමෙන්.  සද්ධා සර් සහ චේතනී විජේතුංග මිස් තමයි මාව ඒකට ගත්තෙ. රඟපාන්න එහෙම කියලා ආසාවක් මට තිබුනෙ නැහැ. මියුසික් අංශයේ වැඩ කළත්, රඟපාලා තිබුණෙ නැහැ. සද්ධා සර්ගෙ රංගන ආයතනයට ඇවිත් පූර්ව පරීක්ෂණයකට පෙනී හිටියා. නර්තනය පුළුවන් නිසා තමයි මාව කෝලම් කුට්ටමට තෝරා ගත්තෙ. ඉන් පසුව මගේ හැකියාව දැකලා එහි චරිතයක් ලැබුණා. ඒ අතරේ ඉන්පාස් ආයතනයේ වගේම තවත් වැඩමුළුවලට සහබාගී වුණා. රංඟනය කියන්නෙ හදාරලා ඉවර කරන්න බැරි අංශයක්. රංගනය ගැන නිතරම හදාරන්න උත්සාහ ගන්න කෙනෙක්. එහෙම නොවුණොත් ක්ෂේත්‍රයේ රැඳෙන්න බැහැ.

  • ආසාව තිබුණෙ?

නැටුම් ගුරුවරියක වීමේ ආසාව  තිබුණෙ. ඒ අතරෙදි සංගීතයට ඇති හැකියාව එක්ක  සංගීත කණ්ඩායමට සම්බන්ධ වී ගායිකාවක ලෙසත් කටයුතු කළා. ඒ විදිහට කටයුතු කරන අතරේ දී තමයි, සද්ධා සර් දාලා තිබුණ දැන්වීම ගැන මට යාළුවෙක් කිව්වේ. කෝලම් කුට්ටමට ආවේ එතැනින්. මිනිස්සු මාව හඳුනා ගත්තෙත් කෝලම් කුට්ටමෙන්. ඉන්පසුව සඳුන් රාජකරුණා මහතාගේ නීල පබළු නාට්‍යයේ රඟපෑවා. රනිල් කුලසිංහ අය්යාගෙ දෙවරක් චක්කරේ සහ විකාශයට නියමිත නාට්‍යය කීපයක දැනට දායක වෙලා තියෙනවා. මේ දිනවල මම රංගනයෙන් දායක වෙන්නෙ සුපුන් රත්නායකගෙ ජුරාලියා සහ සද්ධා සර්ගෙ පිරිමි ළමයි නාට්‍යයේ චරිත සමගයි.

  • දැන් සුජානිගෙ වෘත්තිය ?

අද වන විට මම රංගන ශිල්පිනියක්. රඟපෑමට ඒමට කලින් පෙර පාසලක ගුරුවරියක ලෙස ඉගැන්නුවා. සංගීත කණ්ඩායම්වල වැඩ කරගෙන ගියේ ඊට අමතරවයි. සංගීත කටයුතුවලදී ගමේදී විතරයි බොහෝ වෙලාවට සහභාගී වුණේ. රංගනයට අමතරව ගායන වැඩ සටහන්වලටත් ආරාධනා ලැබෙනවා. බොහෝ වෙලාවට ඇරයුම් ලැබෙන්නෙ අවුරුදු කාලයේදීයි. ඊටත් අමතරව නිරූපණ වැඩවලටත් ආරාධනා ලැබෙනවා. රූපවාහිනි දැන්වීම්වලටත් දායක වෙනවා.  

  • රංගනයම තෝරා ගත්තෙ, ඒ නිසා ජනප්‍රියත්ව ලැබෙන නිසා ද?

රංගනය මට ලැබුණෙ හරිම අහම්බයකින්. ඉතින් ඒ අහම්බයට අරුතක් දීමට උත්සාහ ගන්නවා. අහම්බයකින් ලැබුණ ඒ අවස්ථාවට මම දැන් හරිම ආදරෙයි, හරිම ලෝබයි. ඉතින් එයින් ඉදිරියට යන්න තමයි කැමති. රංගනයේදී බාහිර ලස්සන විතරක් පෙනෙන චරිත විතරක් නෙවෙයි ඕනෑම විදිහෙ චරිතාංග රංගනයකට ආසයි. මේ දිනවල දිල්හාරා නිසා මම හොඳටම බැනුම් අහනවා. ඒ බැනුම් වලට මම ආසයි. කෝලම් කුට්ටමේ චරිතයට අදත් හොඳ කියනවා.

  • සුජානිගෙ විදිහ ගැන ඇහුවොත්? කොහොමද ඒ ගැන කියන්නෙ ?

සුජානි හරිම සරලයි ඒ වගේම තමයි, සුජානිට රියැක්ට් කරන විදිහට තමයි අනෙක් අයට රියැක්ට් කරන්නෙ. අසාධාරණයක් කළොත් ඒ වෙනුවෙන් කෙළින්ම කතා කරන කෙනෙක්. මම අහිංසකත් නැහැ, නපුරුත් නැහැ. එන අවස්ථාවට අනුව ඒ ඒ කෙනා අනුව සුජානි වෙනස් වෙනවා. ප්‍රතිචාර අනුව ප්‍රතිචාර දක්වන කෙනෙක්. මම මොනවා කතා කරන්න ගියත් හිනාවෙලාම ඉන්න කෙනෙක්. කා එක්කත් සතුටින් විහිළුවෙන් ඉන්න කෙනෙක්.

  • සුජානිගේ ජීවිතේ මේ දිනවල ගෙවෙන්නෙ?

මටම දාගත්ත වාරණ එක්ක තමයි ජීවිතය ගෙවන්නෙ. ඒ සීමා මායිම් එක්ක වැඩ කරන එයාගෙ හීන පසුපස යන 2024 ළඟා කරගන්න බැරි වූ දේවල් 2025දී ළඟා කර ගන්න උත්සාහ ගන්න කෙනෙක්.

  • සුජානිගෙ ඇත්ත ආදරේ ?

ආදරයක් තිබුණා. දැන් නැහැ. මම ආදරණීය චරිතයක්. අපි මිනිස්සුන්ට ආදරේ නම් මිනිස්සු අපට ආදරෙයි. මට ආදරේ කරන අයට මම ආදරෙයි. මටම වෙන් වු ආදරයක් නම් තවම නැහැ. ආදරේ කියන්නෙ හරිම සුන්දර දෙයක්. අපි ආදරේ කරන විදිහටම අපට ආදරේ ලැබුණොත් ඒ ආදරය හරිම සුන්දරයි. හරි ආදරයක් නොලැබුණොත් ජීවිතය අපායක් වේවි. හරි කෙනා හමු වු දාට ආදරේ සුන්ඳරම වේවි.

  • ආදරයේදී සුජානි මොන වගේද?

ආදරයේදි මම හිතන්නෙ මම ටිකක් ආත්මාර්ථකාමීයි. මම ආදරේ කරන කෙනා වෙනත් අය එක්ක වැඩිපුර සමීප වෙනවට මම කැමති නැහැ.ඒක මට දරාගන්න ටිකක් අමාරු වේවි. එයාට යෙහෙළියන් හිටියට ප්‍රශ්නයක් නැහැ. හැබැයි නොදන්නා අය එක්ක හාදකම් වලට මම අකමැතියි. මම පටු විදිහට බලන කෙනෙක් නෙවෙයි. මගේ ආදරවන්තයාට මම ලෝබයි.  මට කවුරුහරි ආදරේ කරද්දී මගේ මුළු ලෝකයම කර ගන්නෙ ඒ ආදරයයි. ඉතින් සමාජයට වැරදි ආදර්ශ දෙන්න මම අකමැතියි. මොකද මම විදිහටම සමාජයේ අනෙක් අයත් ජීවිතයම ආදරය කර ගත යුතු නැහැ.  මම මගේ විදිහ ගැනයි කිව්වෙ. ආදර කතාවලදි මගේ හීන මට මග හැරිලා තියෙනවා. මම හිතන්නෙ සමහරවිට ආදරයේදී  මම බොළඳ ඇති. ඒත් සමාජයේ අනෙක් තරුණියන් මම වගේ විය යුතු නැහැ.

  • 2025 ඔබ පටන් ගත්තෙ මොන වගේ අදහස් ඇතිවද?

2025 ඉලක්ක කීපයක් සටහන් කරගෙන තියෙන්නෙ. ඒවා සඵල කර ගන්න මට හදිස්සියක් නැහැ. ඒ වගේම කා එක්කවත් මම තරගයට යන කෙනෙක් නෙවෙයි. මට තරගෙ තියෙන්නෙ මා එක්කමයි. කාටවත් මම වගේ වෙන්න බැහැ වගේම මටත් තව කවුරුවත් වගේ වෙන්න ඕනෑ නැහැ. මගේ දක්ෂතා අනෙක් අයට ගන්න බැහැ වගේම අනෙක් අයගෙ දක්ෂතා මට ගන්නත් බැහැ. නිතරම මම හිතන්නෙ කරන දේ වෙනුවෙන් කැප වී කටයුතු කළොත් ප්‍රතිඵල ගන්න පුළුවන් වේවි කියලයි.


සඳුන් ගමගේ


 



අදහස් (0)

අහම්බෙන් ලැබුණු මේ අවස්ථාවට දැන් මම හරිම ලෝබයි ඒ වගේම ආදරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 188 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1144 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site