IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


අංග ලක්ෂණයෙන් කිවහැකි කාන්තා චරිතය

කාන්තාවකගේ මුහුණ සහ ඇගේ අංගලක්ෂණ නිරීක්ෂණය කර ජීවිත පලාපල කියන ශාස්ත්‍රය හඳුන්වනු ලබන්නේ අංගලක්ෂණ ශාස්ත්‍රය (Physiognomy) ලෙසටය. එම විද්‍යාවට අනුව කාන්තාවකගේ සිරුර කොටස් 32 කින් යුතු වේ. ඇගේ රූප ස්වභාවය සොබාව ධර්මයේ අපූරු තිළිණයකි. සෑම පුරුෂයෙකුම සුන්දර බිරිඳක් පතයි. එමෙන්ම මිනිසකු බලාපොරොත්තු වන්නේ, ලස්සන වතක්, ලස්සන දෑසක් සහ හොඳ උස මහතකින් යුතු යුවතියකි. කරුණු කෙසේ වෙතත් සෑම ගැහැනියකටම ඇයටම විශේෂිත වූ සුන්දරත්වයක් ඇත. අංගලක්ෂණ පිළිබඳ වූ මෙහි ඇති කරුණු කාරණා හුදු අදහස් දැක්වීමක් පමණක් වෙයි. එය කිසිවකුගේවත් හිත් රිදවා ගැනීමට කාරණාවක් නොවිය යුතුය. අපි සියල්ලෝම මිනිසුන් වන බැවිනි. කෙනෙකුගේ අතක ඇඟිලි පහම එක් විදිහකට නැති බව ද අපි දනිමු.  

සාමාන්‍ය උසකින් යුතු වන ගැහැනිය, ගෙදර දොර කටයුතු හොඳින් දන්නා, ඒවා හොඳින් ඉටුකරන, මධ්‍යම ප්‍රමාණයෙන් ලිංගික දිවිය ගත කරන්නියකි. ඉතාමත් මිටි ගැහැනිය එවැනි ලිංගිකත්වයත් නැත්තියකි. සාමාන්‍යයෙන් මිටි ගැහැනියක්, හොඳ හදවතක් ඇති, සංගීතයට ළැදි අයෙක් වන්නීය.  


හිස කෙස් :- උරහිස දක්වා කෙස්වැටිය ඇති (ස්වභාවික - නොකැපුව) ගැහැනිය, තමාම වර්ණනා කර ගන්නා වූ, ඊර්ෂ්‍යයා සහගත එකියකි. කෙස් වැටිය කළු පාට රැළි වැටුණු එකක් වීනම්, ඇය වාසනාවන්ත එකියක් වන්නීය. කෙස් වැටිය ගොරෝසු, තද, කෙටි එකක් වීනම් එය අවාසනාවන්ත භාවයේ ලකුණකි. කෙස් වැටිය මෘදු, සිනිදු, තුනී, අඳුරු පැහැති, දිගු එකක් වීනම්, ඇත්තෙන්ම එය දණහිස් දක්වා නම්, එය රූපලාවන්‍යයේ ඉහළම ලකුණක් වන අතර, වාසනාවන්තභාවයේ ද ලකුණකි.  


හිස :- ගැහැනියකගේ හිසෙහි පෙර කොටස ඍජුව පිහිටියේ නම් එය වාසනාවන්ත භාවයේ ලකුණකි. ඇගේ හිස වළාකාරවී නම් ඇය වාසනාවන්තියකි. සුවපහසු දිවියක් උරුම වේ. හිස දිගු වී නම් එවැන්නකින් හැඟවෙන්නේ ප්‍රශ්නාත්මක චරිතයකි. හිස කවයක් ලෙසට වෘත්තාකාර නම් එය අවාසනාවන්ත භාවයේ ලකුණකි.  


නළල :- ගැහැනියකගේ උස්ව පිහිටි නළලත වාසනාවන්තභාවයේ සහ සශ්‍රීකත්වයේ ලකුණකි. නළලත දීර්ඝව, එහි නහර වැල් මතුවී ඇතිනම්, එවැනි අයෙකු අහිතවත් චර්යාවන් ඇත්තියකි. නළලත රෝමයන්ගෙන් වැසී ඇතිනම් එය අාත්මාර්ථකාමී බව, ඉක්මන් කෝපය, පහත් මානුෂිකත්වය පිළිබඳ ලකුණකි. නළලත මැද පහතට එබී ඇතිනම් එවැන්නියක ඊර්ෂ්‍යා සහගත, රහස් සම්බන්ධතා ඇති, අනුන් සමග කේන්තියෙන් සිටින්නියකි. ගැහැනියකගේ නළල අඩ සඳක් ලෙසට පිහිටමින්, රෝම කූපයන් අඩු පැහැදිලි දිළිසෙන එකක් වී එහි හරහට එක් රේඛාවක් වැටී ඇතිනම් එවැන්නියක් ලක්ෂ්මී දේවිය මෙන් වාසනාවන්තියකි. ඇගේ නළලත එක් පැහැදිලි රේඛාවක් වැටී ඇතිනම් ඇගේ වයස් සීමාව හතළිහකි. රේඛාවන් දෙකක් නම් අවුරුදු 60 කි. රේඛාවන් තුනක් නම් 70 කි. ඇගේ නළලත ස්වස්තික ලකුණක්, ත්‍රිකෝණයක්, චතුරශ්‍රයක් වැනි ලකුණක් වී නම් එවැන්නියක වාසනාවන්ත, ධනවත් තැනැත්තියකි. ඇයට ඇත්තේ රැජිනියකට බඳු දිවියකි.  


ඇස් :- මුවෙකුගේ බඳු ලොකු, දිළිසෙන දෑස් ඇත්තිය වාසනාවන්තියකි. එවැනි අයෙකුට ගෞරවනීය ලෙසට ආධිපත්‍යය දරමින් සමාජයේ නායකත්වය දැරිය හැකිය. කුඩා, අඳුරු, ශෝකී, චංචල, වටකුරු, පරවියකුගේ වැනි දෑස් ගැහැනියකට අවලස්සනය. එවැනි අය නිතර දබරකාරී, අධෛය්‍යවත් පිරිසක් වන අතර ජීවිතයේ ඉහළ තැනකට නොයති. රතු පාට දෑසින් යුතු ගැහැනිය රාගාධික, රැවටිලිකාරී, විශ්වාස නොකටයුතු එකියකි. විශාල, දිගු, කළු පාට දෑස් ඇත්තිය රාගාධිකය. මෙවැනි ගැහැනියක සමාජයේ ඉතාමත් ජනප්‍රිය වෙයි. වටකුරු, කළු පාට දෑසකින් හඳුන්වන්නේද කාමුක බවකි. නිදිබර දෑසකින් කියවෙන්නේ විරුද්ධ පාර්ශ්වයට ඉතාමත් ළැදි, ලිහිල් චිත්ත ස්වභාවයකි.  


නාසය :- ගැහැනියකගේ නාසය ගිරා හොටක් මෙන් නැමී ඇතිනම්, ඇය හොඳ ජීවන ස්වභාවයක් ඇති, කීර්තිය අත්විඳින, නුවණක්කාර, පවුලේ සැමගේ ආශිර්වාදයද ලබන්නියකි. සාමාන්‍ය ප්‍රමාණයේ ඍජු නාසයක් ඇත්තී ලස්සන, නුවණැති, උත්සාහවන්ත අයෙකි. කුඩා නාසයකින් කියවෙන්නේ දබරකාරී, කාමුක, දඟකාරී ගතියකි. නාසය මැදින් යටට නෙරා ඇති, ඉදිරි කොටස ඉතා උස, නැමුණු විශාල එකක් වී නම්, එවැනි අයෙක් ආදරයෙන් සහ අනුකම්පාවෙන් තොරය. එවැනි ගැහැනියක් නපුරු අයහපත් චරිතයක් සහ ඉක්මන්කම වැඩි අයෙකි. නාස්පුඩුව දිගු වී නම්, එය ඉක්මන් ප්‍රකෘති ස්වභාවයක ලකුණකි. නාසයෙහි කෙස් තිබීම අවාසනාවන්ත, වැනෙන සුලු චරිත ස්වභාවය සහ දබරකාරී බව පෙන්නුම් කරයි.  


කන් :- මඳක් එල්ලා වැටෙන, මෘදු, ඇසට ප්‍රිය උපදවන, දිගු කන් සහිත යුවතිය වාසනාවන්තියකි. සුවපහසු දිවියක් ගෙවයි. ප්‍රමාණයෙන් එකිනෙකට සමාන නොවුණු, වකුටුවුණු, තුනී, කන් සිදුරු ද සමාන නොවන, කන් යුවළකින් ප්‍රකාශිත වෙන්නේ අවාසනාවන්ත කමෙකි. කනෙහි පහළ කොටස යටට එබී ඇතිනම් ජීවිතයේ වාසනාව විරලය.  


මුහුණ :- කාන්තාවකගේ වටකුරු, මෘදු, දිළිසෙන, රත් පැහැයෙන් යුතු අලංකාරවත් මුහුණ කාමුක බව පිළිබිඹු කරන අතර, එය වාසනාවන්ත බවේ ලකුණකි. මෙවැන්නියක ගුණගරුක වෙන අතර, කළමනාකාරිත්වයට දක්ෂය. ඕනෑම අවස්ථාවකට විශ්වාසයකින් යුතුව මුහුණ දෙයි. ඇගේ මුහුණ ඇගේ දෙමව්පියන්ගේ මුහුණට සමානවේ නම් එය සුබ ලකුණකි. ගැහැනියකගේ මුහුණින් කිසියම් ගන්ධයක් නිකුත් වේද, එය ස්වභාවික දෙයක් වේද, එයද සුබ ලකුණකි. මුහුණ රක්ත වර්ණ වේ නම් එය ආදරණීය ස්වභාවයකි. දිළිසෙන මුහුණක් ඇත්තී දබරකාරී, රැවටිලිකාරී, එහෙත් වාසනාවන්ත අයෙකි. ගැහැනියකගේ මුහුණ බෙහෙවින් පළල් වී නම්, බලවත් හැඟීමකින් යුතු අයෙකි. මෙවැනි අයවලුන් ලිංගිකත්වයෙන් තෘප්තිමත් නොවේ.  

 

තොල් :- රතු පාට, තුනී, සිනිදු, සමානව පිහිටි තොල් සඟලකින් කියවෙන්නේ තම සැමියාගෙන් සහ සෙසු අයගෙන් ආදරය ලබන්නියකි. ස්වභාවයෙන්ම කාමුකය. බර වූ, එල්ලා වැටෙන, ඝනකම් තොල්වලින් පැවසෙන්නේ දූෂිත සහ දුරාචාරයෙහි හැසිරෙන බවකි. කළු පාට තද තොල්වලින් කියවෙන්නේ සුඛෝපභෝගී ජීවිතයකට නැඹුරුතාවයකි.

එවැන්නියක් වරදෙහි බැඳීමට ඇති ප්‍රවණතාවය වැඩිය. ඇය කාමුකය. එවැනි තොල්වලින් කියවෙන්නේ අවාසනාවන්ත බවකි. යටි තොල ඝනකම් එමෙන්ම කළු පැහැයෙන් යුතුවී නම් එවැන්නිකගේ ජීවිතය ප්‍රශ්නකාරී වන අතර, ඇයට ඇගේ සැමියා අහිමිවීමටද ඉඩ ඇත. තුනී, දිග, කඩතොළු සහිත වියළි තොලකින් ප්‍රකාශිත වෙන්නේ අවාසනාවන්ත බවකි.  


දත් :- සුදු පාට, කාන්තිමත්, දිළිසෙන, මුතුවැනි සම දසන් ඇත්තියකට, උඩු සහ යටි තල්ලෙහි දසන් පිළිවෙලින් දහසය බැගින් තිබීම ද වාසනාවන්ත බවේ ලකුණකි. විශාල, දිග, වකුටු, අසම, වියළි නැතිනම් කළු පැහැති දසන් මුහුණෙහි සුන්දරත්වය නසයි. එවැනි ගැහැනියක් අවාසනාවන්ත, විවාහයකට නොවටිනා බවකි. යටි තල්ලෙහි ඇති දත්, උඩු තල්ලෙහි ඇති දත්වලට වඩා ස්වභාවයෙන්ම වැඩි නම් එයද අවාසනාවන්ත බවේ ලකුණකි. ඒ අතර, හිඩැස් ඇතිව, ඒවා නිසි අයුරු නොපිහිටමින් ඇතිනම්, එය අයහපත් චරිතයක් සහ අතිදුෂ්ටභාවයක් පෙන්නුම් කරයි. මීයෙකුගේ බඳු දත්වලින් පැවසෙන්නේ අවාසනාවන්ත බවකි.  


කටහඬ :- මිහිරි කටහඬක් දෙවියන්ගේ ආශිර්වාදයකි. එවැනි කටහඬක් ඇත්තිය බොහෝ විට හොඳ ස්වභාවයක් ඇති ආදරණීය, දැකුම්කලු අයෙක් වන්නීය. රළු, කනට අමිහිරි කටහඬකින් කියවෙන්නේ ප්‍රශ්නකාරී, නපුරු, කපටි ගතියකි. පිරිමියකුගේ වැනි කටහඬක් ද අවාසනාවේ ලකුණකි. කතා කරද්දී දෑස් සහ පියයුරු එහෙට මෙහෙට සොළවන යුවතිය මිනිසුන් අතර, සතුටින් සිටින්නියකි.  

 

 

 

(Occult Sciences by Dr. L.R. Chawdhri කෘතිය ඇසුරිනි)

 

පරාක්‍රම ඇස්. විජේවර්ධන

 



අදහස් (1)

අංග ලක්ෂණයෙන් කිවහැකි කාන්තා චරිතය

Saman weerasekara Monday, 24 January 2022 01:29 PM

මේ කාලේ ඉන්න අය ගැන ඔය ලක්ෂණ වලින් බලන්න අමාරුයි .සැලුන් ගිහින් ඔක්කොම වෙනස් කරගෙන ඉන්නේ

:       1       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1138 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1149 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site