අරාජිකත්වය යනු කුමක්දැයි පොත්පත්වලින් සංකල්පීයව දැනගෙන සිටියද මීට වසර දෙක තුනකට පෙර සිට මේ දූපතේ ජීවත්වන මිනිසුන්ට එය භෞතිකව අත්විඳීමට ‘වාසනාව’ උදා වී තිබේ. රාජ්‍යයෙන් තොර රටක ස්වභාවය අපි දැන් හොඳින් දනිමු . අද වනවිට මේ අරාජිකත්වය මානව ජීවිතයේ සකලවිධ අංග විනිවිදිමින් නිදහස් රංගනයක යෙදේ. සමස්තය නන්නත්තාර වීම එහි අනිවාර්ය ප්‍රතිඵලය වේ. එරික් ඉලයප්ආරච්චිගේ අලුත්ම නවකතාව වන තිවංක කතාවට තේමාව වන්නේ රාජ්‍යයේ මෙකී අරාජිකත්වය හෙවත් සමස්ත අනාථභාවයයි.
තිවංක කතාවේ වක තුන එකිනෙකට වෙනස් ප්‍රධාන චරිත තුනක් ඔස්සේ ගලා යයි. පළමු වකයේදී ගාමිණි හෝල් හන්දියේ පරණ පොත් කඩ වෙළෙන්දෙක්ද දෙවන වකයේදී පොළොන්නරු යුගයේ පණ්කඩයෙක් (නපුංසකයෙක්)ද තෙවන වකයේදී ගෝල්ෆේස් අරගලයේ නීතිඥයෙක්ද මෙකී ප්‍රධාන චරිතයෝ වෙති. මෙම ප්‍රබන්ධය ගොඩනැඟීමේදී කතුවරයා සෙනරත් පරනවිතානගේ ග්‍රීකයෝ හා මෞර්යයෝ, ලංකාව හා මලයාසියාව මෙන්ම සිහගිරි පුවත යන කෘති ද ඔහුගේ පසුකාලීන විවාදාත්මක සෙල්ලිපි කියවීම්ද යොදා ගනී. වර්තමානය සහ පොළොන්නරු යුගයේ අවසාන කාලයේ දක්නට ලැබෙන අරාජික සමාන්තරයන්ද දුර්දාන්ත සමයකදී ජාතිය මිථ්‍යාවක් වී සැවොම එක්ව කැරලි ගැසීමද පිටතට සෘෂි මුහුණක් පෙන්වන රාජ්‍යයේ යක්ෂාත්මයද ඒ යක්ෂාත්ම ධර්මයෙන් පෝෂණය වූ මිනිසුන්ගේ බිහිසුණු බවද නිර්මාණ කලාව ව්‍යාජත්වයක ගිලී යමින් ව්‍යාජ ශිල්පීන් පමණක් අවකලාවක නිමග්න වීමද පරමානන්දය නිමා කරන දුක හා සමුගැන්මද කතුවරයා මෙම ප්‍රබන්ධයේදී පාඨකයාට අභිමුඛ කරයි. එමෙන්ම ජාතික අන්තවාදය හෝ ස්වර්ගවාදය වෙනුවට විශ්වාන්තරවාදයේ මහිමයත් සාමූහික ඉතිහාසයේ විස්මයත් ශුන්‍යත්වය පූර්ණත්වයට සමාන වන ආකාරයත් මෙම ප්‍රබන්ධ කතිකාව තුළ අපට මුණ ගැසේ. එරික් මෙම නවකතාවේ දී භාවිත කර ඇති ඇතැම් යෙදුම් හා දෙබස් තුළින් අතීතය ද වර්තමානය ද කියා වෙනසක් නොමැතිව රාජ්‍ය බල ව්‍යාපෘතියේ අරාජික හෙළුව උත්ප්‍රාසාත්මක ලෙස අනාවරණය කරයි. ඒ අනුව , ” කාර්වල එල්ලූ දෙහි ගෙඩි තමන්ට වළක්වන්නට පුළුවන් උපද්‍රවයක් නැති බව හඟවමින් නාකි අණ්ඩ කෝෂ සේ වැනෙයි.” “මට පිම්පියා කිව්වට… මේකිට ගණිකාව කිව්වට අපේ නායකයො රටේ ඔක්කොම ගණිකාවන්ට ඇන්දුවා. දැන් ඔක්කොම පිම්පි.” විශේෂයෙන් වත්මන් අරාජිකත්වය ගැන කියන්නට මීට වඩා සුදුසු යෙදුම් හා වචන තවත් තිබේද ?
එරික්ගේ බොහෝ නවකතාවල මෙන්ම මෙහිද ස්වකීය තේමාත්මකය පාඨකයා වෙතට ගෙන යාමට භාවිත කරන ආඛ්‍යාන රටාව නිසැකවම අපගේ අවධානය පැහැර ගනී. එය සිදුවීම්මය හෝ ස්ථානීය තියුණු නිරීක්ෂණයට ස්වකීය පුළුල් බහුවිධ කියවීමෙන් උකහා ගත් අවබෝධය සමෝධානය කරමින් ලෝක දැක්මක් නිමවන ආකාරයේ ආඛ්‍යාන රටාවකි. මෙම ආඛ්‍යාන රටාව සිදුවීම්මය/ස්ථානීය සීමාමායිම් බිඳ දමමින් පාඨකයාට සමස්තය හෙවත් විසල් චිත්‍රය දැකීමට අවකාශය විවර කරයි. තිවංක කතාව තුළින් ද කතාපුවත අබිබවා යන ඥානවිභාගමය සෞන්දර්යයක් වෙතට පාඨකයා කැඳවාගෙන යාමට එරික්ට හැකි වන්නේ මෙම සමෝධානිත අභ්‍යාසයේ මහිමය නිසාය. සාහිත්‍ය යනු සාහිත්‍යයට වැඩි යමක් බවත් ප්‍රබන්ධය යනු ප්‍රබන්ධයට වැඩි යමක් බවත් එරික් ඉලයප්ආරච්චි තිවංක කතාව හරහා අපට යළිත් පසක් කර දෙයි.
අරාජිකත්වය යනු කුමක්දැයි පොත්පත්වලින් සංකල්පීයව දැනගෙන සිටියද මීට වසර දෙක තුනකට පෙර සිට මේ දූපතේ ජීවත්වන මිනිසුන්ට එය භෞතිකව අත්විඳීමට ‘වාසනාව’ උදා
චිත්‍ර කලාව පිළිබඳ නිදර්ශන සහිත විචාර ග්‍රන්ථයක් ලෙස දීප්ති කුමාර ගුණරත්න ලියා ඇති ‘සුන්දරත්වයට පසු කලාව’ මඟින් මෙරට චිත්‍ර කලා කතිකාව යාවත්කාලීන කර
“සියලූ ධර්මයන් ඇත්ත වශයෙන්ම පවතින්නේ නැති නිසා, කෙලෙස් හෝ ශුද්ධිය කියා හෝ දෙයක් ඇත්තේ නැත” – (ලංකාවතාර සූත‍්‍රය)
මාලන් බණ්ඩාර කවියා ගේ ’’නටු’’ නමැති සංක්ෂිප්ත කාව්‍යාවලිය කියැවීමෙන් අනතුරු ව ඉතා ලුහුඬින් අදහස් ස්වල්පයක් ලියා දැක්වීම සඳහා නිසග පෙලැඹුමක් ඇති විය.
’මන්දාකිණියක කීපදෙනෙක්’ කසුන් සමරතුංගගේ පළමු නවකතාව මෙන්ම ඔහුගේ හත්වැනි සාහිත්‍යය කෘතිය ලෙස 2024 වසරේ දී ජනගත විය. එය තත්කාලීන සමාජයේ එක්තරා පැතිකඩක පු
සිංහල කවියට විශාල ඉල්ලුමක් දැන් නැත. එය රටක සාහිත්‍යය ගැන සැලකිමේදි දැඩි අවාසනාවන්ත තත්වයකි. මන්ද කිවහොත් නිර්මාණකරණයේ හා පරිකල්පනයේ තිඹිරිගෙය වන්නේ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
එරික් ඉලයප්ආරච්චිගේ ’’තිවංක කතාව’’