IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


විදුලිය කැපුවාහම මැදිරිගිරිය රෝහලේ වැඩට ඉටිපන්දම් පිහිට

(චාපා මධුභාෂිණී)

මැදිරිගිරිය මූලික රෝහලේ විදුලි උප්පාදන යන්ත්‍රයට අවශ්‍ය ඉන්ධන නොලැබීම හේතුවෙන් විදුලි විසන්ධි වන අවස්ථාවලට රෝහලේ වැඩ කටයුතුවලට දැඩි බාධා එල්ල වන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

විදුලිය විසන්ධි වු අවස්ථාවන්හිදී  ඉටි පන්දම් එළියෙන් හා ඡංගම දුරකතන වල පිහිටනේ රෝහල් කටයුතු සිදුකරගෙන යන අයුරු අපට දැකගත හැකි විය.

රෝහලට ඇතුලත්වන හදිසි රෝගීන්, ස්වසන රෝගීන් ඇතුළු හදිසි ප්‍රතිකාර කළ යුතු රෝගීන් පොලොන්නරුව මහ රෝහල වෙත මාරු කර යැවීමට රෝහල් කාර්යය මණ්ඩලය කටයුතු කර ඇත.

ජීවිතාරක්ෂක උපකරණ විදුලිය විසන්ධි වූ අවස්ථාවන්හිදී ක්‍රියාකාරීත්වය ඇණහිට ඇති අතර විවිධ උෂ්ණත්ව යටතේ ගබඩා කළ යුතු ඖෂධ ඇතුළු බොහොමයක් ඖෂධ හා ඖෂධ උපකරණවලට මෙය බලපෑමක්ව එල්ලවන බව ද රෝහල් ප්‍රශාකයෙක් කීය.

මැදිරිගිරිය මූලික රෝහලේ විදුලි උත්පාදන යන්ත්‍රයට පැයකට ඉන්ධන ලීටර 25 පමණ අවශ්‍ය වන අතර මේ දිනයන්හිදී පැය තුනක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමත් සමග දිනකට ඉන්ධන ලීටර 75 පමණ අවශ්‍ බව රොහල් ආරංචි මාර්ග කියයි.

 



අදහස් (2)

විදුලිය කැපුවාහම මැදිරිගිරිය රෝහලේ වැඩට ඉටිපන්දම් පිහිට

fairoos Wednesday, 27 July 2022 06:29 PM

කමක් නැහැ. රනිල් ජනාධිපති වුණානේ...

:       3       9

ganegoda Thursday, 28 July 2022 10:43 AM

උදේ ඉදන් රෑවෙනකන් " තාක්ශණය " ගැන කියවන රජයක දර්ශනය !

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 491 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17067 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 682 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site