අධික වර්ෂාවත් සමග මහා පරිමාන සුළු අපනයන බෝග ගැනුම් කරුවන් අඩු මුදලට කරාබු නැටි මිලදී ගැනීමත් හේතුවෙන් මහනුවර දිස්ති‍්‍රක්කයේ සිටින කරාබු නැටි සහ ගම්මිරිස් ගොවියන් අසරණ තත්ත්වයට පත්ව ඇති බව යටිනුවර අපනයන කෘෂිකර්ම ප්‍රවර්ධන ගොවි සංවිධානයේ සභාපති ඩග්ලස් කරුනාදිපති මහතා පවසයි.
කරාබු අස්වැන්න මේ දිනවල නෙලන අතර කරාබු වියලා ගැනීමට තරම් හිරු රශ්මිය නොමැති නිසා කරාබු නැටි කුණුවන බව ද ගොවීහු පවසති.
මහාපරිමාන වෙළඳුන් අමු කරාබු නැටි කිලෝවකට රුපියල් 260ක් වැනි මුදලක් ගෙවීම අසාධාරණ බව ද ඔවුහු කියති. කැඩුම් කරුවෝ කරාබු නැටි කිලෝවකට රුපියල් 150 ක් අයකරති. උඳුනෙන් වේලන ලද කාරබු කිලෝ එකක් රුපියල් 1050 ක් මිලක් වන අතර මෙයින් ලාබ ලබන්නේ මහා පරිමාන උඳුන් ඇති ව්‍යාපාරිකයින් බවද ඔවුහු පෙන්වා දෙති.
කුඩා වියලනයකින් දිනකට කිලෝ 50 ක් පමන වියලිය හැකි අතර එවැනි උඳුනක් රුපියල් 150,000 ක් පමණ වේ. එතරම් මුදලක් ඔවුනට දැරිය නොහැකි යැයි ද කියති. මේ සම්බන්ධයෙන් බලධාරින් මැදිහත්ව විසදුමක් ලබා දියයුතු ඔවුහු පෙන්වා දෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේටම බලධාරියා එනතුරු බලාඉඳලා වැඩක් නැහැ. ලෝකේ කරාබුනැටි නිෂ්පාදනය කරන්නේ ලංකාව විතරක් නොවෙයි වගේම වැස්ස වහින්නෙත් පළමු වතාවට නොවෙයිනේ. තමන්ගේ ව්‍යාපාරය සැළසුම්සහගතව කරන්න තමන්ටත් වගකීමක් තියෙනවා. (නි)
අපේ රටේ බොහෝ දෙනෙක් බලධරයන් කර දෙනතුරු බලා ඉන්නවා. තමුන්ට කරගන්න පුළුවන් වුණත් ආණ්ඩුවෙන්ම දේවල් බලාපොරොත්තුව ඉන්නේ. (නි)
හිමල්ගේ කතාව සම්පුර්ණ ඇත්ත. විවෘත ආර්ථිකයක් ඇති ලංකාවේ රජය හැමදේටම මැදිහත් කරගැනීමෙන් වෙන්නේ දුෂිත දේශපාලකයන්ට රටේ ආර්ථිකයේ ලොකු කුඩා සියලු දෙයටම ඇඟිලි ගැසීමට අවස්ථාව ලැබීමයි. ලොකු උදුන් ඇති ව්‍යාපාරිකයෝ ඔවුන්ගේ උදුන් වලට විශාල මුදලක් ආයෝජනය කර ඇත. අවස්ථාව ලැබුන විට ඔවුන් මුදල් උපයා ගැනීමට උත්සාහ කිරීම සාමාන්‍ය දෙයකි. මෙහිදී කුඩා ගොවියන් දෙන්නා තුන්දෙනා බැගින් එකතු වී මුදල් එක්රැස්කර ලොකු උදුනක් ගැනීමට කටයුතු කළයුතුය. එවිට ඔවුන්ට තමන්ගේ කරාබු නැටි වියලාගත් පසු අනිකුත් කුඩා ගොවීන්ගේ කරාබුනැටිද වියළා දී අමතර අාදායමක් ලබාගත හැකිය (නි)
වැස්ස නැතිවීම එක ලෙඩක්. එ්ත් වැස්සම තව ලෙඩක්. මේවට ඉස්සර මිනිස්සු මුහුණදුන්නේ කොහොමද කියලා හොයලා බලන්න වෙනවා. (නි)