(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වහාම රජයට පවරා ගෙන එහි සේවකයින්ගේ රැකියාව සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින් රෝහලේ අන්තර් සමාගම් සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසළ අද (28) පැවැත්විණ.
අනියම් සේවකයින් ස්ථීර කිරීම, රෝහලේ අයිතිය නිශ්චිත කිරීම , සේවක වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඔවුහු විරෝධතාවේ නිරතවූහ.
ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සාමාජිකයන් කිහිපදෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනධිපති අතිරේක ලේකම්වරයෙකු මුණ ගැසුණු අතර ඔහු පවසා ඇත්තේ තව සති තුනක කාලයක් ලබා දෙන ලෙසටය.



(වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මේ රෝහල නඩත්තු කරන්නේ අදටත් අපේ සල්ලි වලින් හිටපු අයයි ආව අයයි දෙගොල්ලම මේක නඩත්තුවට අපේ සල්ලි පොම්ප කරනවා. රටේ ජාතව තේරුම් ගන්න ඕනේ මේ දෙගොල්ලම ඉන්නේ මුදලාලිගේ පැත්තේ කියන එක.
සියලුම පෞද්ගලික රෝහල් රජයට පවරාගත යුතුයි. එසේ නොමැති නම්, රටේ පුරවැසියන්ට රජය විසින් රක්ෂණ ආවරණයක් ලබාදී සියළුම රජයේ රෝහල් පෞද්ගලික කරණය කළ යුතුයි. අන්න එදාට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන මාෆියාව නිමා කළ හැකියි.