(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාතට බලපා ඇති වර්ෂාව සමඟ ජල ගැලීම් වලින් මේ වන විය සාමාන්‍ය වැසියන් පවුල් 19,831 කට අයත් පුද්ගලයින් 64,448 දෙනෙකු විපතට පත්ව ඇති බවට ජාතික ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි.
විපතට පත් ජනතාවගෙන් පවුල් 2611 කට අයත් පුද්ගලයින් 8478 දෙනෙකු උතුරේ දිස්ත්‍රීක්ක පහේ පිහිටුවා ඇති ආරක්ෂිත කඳවුරු 56 ක රඳවා ඇති අතර වර්ෂාපතනය හා ජල ගැලීම් හේතුවෙන් නිවාස අර්ධ හානි 319 ක් හා පූර්ණ හානි 6ක් හානි වී තිබේ.
උතුරේ වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ මුලතිව් දිස්ත්‍රීක්කයේ වන අතර එය පවුල් 9297 කට අයත් පුද්ගලයින් 30,020 දෙනෙකු විපතට පත්ව ඇති අතර විපතට පත් ජනතාව ආරක්ෂිත කඳවුරු වෙතට රැගෙන ඒම හා සහන සැලසීමට මුලතිව් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් මහත්මියගේ අධීක්ෂණයෙන් ආපදාකලමනාකරන නිලධාරින් හා මුලතිව් ආරක්ෂ සේනා ආඥාපති මේජර් ජෙනරල්ජයන්ත සෙනවිරත්න මහතාගේ උපදෙස් පරිදි යුද හමුදා සෙබලුන් විසින් දායකත්වය ලබා දෙයි.
එමෙන්ම කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පවුල් 7225 කට අයත් පුද්ගලයින් 23,344 දෙනෙකු විපතට පත්ව ඇති අතර විපතට පත් ජනතාව වෙනුවෙන් කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතාගේ අධික්ෂණයෙන් ආපදාකලමනාකරන නිලධාරීන් හා කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි යුද හමුදාව දිවා රාත්‍රී සේවයේ යොදවා ඇත.
ඊට අමතරව යාපනය දිස්ත්‍රීක්කයේ පවුල් 1858 කට අයත් පුද්ගලයින් 6298 ක්ද මන්නාරම් දිස්ත්‍රීක්කයේ පවුල් 1051 කට අයත් පුද්ගලයින් 3478 ක්ද වවුනියාව දිස්ත්‍රීක්කයේ පවුල් 400 කට අයත් පුද්ගලයින් 1308 ක්ද විපතට පත්ව ඇති බවට ආපදාකලමනාකරන කාර්යාල මගින් පෙනවා දෙයි.
වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ ප්‍රදේයන්හි පිහිටි වැව් වාන්දැමීම හේතුවෙන් වන අතර පහත්බිම් වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසටද දැනුම් දී ඇත.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ජල ගැලීම් වලින් උතුරේ පවුල් 198,831 අවතැන්