(ඉන්දික අරුණ කුමාර)
පරිසර හානියට ලක්වෙමින් පවතින, මාතලේ - ලග්ගල ඓතිහාසික කිරිඅම්මා උල්පත සංරක්ෂණය සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම් පියල් ජයසූරිය මහතා කියා සිටියේය.
සියවස් ගණනාවක සිට විවිධ චාරිත්‍ර ඉටුකිරීම සඳහා භාවිත කළ මෙම දුර්ලභ ජල උල්පත වසර පුරා බුබුලු දමමින් පවතී. පත්තිනි මෑණියන්ගේ ආරක්ෂාව පවතින බවට විශ්වාස කරන බොහෝ පිරිසක් මෙම ස්ථානයට පැමිණෙති.
නව ලග්ගල නගරය නිර්මාණය වීමත් සමඟ මෙය නැරඹීමට පැමිණෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩිවී තිබේ. එසේ පැමිණෙන පුද්ගලයන් කිරිඅම්මා උල්පත ආශ්‍රිත පරිසර පද්ධතිය විනාශ වන ලෙස හැසිරෙන බවද ඒ මහතා කියයි.
ඔවුන් ඉවතලන අපද්‍රව්‍ය උල්පත ආශ්‍රිතව දමා යෑම, කිරි ඉතිරිම සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය වල අමතර කොටස් පරිසරයට මුදා හැරීම ආදී කටයුතු හේතුවෙන් කිරිඅම්මා උල්පත විනාශවීමේ අවදානමක පවතින බව පරිසර සංවිධාන රැසක් අනතුරු අඟවා තිබිණි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මහා සංඝරත්නය, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකගේ මැදිහත්වීම යටතේ කිරිඅම්මා උල්පත සංරක්ෂණය සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා රාජ්‍ය නොවන සංවිධාන සමඟ පැවති ප්‍රගති සමාලෝචනයකදී කියාසිටියේය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඓතිහාසික කිරිඅම්මා උල්පත සංරක්ෂණයට පියවර