(ප්‍රසන්න පත්මසිරි)
පස්සර පල්ලේගම කනහෙළ වෙල්යායේ පවත්වාගෙන ගිය මහා පරිමාණ මැණික් පතල් කර්මාන්තයක් අතරමග නැවතීම හේතුවෙන් පාරිසර ප්‍රශ්න රැසක් මතුව තිබෙන බව ගොවීහු කියති.
අක්කර 30කින් පමණ සමන්විත කනහෙල වෙල්යායේ වසර පහකට පමණ පෙර මහා පරිමාණයෙන් බැකෝයන්ත්‍ර යොදාගනිමින් පතල් කර්මාන්තයක් ආරම්භ කර තිබිණි. එය වසර කිහිපයකට පෙර අතරමග නැවතී ඇතත් පතල් වළවල් මේ වනතුරු වසා දමා නොමැත.
වෙල්යායේ අක්කර 15ක පමණ භුමි ප්‍රදේශයක විශාල වළවල් තිබීම හේතුවෙන් ඒවා පුරන් කුඹුරු බවට පත්ව තිබේ. පතල් කැපීමට ගෙනා බව කියන බැකෝ යන්ත්‍ර ඇතුළු යන්ත්‍ර වසර ගණනාවක් තිස්සේ කැළයට දිරාපත් වෙමින් පවතී.
“අක්කර 30ක් පමණ වූ වෙල්යායේ පතල් කපා වළ වසා නැති නිසා වී වගාකරන්න ඉතිරිව තිබෙන්නේ අක්කර 10ක පමණ භූමි ප්‍රදේශයක් විතරයි. අක්කර ගණනාවක් කැලයෙන් වැසිලා. මොනරුන් ඇතුළු වගා හානි කරන සතුන් ඉන්න නිසා වගා කළත් වැඩක් නෑ. වළවල්වල මැසි මදුරුවන් බෝවෙමින් සිටිනවා” යැයි ඩබ්ලිව්. එම්. කරුණාදාස ගොවි මහතා මෙසේ පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම්.එන්.ඩී අමරසිංහ ගොවි මහතා, “වෙල්යායේ බැකෝයන්ත්‍ර වලින් පතල් කැපීම නිසා මයිලවත්ත ප්‍රදේශයේ නිවාස පහක බිත්ති පුපුරලා. සමහරුන්ට පතල් හිමිකරුවන් මුදල් දුන් බව කියනවා. පතල් කැපුවාට කමක් නෑ වළවල් වහන්න ඕනේ. මේ පතල් නිසා ගමටම පරිසර හානි වෙනවා” යැයි පැවසීය.
පස්සර ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී ඩී. ඩී. ඒ. ප්‍රියංකාකුමාරි මහත්මිය මෙසේ පැවසුවාය.
“වෙල්යායේ පතල් කපන්නේ නීත්‍යනුකූලව බලපත්‍ර ඇරගෙනයි. වසරින් වසර බලපත්‍ර අලුත් කරනවා නිත්‍යනුකූලව ප්‍රශ්නයක් නැහැ” යැයිද කීවාය.
නීත්‍යනුකූලව කපන පතල් වුවත් පරිසරයට හානියක් නොවන අයුරින් පවත්වාගෙන යා යුතු බව ප්‍රදේශවාසීහු පවසති. ප්‍රදේශයට වන පරිසර හානිය පිළිබඳව බලධාරීන් මෙයට වඩා විමසිලිමත් විය යුතු බවද ප්‍රදේශයේ ජනතාව පවසති.
(එම්.එන්.ඩී අමරසිංහ ගොවි මහතා)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අක්කර 30 ක වෙල්යායේ අක්කර 20ක පතල් වළවල් තවමත් එහෙමම