(නිශාන්ත කුමාර)
ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද කෘෂිකාර්මික වෙළඳ හා තාක්ෂණික ප්‍රදර්ශනයක් ඌව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල සේනානායක පිටියේදී අද (23) ආරම්භ විය.
නව කෘෂි තාක්ෂණික දැනුම පිළිබඳ අවබෝධයක් ලබාදීම, කෘෂිකාර්මික ගැටළුවලට විසඳුම් ලබාදීම, කෘෂිකාර්මික යෙදවුම් මිලදී ගැනීම හා කෘෂි ප්‍රකාශන අලවිකිරීම යන අරමුණු පෙරදැරිව ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඒ.බී.ඒ එම්.ඒ.එම් ගුණවර්ධන මහත්මියගේ උපදෙස් හා මත ප්‍රදර්ශනය සංවිධානය කෙරිණි.
මෙම අවස්ථාව සඳහා බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි, ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඒ.බී.ඒ.එම්.ඒ එම් ගුණවර්ධන මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කයන්හි පිහිටි සහකාර කෘෂිකර්ම කලාප ආවරණය වන පරිදි කුටි 24 ක් ප්‍රදර්ශනය සඳහා එක්කර තිබිණි.
ප්‍රදර්ශනය මෙම මස 25 වැනි දින තෙක් ක්‍රියාත්මක වන බව ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.




2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඌව පළාත් කෘෂිකර්ම හා තාක්ෂණ ප්‍රදර්ශනය ඇරඹේ