(එච් .චන්දන)
නවගත්තේගම කලවැල්ල රජයේ රක්ෂිතයෙන් ඇඳිරිනීති අවස්ථාවේ කපා ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබූ දැව තොගයක් සමඟ පුද්ගලයෙකු අද (27) අත්අඩංගුවට ගත්බව ආණමඩුව අඩවි වන කාර්යාලය පවසයි.
ආණමඩුව අඩවි වන කාර්යාලට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.පොල් අතු අසුරා ප්‍රවාහනයට සුදානම් කර තිබියදී මෙම දැව තොගය සොයාගත් බව එම කාර්යාලය පැවසීය.
ලක්ෂ එක හමාරක් පමණ වටිනා ටර්පන්ටයින් සහ කොන් කඳන් තොගයක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ආණමඩුව අඩවි වන නිලධාරී ඩබ්.ඊ.ඩි විමලසිරි මහතා පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd