IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරකින් අයෙක් මරුට

( කුෂාන් ජයවර්ධන)

කැකිරාව මඩාටුගම නගරයේදී අද (29) සිදුවූ මාරක රිය අනතුරකින් සිව්දරු පියෙකු මරණයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව කුඩාඇලගමුව ඩී 3 ප්‍රදේශයේ පදිංචිව සිටි අලුත්ගෙදර ස්වර්ණ තිස්ස නමැති 65 හැවිරිදි සිව්දරු පියෙකි.

ඔහු පාපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම මාරක රිය අතුරට මුහුණ පා ඇත. ඒ 9 මාර්ගයේ මඩාටුගම 81 හා 82 කිලෝමීටරය අතර එම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

පසුපසින් පැමිණ ඇති ලොරි රථයක් පාපාදියේ ගැටීමෙන් අනතුර සිදුව තිබිණ. අනතුරින් බරපළ තුවාල ලබා සිට ඇති ස්වර්ණ තිස්ස මහතා කඩිනමින් දඹුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට මඩාටුගම ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර තිබිණි. බරපතල තත්වයේ සිට ඇති ඔහු එහිදී මියගොස් ඇති බව පොලිසිය කියයි.

එම මාරක රිය අනතුරට සම්බන්ධ ලොරි රථය හා එහි රියදුරු කැකිරාව පොලිස් රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ ලොරි රථය වව්නියාව ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් බැව් අනාවරණය විය. පොලිස් අත්අඩංගුවට ගෙන ඇති රියදුරු වව්නියාව මරත්තන්කුළම ප්‍රදේශයේ පදිචි 26 හැවිරිීදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

ප්‍රදේශයේ උසස් නිලධාරීන්ගේ නියෝග හා කැකිරාව පොලිස් සථානාධීපතිවරයාගේ උපදෙස් අනුව කැකිරාව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධීපතිවරයා ඇතුලු නිලධාරීහු පිරිසක් එම මාරක රිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරති.

එම මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින රියදුරු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



අදහස් (0)

රිය අනතුරකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site