(සමන් පාලිත නානායක්කාර )
බඹරු දෂ්ට කිරීමෙන් අද (29) දහවල් බරපතළ තුවාල ලැබූ හපුතලේ තොටලාගල වත්තේ තේ දළු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් දාහතර දෙනෙකු රෝහල් ගත කළ බව හපුතලේ පොලීසිය කියයි.
ගසක බැඳ තිබූ බඹර කූඩු කීපයක් ඇවිස්සී තේ දළු නෙලමින් සිටි කාන්තාවන් පිරිසට එළව එළවා පහර දී තිබේ.
ඉන් තුවාල ලැබූ කාන්තාවන් දාහතර දෙනකු කඩිනමින් හපුතලේ දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය වූ කාන්තාවන් දෙදෙනකු දියතලාව මූලික රෝහලට මාරු කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd