බ්‍රිතාන්‍යයේ වින්චෙස්ටර් හි නිවසක පාවිච්චි නොකරන කාමරයක ඇඳක බැඳ තිබූ අඩි තුනක් දිග බඹර වදයක් ඉවත්කළ බව හැට්ස්ෆගාර්හි පළිබෝධ පාලක ජෝන් බර්කිට් පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙය තමන්ගේ වසර 45ක වෘත්තීය ජිවිතයේ දුටු විශාලතම බඹර වදය බවයි.
ඔහු පවසන්නේ බඹරුන් කොට්ට හා මෙට්ට සපා විනාශ කර බඹර වදය බැඳ ඇති බවයි. පළිබෝධ පාලකවරයා පවසන්නේ යම් හෙයකින් ගෙහිමි කාන්තාව මෙය ඉවත්කිරිමට උත්සාහ ගත්තේ නම් ඉන් පිටවන බඹරුන් ප්‍රදේශයට ම තර්ජනයක් විය හැකිව තිබුණු බවයි. වදයේ බඹරුන් 5000ට වඩා සිටින්නට ඇති බව ද ඔහුගේ අදසයි.
‘‘ මේ කූඩුව සෑදීමට අවම වශයෙන් මාස තුනක් හෝ ගතවන්නට ඇති. කූඩුව කොටස් දෙකකින් යුක්තයි. එය ඉතා විශාල කූඩුවක්. කාමරයට ඇතුළු වී දොර වසා කෘමිනාශක යොදමින් සතුන් විනාශ කර කූඩුව ඉවත් කළා. “ යැයි පළිබෝධ පාලක කියා සිටියේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.