(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයේදී අද (06) සවස පාපැදියෙන් ගමන් ගත් මවක් හා දරුවකු ලංගම බස් රථයක ගැටීමේන් බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කොට්ටුකච්චිය කච්චිමඩුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මවක් හා 9 හැවිරිදි පිරිමි දරුවෙක් බව පොලිසිය කියයි.
කොට්ටුකච්චිය 10 කනුව මංසන්දියේ උපකාරක පංතියක සිටි දරුවා රැගෙන පාපැදියකින් ගමන් කරමින් සිටි මෙම කාන්තාව කොට්ටුකච්චිය දෙසට ගමන් කරමින් සිටියදී එම දිශාවටම ගමන් කළ පුත්තලම කුරුණෑගල ලංගම බස් රථය පාපැදියේ ගැටී ඇති බව පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වී තිබේ.
අනතුරින් දරුවා මීටර් 20 ක් පමණ දුරකට විසිවී තිබූ අතර මව බරපතල ලෙස අසාධ්‍යව මීටර් 40 ක් පමණ දුරක වැටී සිටි බව පොලිසිය කියයි.
බරපතල තත්වයේ සිටි දරුවා සහ මව ආණමඩුව මූලික රෝහලට රැගෙන ගොස් තිබූ අතර බරපතල තත්වයේ පසුවු මව කුරුණෑගල ශීක්ෂණ රෝහලට මාරු කර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙකු කීය.අනතුරින් පසුව පලා ගොස් සිටි කාර්යාල බස් රථයේ රියදුරා ආණමඩුව පොලිසියට භාර දී තිබුනී.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
976
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංගම බස් රථයේ ගැටුණු මවට - දරුවාට බරපතලයි