(ක.ග.කරුණාරත්න)
මොණරාගල සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට අද (13) අලූයම පොලොන්නරුව ගල්ලෑල්ල ප‍්‍රදේශයේ දී ගල් ප‍්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
අලූයම 1.00 ට පමණ සිදුවී ඇතැයි කියන එම ප‍්‍රහාරයෙන් බස් රථයේ රියැදුරා තුවාල ලබා තිබේ.
ඔහු ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර බස් රථයේ ඉදිරිපස වීදුරුවට ද හානි සිදුවී තිබෙන බව පොලීසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම ගල් ප‍්‍රහාරය එල්ල කළ බව බස් රථයේ රියැදුරා පොලීසියට ප‍්‍රකාශ කර තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙන බව පොලිස් නිලධාරීහු පැවැසූහ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd