(මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කය තුළ පසුගිය දින දෙකක කාලය සිට ඇති වූ අධික වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් අද (11) වන විට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස පහක පවුල් 116 කට අයත් පුද්ගලයින් 551 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් නිවාස 50 කට හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා කීය.
මෙලෙස පීඩාවට පත්ව ඇති පවුල් හා පුද්ගගලයින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙසේයි.
පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිළධාරි වසම් නවයක පවුල් 13 කට අයත් පුද්ගලයින් 58 දෙනෙකුද, කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිළධාරි වසම් දෙකක පවුල් දෙකකට අයත් පුද්ගලයින් අට දෙනෙකුද, පස්බාගේ කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 84 කට අයත් පුද්ගලයින් 414 දෙනෙකුද, පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 10 ක පුද්ගලයින් 45 දෙනෙකුද, උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිළධාරි වසම් හයක පවුල් හතක පුද්ගලයින් 26 දෙනෙකුද පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය තවදුරටත් කීය.
මේ අතර දිස්ත්‍රික්කයේ නිවාස 50 ක් හානියට පත්ව ඇති බවත් එයින් පාතහේවාහැට එක් නිවසකට සම්පූර්ණ හානි සිදුව ඇති බවත් තවත් නිවාස 49 කට අර්ධ හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කළේය.
ඒවගේම සුරක්ෂිත ස්ථාන නවයක පවුල් 80 කට අයත් පුද්ගලයින් 378 දෙනෙකු රැඳී සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තවදුරටත් කීය.
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති සියලු දෙනාට අවශ්‍ය සියලු සහනයන් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කරන බවද ඒ මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
686
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අධික සුළං සහ වැස්සෙන් මහනුවර 551ක් පීඩාවට