IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යතුරු පැදි අනතුරින් අයෙක් මරුට

(දයාරත්න ඇඹෝගම)

යකල්ල,ගල්කුලම මාර්ගයේ කුට්ටිකුලමදි යතුරු පැදි දෙකක් එකිනෙක ගැටිමෙන් යතුරු  පැදි කරුවෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි ගගෙන්බිදුණුවැව පොලිසිය කියයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ සිවලාකුලමේ පදිංචිව සිටි නන්දන රත්නායක(31) නැමති අයෙකි.

මියගිය පුද්ගලයා යතුරු  පැදියෙන් ගල්කුලම සිට යකල්ල දෙසටත් තුවාල ලැබු පුද්ගලයා යකල්ල දෙස සිට ගල්කුලම දෙසටත් යතුරු  පැදියෙන් එමින් සිටියදි කුට්ටිකුලමදි ගැටි ඇතැයි පොලිසිය කියයි.

මෙම අනතුරින් පසුව ඔවුන් දෙදෙනාම පයිරමඩුව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරැව 31 හැවිරිදි පුද්ගලයා මිය ගොස් ඇත.

අනතුරින් තුවාල ලැබු සිවලාකුලමේ පදිංචි 27 හැවිරිදි අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිසියේ ස්ථානාධිපති ඩි.එම්.එස්.ජේ.දිසානායක මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.



අදහස් (0)

යතුරු පැදි අනතුරින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site