IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


හැටන් ඩිපෝවට නව බස් රථ පහක්

(රංජිත් රාජපක්ෂ)

හැටන් ලංගම ඩිපෝව මගින් මිල දී ගත් බස් රථ පහක් එම ඩිපෝවේ නිලධාරීන් වෙත බාරදීම ප්‍රවහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) සිදුකෙරිණි.

නරාහේන්පිට ලංකා ගමනා ගමන මූලස්ථානයේදී නව බස් රථ පහ නිල වශයෙන්  අමාත්‍යවරයා හැටන් ලංගම ඩිපෝවේ නිලධාරීන්ට බාර දෙනු ලැබීය.

මෙම නව බස් රථ වල ජි.පි.එස් තාක්ෂණික උපකරණ සවි කර ඇති අතර මෙම බස් රථ පාරිසරික හිතකාමීව නව තාක්ෂණයෙන් යුතුව නිෂ්පාදනය කර ඇත.

එම බස් රථ හැටන් සිට පොඩයිස් හරහා ඩයගම , හැටන් ඕල්ටන් සාමිමලේ , තලවකැලේ රහන්වත්ත , මඩකුඹුර , කලවැල්දෙණිය යන ප්‍රදේශවලට ධාවන කටයුතු සඳහා යොදවන බව එම ඩිපෝවේ කළමණාකාර අනුර දොඩම්තැන්න මහතා පැවැසීය.

මෙම බස් රථ ලබා දීමේ අවස්ථාවට ප්‍රවහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ජි.එස්.විතානගේ , ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සහ හැටන් ලංගම ඩිපෝවේ නිලධාරින් සහභගි වූහ.



අදහස් (1)

හැටන් ඩිපෝවට නව බස් රථ පහක්

lalith Wednesday, 10 October 2018 09:38 PM

බස්රථ මිල දී අරන් තියෙන්නේ හැටන් ලංගම ඩිපෝ එකේ සල්ලි වලින්. එව්වා දෙන්න යන්නේ හැටන් ඩිපෝ එකේ නිලධාරීන්ට සහ රියදුරු මහත්වරුන්ට. මේ කොහෙද යන ඇමති කෙනෙක් ඒකට මැදට පැනලා උත්සවයක් තියලා බස් ගන්න ගිය ගාන වගේ දෙගුණයක් වියදම් කරලා ලකුණු දාගන්න හදනවා. අම්මපා මේ රටට කවදානම් හරියයිද?

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1003 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site