(මොහොමඩ් ආසික්)
කටාර් රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 27 දෙනෙකුගෙන් මුදල් වංචා කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලසිය පවසයි.
ඇය රැකියා ලබා දෙන බව පවසා රුපියල් 16,20,000 ක මුදලක් වංචා කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු අරඹා ඇතැයිද පොලිසීය සඳහන් කළේය.
කටාර් රාජ්‍යයේ රැකියා ලබා දෙන බව බවසමින් කටුගස්තොට, මාතලේ, තෙල්දෙණිය, උකුවෙල, යක්කල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින් මෙන්ම කාන්තාවන්ද ඇතුළුව පුද්ගලයින් 27 දෙනෙකුගෙන් එක් අයෙකුගෙන් රුපියල් 60,000 ක් බැගින් මුදල් ලබා ගෙන ඇති බව පොලීස් පරික්ෂණවලින් හෙළි වී තිබේ.
මේ සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියට තවත් පැමිණිලි ලැබෙමින් පවතින අතර අත් අඩංගුවට ගත් සැකකාර කාන්තාව අද 12 වනදා මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ අතර කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත සමරකෝන් මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බණ්ඩාර, සැරයන් වජිර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටාර් රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඅඩංගුවට