ජුඩ් සමන්ත
හලාවත මුත්තු මාරි අම්මාන් කොවිල බිඳ එහි දේව ප්‍රතිමාවට පළදවා තිබූ රන් ආභරණ සහ පිං පෙට්ටිය සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.
දේවාලයේ බාරකරු බව කියන සෝනෙයි සින්නතම්බි යන අය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. දේවාලයේ ප්‍රතිමාවට පළඳවා තිබූ රුපියල් 1,84,000 ක් වටිනා රන් අබරණ සහ පිං පෙට්ටිය කිසියම් අයෙකු විසින් සොරකම් කර ඇති බව පැමිණිළිකරු සඳහන් කර ඇත.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.