(වසන්ත චන්ද්‍රපාල)
පොතුවිල් පොලිස් බල ප්‍රදේශයේ, ‘විස්කි පොයින්ට්’ මුහුදේ ගිලෙමින් සිටි තරුණයෙකු බේරාගැනීමට විස්කි පොයින්ට් ඒකකයේ පොලිස් නිලධාරීහු අද(01) සමත්වූහ.
මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ පොතුවිල් ඌරණි ප්‍රදේශයේ පදිංචි සී.ආර්. සදීස් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.
අද දහවල් මෙම තරුණයා මුහුද අසළ ගලකට නැගී මාලු අල්ලමින් සිටියදී, මුහුදට වැටී දිය රළකට හසුවී මුහුදේ මීටර් 200 ක පමණ දුරට ගසා ගෙන ගොස් ගිලෙමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් ඔහුව බේරා ගෙන තිබේ.
මේ දිනවල මුහුද රළුව පවතින බැවින් ජීවිතාරක්ෂක නිලධාරීන්ට මෙම තරුණයා මුහුදෙන් ගොඩ ගැනීමට විනාඩි 20 ක පමණ ගතවී තිබේ. මුහුදෙන් ගොඩට ගත් විගස මෙම තරුණයාට ප්‍රථමාධාර ලබාදී 1919 ගිලන් රථයකින් පොතුවිල් මූලික රෝහලට යවා ඇත.
විස්කි පොයින්ට් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල් (10200) එන්.ජී.නුවන්, පොලිස් කොස්තාපල් (43536) කේ.ජී.සුදත්, පොලිස් කොස්තාපල්(66252) බී.එම්.මහේශ්, පොලිස් කොස්තාපල් (70305) යු.ආර්.එස්.සම්පත් යන නිලධාරීහු මෙම තරුණයා බේරාගත්හ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd