IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කබලෙන් ළිපට වැටුණු නවගත්තේගම වට්ටක්කා ගොවීන්

(ඔගස්ටින් ප්‍රනාන්දු)

            වට්ටක්කා වගා කළ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ගොවීන්ට සාර්ථක අස්වැන්නක් නෙලා ගත හැකි වුවත් මේ වන විට එම වට්ටක්කා සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට නොහැකිවී තිබේ.

නියඟයට මුහුණ දෙමින් වට්ටක්කා  වගා කළත් මේ වන විට එම අස්වැන්න අලෙවි කර ගැනීමට කිසිඳු වැඩපිළිවළක් නොමැති බව ගොවීහු කියති.

ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් ප්‍රධාන නගරවල වෙළඳ පොළවල්  වසා දැමීමත් වෙළෙන්දන් තම ගම්මාන කරා නොපැමිණීමත් හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බව ගොවීහු පැවසූහ.

නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගාමිණිපුර  , කෝන්කඩවල හා ඉගිනිමිටිය යන ගම්මානවල ගොවීන් සිය වට්ටක්කා අස්වැන්න නිවෙස් වග ගොඩ ගසා ගෙන සිටින බවත් වට්ටක්කා කිලෝවක් රුපියල් 35 කටවත් විකුණාගත නොහැකිවී ඇති බවත් ඔවුහු කියති.

ගොවීන්ගේ නිවාස වල වට්ටක්කා කිලෝ 2000 ත් 4000 ත්  අතර ප්‍රමාණයක් ඇති බවත් ඔවුහු පැවසූහ.

මෙවර නවගත්තේගම ගොවීන් වගා කළ වට්ටක්කා විකුණා ගැනීමේ අසීරුතාවක් මතුවී ඇතැයි පැවැසීම සත්‍යයක්. මේ වන විට වට්ටක්කා කිලෝ 40,000 කට වැඩි ප්‍රමාණයක් ගොවීන්ට නෙලා ගත හැකිවී ඇති තියෙනවා. අපි ගැණුම්කරුවන් රැසක් හා කළ සාකච්චාවලින් පසු කිහිපදෙනෙකු කිලෝවක් රුපියල් 40 බැගින් මිලදි ගන්න එකඟවුණා යැයි නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂ බ්‍රයන් ගෝමස් මහතා පැවසීය.



අදහස් (2)

කබලෙන් ළිපට වැටුණු නවගත්තේගම වට්ටක්කා ගොවීන්

de silva Sunday, 12 April 2020 03:54 AM

ජංගම මිලදී ගැනීමේ විකිණීමේ රථ කාර්යසාධක බලකායවල් අපේ පළාතේ නම් දකින්නට නැත. මට පෙනෙන විදිහට එහෙත් නැහැ වගේ ? මේවා ඇත්ත වශයෙන්ම ලංකාවේ ක්‍රියාත්මක වෙනවද ?

:       0       0

rasika Monday, 13 April 2020 10:00 PM

ඇට, පොහොර ,තෙල් සදහා වියදම (ණය) නැත්නම් ප්‍රශ්න නැත. දැන්වත් ගොවි මහතුන් සිතන්න. පසට විස ,වාතයට විස අන්තිමේට බෙහෙත් ගන්න සල්ලි මදි වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site