IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මධ්‍යම පළාත් බස් හිමියන්ට සහන පැකේජය

(යොහාන් භාසුර)

‘කොවිඩ්’ වසංගතයෙන් අපහසුතාවට පත්ව සිටින පෞද්ගලික බස්රථ හිමියන්ට සහන සැළසීම සඳහා ප්‍රවාහන රජ්‍ය අමාත්‍යය ක්‍රියාත්මක කරන ‘සහන පැකේජය’ වැඩසටහනේ පළමු අදියර යටතේ මධ්‍යම පළාත් අන්තර් පළාත් බස් රථ සදහා වවුචර් ප්‍රදානය මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේදී මේ මස 24 වැනිදා පෙරවරු 11.00 ට පැවැත්වේ.

මෙම ‘සහන පැකේජය’ ඔස්සේ බස් රථයක් වෙනුවෙන් අමතර කොටස්, ටයර්, ලිහිසි තෙල් සහ බැටරි මිලදී ගැනීමේදී සහ රක්‍ෂණ සහතිකය ලබාගැනීමේදී වසරකට රුපියල් ලක්‍ෂයක පමණ වට්ටම් ලැබෙන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සෘජු මැදිහත්වීමෙන් අදාල බස්, ටයර්, ලිහිසි තෙල්, සහ රක්‍ෂණ සමාගම් සමඟ සාකච්ඡා කර එම සහන ලබාදුන් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම මහතා පැවසීය.

සහන වවුචරය හිමි බස් රථ හිමියකුට ටයර් මාරුකිරීමේදී දැනට ලැබෙන ටට්ටමට අමතරව ටයර් එකකට රුපියල් 2000 පමණ වට්ටමක් ලැබීමෙන් ටයර් හය මාරුකිරීමේදී රුපියල් 12,000 ක පමණ වටටමක් ලැබෙන බවත් වරකට රුපියල් 4500 ක පමණ වට්ටමක් සමගින් ලිහිසි තෙල් වසරකට තෙවරක් මාරුකිරීමේ අවස්ථාව මෙහිදී ලැබෙන බවත් ශෂි වෙල්ගම මහතා කීය.

අමතර කොටස් මිලදී ගැනීමේදී ලේලන්ඩ් සහ ඩීමෝ යන සමාගම්වලින් දැනට ලබාදෙන වට්ටමට අමතරව සියයට 10 ත් 15 ත් අතර ටට්ටමක් ලබාදීමටත් රක්‍ෂණ ආයතන තුනක් වාර්ෂික රක්‍ෂණයේ දෙවැනි කොටස ගෙවීමේ කාලය මාස හයක් දක්වා දීර්ඝ කිරීමටත් එකඟ වී ඇතැයි ද වෙල්ගම මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත දිලුම් අමුණුගම මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන ඉදිරියේදී පළාත් මට්ටමින් සමස්ත දිවයින ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම අමාත්‍යංශයේ ලේකම් එස්.එම්.ඩී.එල්.ඩී. අල්විස් මහතා පැවසීය.

 



අදහස් (0)

මධ්‍යම පළාත් බස් හිමියන්ට සහන පැකේජය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site