IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නැතිවූ මුදල් පසුම්බිය විදේශිකයා අතටම බාරදෙයි

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

රුපියල්  3,60,000ක් පමණ වටිනා විදේශීය මුදල් සහිත පසුම්බියක්  ත්‍රිරෝද රථයේ තිබී  අයිතිකාර විදේශිකයා රැඳී සිටින හෝටලයටම  ගොස් විදේශිකයාට ලබාදුන්  ආදර්ශමත්   ත්‍රිරෝද රථ රියැදුරකු  ඊයේ (02) රාත්‍රියේ දඹුල්ල නගරයේදී අපට හමුවිණි. ඔහු නමින් සුනිල් ශාන්ත මහතාය.

ඉතාලි ජාතිකයෙකු ක්ලුකස් නැමැති සංචාරකයකු  ඊයේ (02) පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයට පැමිණ සීගිරි - දඹුලු සංචාරය කොට දඹුල්ල නගරයේ ත්‍රිරෝද රථයකට නැග  ලැගුම්හලට හා රාත්‍රී ආහාර ගැනීමට ගමන්කර තිබේ.
ඒ දඹුල්ල නගර මධ්‍යයේ  ත්‍රිරෝද රථ රියදුරෙකු වූ සුනිල් ශාන්ත මහතාගේ ත්‍රිරෝද රථයෙන් මෙම විදේශිකයා ගමන් අවශ්‍යතා සපුරා දී   සුනිල් මහතා සිය නිවසට ගොස්  පැයක පමණ කාලයක් ගත කිරීමෙන් පසු නැවතත් රාත්‍රියේ දඹුල්ල නගරයට පැමිණ ඇත්තේ සිය නිවසට අවැසි බඩුමුට්ටු ලබාගැනීම සඳහාය.

පසුව ඔහු ඉන්ධන පිරවුම් හලකට යන අවස්ථාවේදී සිය ත්‍රීරෝද රථයේ ඇතුළත බිම මෙම මුදල් පසුම්බිය වැටී තිබෙනු දැක ඇත.

මෙම මුදල් පසුම්බිය අතට ගෙන විවෘත කර බැලූ ඔහු දැක ඇත්තේ විදේශීය මුදල් නෝට්ටු රැසකි. එහි යූරෝ මුදල් නෝට්ටු විය. වටිනාකම රුපියල්  3,60,000 කට ආසන්න මුදලක් බව ත්‍රීරෝද රථ රියදුරු කීවේය.

පසුව මෙම මුදල් පසුම්බිය තමා සමග පස්වරුවේ ගමන් කළ විදේශිකයාගේ විය යුතු යැයි සැක සිතූ ඔහු විදේශිකයා රැඳී සිටි ලැගුම්හලට ගියේය.

එවිට ලැගුම්හලේද ගේට්ටු වසා දමාතබිණි.   සංචාරක ලැගුම්හලේ අයිතිකරුට කතාකොට විදේශිකයා   ලැගුම් ගෙන සිටින කාමරයට ගොස් ඔහුට කතා කොට මුදල් පසුම්බිය සුනිල් ශාන්ත මහතා පෙන්වීය.

එ වනවිටද  තම මුදල් පසුම්බිය නොමැති බව ඔහු නොදැන සිටීයේය.  දැඩි විමතියට පත්වූ ඔහු ඉතාලි ජාතිකයා ත්‍රිරෝද රථ රියදුරු සුනිල් ශාන්ත මහතාට සිය ස්තුතිය, කෘතඥතාවය පළකළේය.

ලුකස් නම් වූ මෙම ඉතාලි ජාතිකයා කීවේ තමා සතුව තිබූ සම්පූර්ණ මුදල තිබුණු බව පරික්ෂා කිරීමෙන් සහතික කළේය.   තමා මෙදින කොළඹට පැමිණ මුදලක්  ලංකා මුදල් කරගෙන එම මුදල වියදම් කළද තමන් එමරටින් රැගෙන ආ මුදල් මාරු නොකොට ළඟ තබාගෙන සිටි බව කිවේය. මෙම මුදල් අහිමි වූයේ නම් තමාගේ නිවාඩුව  සිහිනයක් වන බව හෙතෙම සුනිල් ශාන්ත මහතා වැළඳගනිමින් කීවේය.

මෙම සංචාරක නිවාඩු නිකේතන හිමිකරු ද කියා සිටියේ  ත්‍රිරෝද රථ රියදුරෙකු සිදුකළ මේ ක්‍රියාව අගය කළයුතු බවයි.



අදහස් (1)

නැතිවූ මුදල් පසුම්බිය විදේශිකයා අතටම බාරදෙයි

wimal Saturday, 03 August 2019 05:38 AM

ලංකාවේ සියලුම ත්‍රීවිල් රියදුරුලා මෙහෙම තමයි. දුප්පත් උනාට හිත පිරිසිදුයි. මේක අපේ රටටම උපහාරයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site