
(රොමේෂ් මධුෂංඛ)
යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලිස් වසමේ අරාලි දකුණ ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක තිබූ බෝම්බ දෙකක් තිබී සොයාගත් බවට වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පවසයි.
ඉඩම් හිමියා විසින් සිය ඉඩම එලිපෙහෙලි කරන අවස්ථාවේදී එක් බෝම්බයක් දැක ඒ බව වඩුක්කොඩ්ඩෙයි පොලීසියට දැනුම් දී ඇත.
පසුව පොලීසිය අදාල ස්ථනයට පැමිණ සිදුකරන ලද සෝදිසියකදී තවත් බෝම්බයක් තිබී සොයාගනු ලැබීය.
අදාල බෝම්බ යුද සමයේදී භාවිතා කෙරුණු කාලතුවක්කු උණ්ඩ බවට සැක පලවී ඇති අතර සොයාගත් බෝම්බ අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂකාර්ය බලකායේ සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද වඩුක්කොඩ්ඩෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.