IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වල්අලි බැදිවැව ගම්මානයට කඩා වැදී කලබල කරති


 
 
(ක.ග. කරුණාරත්න)

පොලොන්නරුව බැදිවැව ප්‍රදේශයට අද (7) කඩා වැදුණු වල් අලියකු ගම්මුන් බිය වද්දමින් විශාල කලබලයක් කර ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
 
පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගය අසල පිහිටි සිල්ලර වෙළඳසැළකට කඩා වැදුණු අලියා එහි තිබූ පාන් පිටි සහ වෙනත් ද්‍රව්‍ය ආහාරයට ගෙන  ඇති අතර ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයකට ද පහර දීමට   උත්සාහ කර ඇත.
 
පසුව ගම්වාසීන් විසින් අලියා නැවත පරාක්‍රම සමුද්‍රයේ වැව් රක්‍ෂිතයට පලවා හැර ඇත.

පරාක්‍රම සමුද්‍රය ඉහැත්තෑවේ පිහිටි කැළෑවේ වෙසෙන මේ අලියා බැදිවැව ගම්මානය වෙත අද (7) අලුයම පැමිණ ඇත්තේ ආරක්‍ෂක විදුලි වැටද පෙරළා ගෙන බව ගම්මු කියති. 

මහජනතාවගේ මෙන්ම මේ අලියාගේ ද ආරක්‍ෂාව වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් යොදන්නැයි මහජනතාව වනජීවි නිළධාරීන්ගෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

වල්අලි බැදිවැව ගම්මානයට කඩා වැදී කලබල කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site