IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැලිකඩ බන්ධනාගාරයට සැක සහිත පෙති ගෙනයාමට තැත්කළ ජේලර්වරියක් අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

වැලිකඩ බන්ධනාර කාන්තා අංශයට  සැක  සහිත පෙති කිහිපයක් රැගෙන යාමට උත්සහ  කළ ජේලර්වරියක් ඊයේ (16) අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා  අංශයට   ඇතුළුවන  කාන්තා  රැඳවියන් සහ නිලධාරීණියන්  විශේෂ කාර්ය බලකා නිලධාරිනියන් පරීක්ෂාවට ලක් කිරීමේදී  සැකකාර  ජේලර්වරිය සන්තකයේ තබාගෙන සිටි  පෙති කිහිපයක් එකවරම කටට දමා ගෙන ඇති බවත්,   විශේෂ කාර්ය  බලකා නිලධාරිනිය මහත් පරිශ්‍රමයක් යොදා ඒවා ඉවතට ගෙන ඇත.

මෙම  පෙති කුමක්ද යන්න මෙතෙක් හෙළි වී නොමැත.

සැකකාරිය  අත්අඩංගුවට ගෙන ඇති අතර, පෙති  වර්ගය හඳුනා ගැනීම සඳහා රෝහලට  ඉදිරිපත් කර ඇත.



අදහස් (0)

වැලිකඩ බන්ධනාගාරයට සැක සහිත පෙති ගෙනයාමට තැත්කළ ජේලර්වරියක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 297 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site